• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්නිල ඇත්තනුත් නිර්මාංශ කළ වන්නියේ මහඇත්තී!

September 13, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
වන්නිල ඇත්තනුත් නිර්මාංශ කළ වන්නියේ මහඇත්තී!
Share on WhatsAppShare on Facebook

ඈත වනාන්තරවල තමන්ගෙ ජීවිත ගෙවපු ආදිවාසීන් අද වෙනකොට ගම්මාන කිට්ටුවට ඇවිල්ලා. මේක දේශපාලන කෙරුවාවක ප්‍රතිඵලයක් විදියටයි අපි දකින්නේ. කොහොම නමුත් අද වෙනකොට රැහේ මහ හූරා පදිංචි වෙලා ඉන්න මහ ගෙදර මට නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි. කොහොමත් ආදිවාසී ගම්මානය, මේ ලියුම්කරු වන මම නොගිය තැනක් නෙවෙයි. මම නිතර දෙවේලේ ඔය ගේ දොරවල, ඔය වනාන්තරවල, දඩමංවල, වැව් පිටිවල කරක්ගහල තියෙනවා, ආදිවාසී සහෝදරවරුත් එක්ක. ඒ නිසාම රැහේ මහ ගෙදරට ගිහිල්ලා රැහේ මහ ගෙදර රැජින වෙලා හිටපු වන්නියලා ඇත්තන්ගේ හාමිනේ එක්ක කතාබහ කරන්නත් මට බොහෝ විට අවස්ථාව ලැබිලා තියෙනවා.
සාමාන්‍යයෙන් මේ හීංමැණිකා අම්මා කියන්නේ නිතර කතාබහ කරන වැඩි බජනෙට එන කෙනෙක් නෙවෙයි. මහ ගෙදර ආලින්දයේදි දකින්න නොලැබුණාට පිටිපස්ස පැත්තේ තියෙන බේත් කොටන, නැත්නම් මුවපොව්වා ජීවත් වෙන ඉසව්වෙදි ඈ නිතරම අපට දකින්න ලැබෙනවා. වැඩිය උසමහත නැති මේ කළු මිටි ශක්තිමත් කාන්තාව බොහෝ විට ආදිවාසී නායකයාගෙ හෙවනැල්ල වගේ හිටියා කියලයි අපි දන්නේ. කොහොම නමුත් මේ ලියන මොහොත වන විට ඇයත් ජීවතුන් අතර නෑ.
ගතවුණු සති කිහිපය ඇතුළත කොවිඩ් නිසා මියගිය පුද්ගලයන් සම්බන්ධව මම ලියන මේ කීවැනි ලිපියද කියලා මතක නැති වුණත්, එහෙම ලිපි හැම සතියකම වගේ ලියන්න සිදුවීමේ අභාග්‍යය මමත් අත්විඳිනවා.

වන්නියලා ඇත්තන්ගෙ බිරියට කොවිඩ් ආසාදනය වෙලා කියලා දැනගත්තු ගමන් මම, වන්නියලා ඇත්තන්ගේ මුණුබුරෙක් වෙන සඳුන්ව සම්බන්ධ කරගත්තා. ඔහුට මුලින් කොවිඩ් ආසාදනය වෙලා නොතිබුණත්, මේ සතියේ අවසාන භාගය වන විට ඔහුත් ඉන්නේ කොවිඩ් ආසාදිතව. වන්නියලා ඇත්තන්ගේ පුතුන් ඇතුළු බොහෝ දෙනෙක් කොවිඩ් ආසාදිත වෙලා සුවය ලබන්නේ මේ සති අන්තයේ. මේ වෙනකොට ආදිවාසී ගම්මානයේ වැඩි ප්‍රමාණයක් කොවිඩ් නිසා රෝගාතුර වෙලා. ඉතින් අපි සඳුන් එක්ක මේ ආච්චි අම්මා ගැන, නැත්නම් මේ රැජින ගැන කතා කළා.

