කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ වෙනත් රටවල අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ටු” නමැති ඖෂධය සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය පරීක්ෂකයින්ද සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.
මෙරට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර ද ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ මෙම ඖෂධය මගින් කොරෝනා මරණ අඩු කරගත හැකි බවයි.
විශේෂයෙන්ම දැඩි අවදානමක් සහිත කොරෝනා ආසාදිතයින්ගේ ජීවිත බේරා ගැනීමට එම ඖෂධය ඉවහල් වනු ඇති බව ඔහු නිර්දේශ කර ඇත.
එම ඖෂධය ලබාගන්නා පුද්ගලයින්ගෙන් සෙසු පුද්ගලයින්ට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම වන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.
“රෙගන් කෝව් ටු” නමැති ඖෂධය හරහා කොරෝනා මරණ මෙන්ම ආසාදිතයින් වාර්තා වීම ද අඩුකරගත හැකි බව ඔහුගේ අදහස වී තිබේ.
A treatment made up of a combination of two neutralizing antibodies against the SARS-CoV-2 spike protein (REGEN-COV) has been shown to reduce the rates of hospitalization or death in patients with COVID-19. https://t.co/RwlcUS2xBA
— Chandima Jeewandara (@chandi2012) August 18, 2021










