ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියානු හමුදා නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ ඇත.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කලාපයේ විශාලතම ද්විපාර්ශ්වික හමුදා අභ්‍යාසය වන මිත්‍ර ශක්ති ඇතුළු ද්වීපාර්ශවික ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ මාර්ග සිතියම සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායම පැමිණ ඇති බවකි.