ඔහු කියන විදියට මුන්දෑ මස් මාංශවලින් තොර කෙනෙක්. ඒ වගේම ආච්චි අම්මාගෙ ගෙදර මුට්ටියෙ බත් නැති වෙලාවක් නෑ කියලයි මේ දරුවො කියන්නේ. ඒ වගේම හැලප, කිරි අළුවා, අග්ගලා, පැණි අළුවා, හකුරු දෝසි වගේ කෑම නිතර දෙවේලෙ හදලා තමන්ගෙ දරු මුණුබුරෝ වටකරගෙන ඒගොල්ලන්ට මේ පැණිරහ කෑම දෙන එක උන්දැගෙ විනෝදාංශයක් වෙලා තිබුණු දෙයක්. මුළු ආදිවාසි ගම්මානයම පොඩි දරුවො වගේ හඬාවැටුණේ මේ ආදිවාසී රැහේ උන්නු රැජින සමුගෙන යන මොහොතේ. ඒ වගේම මේ සමුගැනීම වන්නියලා ඇත්තන්ටත් දරාගන්න බැරි වේදනාවක් කියලා වන්නියලා ඇත්තන්ගේ රැහේ වංහුං දන්න ලියුම්කරුට හොඳටම පැහැදිලියි.

ඒ වගේම වන්නියලා ඇත්තන්ගේ කතන්දරවලත් අපට බොහෝ විට මේ ආදරය මුණගැහෙනවා. එක වෙලාවක පැටව් දාන්න හිටපු ඊරියකට වන්නියලා ඇත්තො විද්දාය කියලා මොකක්දෝ අමනාපයක් ඇතිකරගත්ත හැටි, ඒ වගේම ඒ අමනාපය හේතුවෙන් වන්නියලා ඇත්තො පවා සදාකාලයටම මස් මාංශයෙන් තොර වෙච්ච හැටි, මස් මාංශයෙන් තොර කරුණාවන්ත වන්නියලා ඇත්තො ළඟට මුවපොව්වෙක් ඇවිත් කාලය ගතකරන තත්ත්වයට පත්වෙච්ච හැටි… මේ සියල්ලම පිටිපස්සේ ඉන්නේ රැහේ මහ රැජින වෙලා හිටපු හීං මැණිකේ අත්තම්මා. ඒත් අද වෙනකොට ආදි රැහේ රැජින සමුගෙන ගිහිල්ලා ඉවරයි.

ඌරුවරිගෙ මුතුබණ්ඩා උන්නැහේගෙ දියණිය හිරුණි, ඒ ගැන කියන්නේ මෙහෙම.

‘අපේ ආච්චි අම්මා කියන විදියට අපි සොබාදහමෙ දරුවො. මං හිරුණි. මගේ මල්ලි හිම්හාන්. කමල්, සහේලි, නුවන්, සඳුන් මේ විදියේ දොළොස් දෙනෙක් ඉන්නවා. අපි හැමෝම එකා වගේ ඉන්නවා. ආච්චි අම්මා කියලා දීලා තියෙන්නේ තනි කෝටුවකට වැඩිය කෝටු ගොඩක් එකට තියපු දර මිටියක හයිය වැඩියි කියලා….’

මේ විදියට තමයි හිරුණි සමුගෙන ගිය ආච්චි අම්මා ගැන කියන්නේ.

‘හිරුණි උඹේ නමේ මහා ලොකු හයියක් තියෙනවා. ඉර තමයි මේ ලෝකෙ රඳා තියෙන්න උදව් කරන්න. එකම හයිය එළිය, රස්නෙ වගේම මේ ලෝකෙ විස නසන දෙවියො තමයි ඉර. මේ විදියට තමයි හීං මැණිකෙ අත්තම්මා හිරුණිට, හිරුණි ගැන පුංචි කාලෙ කියලා තියෙන්නේ. කොහොම නමුත් හිරුණිලාව, සඳුන්ලාව මේ වෙනකොට වන්නි වනාන්තරේ තනිකරලා දාලා මේ මහා වනස්පති හෙවනේ හිටපු මහා කාන්තාව සමුගෙන ගිහිල්ලා.

‘වනස්පති උරණවෙලා’ කියලා වනාන්තරයෙන් බිහිවෙච්ච සඳුන්ගෙ අම්මගෙ පොත ගැන මේ වන්නි වනාන්තරේ මහ රැජින බොහොම සතුටින් හිටියාය කියලයි ආදිවාසී රැහේ ඇත්තො කියන්නේ.

