අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර තිබේ.
උදිත් ලොකුබණ්ඩාර මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අරලියගහ මන්දිරයේ දී ලබා ගත්තේය.
උදිත් සංජය ලොකුබණ්ඩාර මහතා කෘතහස්ත දේශපාලඥයකු වූ විජමු ලොකුබණ්ඩාර මහතාගේ දෙටු පුත්‍රයාය. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදිත් ලොකුබණ්ඩාර මහතා 2015 වර්ෂය දක්වා 7වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.










