ගුවන් යානා කාර්ය මණ්ඩල දැනට කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිත කරන ආරක්ෂක ඇඟලුම (PPE kits) රුසියානු සංචාරකයන් වෙනුවෙන් ඉවත්කරන ලෙසට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය සිදුකර ඇති ඉල්ලීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය විරෝධය පළකර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල
ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාර්ලි
ප්‍රනාන්දු ඉහත ඉල්ලීම කර ඇති බව මීට පෙර වාර්තා වී තිබිණ.
කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා
වයිරසය වැලඳීමේ අවදානමක් ඇති බැවින් එවැනි
නීතියක් පැනවුවහොත් වෘත්තීය සමිති පියවර ගන්නා
බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරින් මේ වනවිට දැනුම් දී ඇත.










