පොලොන්නරුවේ ගොවි ජනතාව සමග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැති සාකච්ජාවකදී උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.
මෙහිදී ගොවි ජනතාව තම ප්‍රශ්න ඇතුළත් ලිපියක් නාමල් රාජපක්ෂ මහතාට බාරදීමත් සමග මෙම උණුසුම මතුව තිබේ.
ගොවි ජනතාව කියා සිටියේ රුපියල් 60ට වී ලබා දීමෙන් විශාල පාඩුවක් සිදුවන බවකි.
මෙහිදී අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත් යන මහත්වරුන් අතරද කිසියම් වචන හුවමාරුවක් සිදුවිය.










