විදේශීය රටවල්වලින් පරිත්‍යාග ලෙස ලබා දෙන එන්නත් ප්‍රමාණය හෝ සංවිධානාත්මකව පිළිවෙළකට ජනතාව අතරේ ලබාදීමට ආණ්ඩුව අසමත්ව ඇතැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.
”කොරෝනා මර්දන එන්නත හැටියට නෙමෙයි, අද මේක හඳුන්වන්න සිද්ධ වෙලා තියෙන්නෙ කොරෝනා වර්ධන එන්නත හැටියට තමයි මේක හඳුන්වන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඇයි. ජනතාව කොරෝනා එන්නත ගන්න පොදි ගැහිලා පෝලිම් ගැහිලා රණ්ඩු වෙවී එක පොදියට ගුලි වෙලා අපිට පේනවා මේ එන්නත ගන්න දරන උත්සාහය”
හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ, රටේ සෑම කර්මාන්තයක් ම දිනෙන් දින බිඳ වැටෙමින් ඇති බව ත් ආණ්ඩුව සාර්ථකව කරගෙන යන එකම ෆැක්ටරිය සල්ලි අච්චු ගහන ෆැක්ටරිය බවත් ය.
”මේ රටේ හැම කර්මාන්තයක් ම දවසින් දවස බිඳ වැටෙමින් තිබෙන්නේ. ආණ්ඩුව සාර්ථකව කරගෙන යන්නේ එකම එක factory එකයි ඒ තමයි සල්ලි අච්චු ගහන ෆැක්ටරිය”










