අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ රැදී සිටීයදී පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.
මෙම විරෝධතාව හෙට (12) සවස 3ට ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන බව දැනගන්නට තිබේ.
අගමැතිවරයා රැදී සිටින්නේද බොලොඤ්ඤා නගරයේය.











