පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව යළිත් වතාවක් මහබැංකු අධිපති ධූරය බාර ගැනීමට සූදානමින් සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන්ට එම තනතුරේදීත් ‘කැබිනට් අමාත්‍ය’ ධූරයට හිමි වරප්‍රසාද ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
චීනය, සිංගප්පූරුව සහ වියට්නාමය යන රටවල මේ ආකාරයෙන් මහබැංකු අධිපතිවරුන්ට කැබිනට් වරප්‍රසාද ලබා දී ඇති බවද ඒ මහතා ආණ්ඩුවට දැනුම් දී ඇති බවද සදහන්ය.
කෙසේවෙතත් මේ ආකාරයටම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන මිලින්ද මොරගොඩ මහතාද තමන්ට කැබිනට් බලතල සහිතව එම තනතුර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබිණ.
ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් බලතල සහිතව මොරගොඩ මහතා එම තනතුරට පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණ.










