කොවිඩ් අවදානම සැලකිල්ලට ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන් 4වන මට්ටමේ එනම් ඉහළම අවදානම් රටවල් අතරට නම් කරමින් ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෘනායි යන රටවල් ද අමෙරිකාව විසින් ඉහළ අවදානම් රටවල් අතරට ඇතුළත් කර තිබේ.
අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු වියයුතු බව අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට ද වෛරසය ආසාදනය වීමේ හැකියාව මෙන්ම පැතිරවීමේ හැකියාව ද පවතින බව ඔවුන් පෙන්වාදී තිබේ.