කොහොම නමුත් මේ මහ රැජින සමුගෙන යන්නෙත් කොවිඩ් වසංගතය නිසාවෙන්. මහනුවර රෝහලේදී සදහටම දෑස් පියාගන්න හීං මැණිකෙගෙ මෘත දේහය දඹානට අරගෙන ඇවිල්ලා සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රානුකූලව නොවුණත් අවසන් කටයුතු සිදුකරනවා. සාමාන්‍යයෙන් ආදිවාසී ඇත්තන්ගෙ අවසන් සිදුකරන්නේ හික් ගහේ පොත්තෙන් හදපු මිනී පෙට්ටියකට සමාන දේකින්. නමුත් ඒ විදියට හික් ගහේ පොත්තෙන් හදපු මෘත ශරීරය බහාලන පෙට්ටියක් නොතිබුණත්, හීං මැණිකෙ අත්තම්මට පුළුවන් විදියට අවසන් ගෞරව දක්වලා වන්නියලා ඇත්තො කිව්වේ එකම එක කතාවක්. ඒ තමයි, දැන්වත් පියවරක් ගන්න කියලා. මේක දරාගන්න බැරි වේදනාවක්. දැන්වත් මේ වසංගතය මර්දනය කරමු අපි එකතු වෙලා. මේ කෙටේරිය උරේ එල්ලාගෙන ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇඳගෙන හිටපු අපේ ආදි රැහේ රජ්ජුරුවො කියපු කතාවත් අපි අහමු කියලයි අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නේ. සඳුන්ලා කියන විදියට මොන තරම් ලෙඩක් දුකක් තෙහෙට්ටුවක් තිබ්බත් කිසිම දවසක වන්නියලා ඇත්තන්ගෙ යුතුකම් තමන්ගෙ දෑතින් ඉෂ්ට කරන්න මේ හීං මැණිකෙ අතහැරියෙ නෑ. ඒත් මේ වෙනකොට මහ වනස්පතිය හුදකලාකරලා ඒ වටා එතිලා තිබිච්ච ලතාව සමුගෙන ගිහිල්ලා. මේ ලිපිය අවසානයෙ කියන්න තියෙන්නේ හැමදාම ලියන ලිපිය අවසානෙ කියන කතාවම තමයි.

මේ කොවිඩ් වසංගතය කියලා කියන්නේ කවුද, කින්ද මන්ද නොබලා නොසොයා ගෙදරට ගොඩවෙන එකක්. මේ වෙනකොට අපේ රටේ හිටපු ප්‍රධාන මට්ටමේ පුරවැසියො ඇතුළුව දස දහසකට වැඩි ප්‍රමාණයක් අපෙන් සමුගෙන ගිහිල්ලා ඉවරයි. හිටපු ඇමැති මංගල, සිරස නාලිකාවේ හිමිකරු වෙච්ච කෝටිපති ව්‍යාපාරික කිලී මහාරාජා, පත්තර කලාව උඩු යටිකුරු කළ දැවැන්තයකු වූ එල්මෝ ගුණරත්නයන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, කුඩා දරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මේ වෙද්දි අපෙන් සමුගෙන ගිහිල්ලා. ඒ ලැයිස්තුවට ආදිවාසී රැහේ හිටපු ප්‍රධාන මහ රැජිනත් එකතු වුණා. මේ ආදිවාසීන්ගේ පණිවුඩය එන රාත්‍රියට පසුදා පහන් වෙන්නේ ලංකාවෙ හිටපු දැවැන්ත සංගීතඥයකු වගේම එක්තරා පුරාවෘත්තයක් වෙච්ච සුනිල් පෙරේරා ගායකයාත් කොවිඩ් වසංගතය විසින් රැගෙන ගිය බවට ආරංචිය අපට දීලා. ඒ නිසා කොවිඩ් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ගෙන් ඈත් වෙලා වනාන්තරයෙ දිවි ගෙවන, අලි වැටකින් ඇතුළේ තමන්ගෙ ජීවිතය පවත්වාගෙන යන ආදිවාසී රැහේ ඇත්තන්ටත් ජීවිත පරිස්සම් කරගන්න බැරි වුණා නම් මේ නාගරික පරිසරයෙ ජීවත් වෙන අපට කාගෙ පිළිසරණක්ද කියලා මේ ලිපිය අවසන් කරන්න හිතෙනවා.

