ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපිලේඛන භාරදී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් අද (13) පස්වරුවේ එම ලිපිලේඛන ගෙනැවිත් භාරදී ඇත.
රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පෙරවරුවේ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී අසුන හිස්වී තිබුණි.










