ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර 50ක් පත්කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මහතා හට පසුගිය කාලයේදී ගැසට් කරන ලද නව ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සදහා මෙසේ මන්ත්‍රීවරුන් 50ක් පත් කිරීමට ඒ අනුව යෝජනා වී ඇත.
ඉකුත් දෙදින තුළ පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සාකච්ජා කොට ඇති බවද දැනගන්නට තිබේ.