හැබැයි එහෙම අවසන් කරලත් තව කතාවක් කියන්නම්. ඒක තමයි ආයතන ප්‍රධානීනි, ආයතන හිමිකරුවනි, ඔබේ ආයතනය, ඔබේ ඉලක්ක වෙත රැගෙන යද්දී ඔබ ගාව සේවය කරන සේවකයන්ගෙ ගේදොරවල මිනිස්සු ජීවිතවලින් සමුගෙන ගිහින් නම් ඒ ආයතනයෙ ඉලක්ක වෙත ගිහිල්ලා වැඩක් නෑ. මොකද ඔබට ඒ පවෙන්, ඒ දුකෙන් මිදෙන්න බෑ කියන එක කවදාවත් ඔබට අමතක කරන්න බැරි වේවි. ඒ නිසා ආයතනවල ඉලක්ක ටිකක් පස්සට දාන්න. මිනිසුන්ගෙ ජීවිත පරිස්සම් කරන එකට මුල් තැන දෙන්න. මොකද මේකෙන් පරිස්සම් වෙන්න නම් කරන්න ඕනෙ මේ දේවල් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කොච්චර කිව්වත්, සෞඛ්‍ය අංශවල නිර්දේශ කොච්චර ලැබුණත් අපට තවමත් මේ කොවිඩ් වසංගතය අඳුනගන්න බැරිවෙලා කියන එක මම හිතනවා ඔබ විශ්වාස කරයි කියලා.

කොවිඩ් වසංගතය ලෝකෙට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගතවෙලා තිබුණත් අපි කොවිඩ් කියන්නෙ මොකක්ද කියලවත් තවමත් අඳුනගෙන නැහැ. ඒ නිසා කොවිඩ් බෝවෙන්නෙ කොහොමද, කොවිඩ් වැලඳුනාම ඇතිවන සංකූලතා මොනවද, කොවිඩ් වලඳුනාම ඒකට මුහුණ දෙන්න ඕනෙ කොහොමද කියන එක සම්බන්ධව නිශ්චිත පිළිතුරක් නැති මේ වසංගතය අපේ රටේ ප්‍රබල දේශපාලකයො, ප්‍රබල ව්‍යාපාරිකයො, ප්‍රබල සංගීතඥයො, ප්‍රබල මිනිස්සු ගොඩක් අරගෙන යන්න පුළුවන් නම් මේ දුර්වල මිනිසුන්ට ඒකට මුහුණ දෙන්න බෑ කියන එක සියලු සත්වයන්ට තේරේවා, වැටහේවා, අවබෝධ වේවා යැයි කියලා මේ ලිපිය අවසන් කරනවා. ඒත් මම දන්නවා මම මේ ලිපිය ලියන දවසේ සිට ඔබ මේ ලිපිය කියවන දවස දක්වා තවත් ආදරණීයයන් හය හත්සීයක්වත් අපට අහිමි වෙලා තියේවි. සමහර විට ඒ, ඔබේ හෝ මගේ ආදරණීයයන් විය හැකියි. ඒ නිසා මේ ගතවෙන්නේ ඉතා නරක කාලයක්. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මළගෙවල් දස දහසක් මේ රටේ සිද්ධ වෙලා ඉවරයි. සුදු කොඩි නැති, පාවඩ නැති, අවසන් ගෞරව නැති, සමහර වෙලාවට පාංසකූලයක් පවා නැති මළ සිරුරු තවමත් මෘත ශරීරාගාරවල හුදෙකලා වෙලා තියෙනවා. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න. නෑයකුන් අතරට එක්වෙලා වනාන්තරේ හක්කලං කරන ආදිවාසීන්ගේ දුක සතුට බලන්න හීං මැණිකෙ අත්තම්මත් ඒවි. අපිත් ඉඩ ලැබුණු දවසක ඇවිල්ල යනවා. හීං මැණිකෙ අත්තම්මගෙ අවසන් කටයුතු කරපු සොහොනට අපේ ගෞරවය පුදකරනවා. එතෙක් හිත මිතුරු ආදිවාසී යහළු යෙහෙළියනි, ඔබට අපේ හෘදයාංගම කනගාටුව…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මේසය උඩ ඔළුව තියාගත්ත SI ‌එහෙම්මම මැරිලා!

Next Post

මහබැංකුවේ තීන්දුවට ගීතාගේ විරෝධය!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.