• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැසට් එක රිවස් කරලා ගජමිතුරු සමාගමකට බිලියන 10ක කෘෂි රසායන ගේන්න දෙන්න හදනවා! මනූෂගෙන් හෙළිදරව්වක්! (VIDEO)

August 26, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
මන්ත්‍රී දඩයම පටන් ගත්තා! වීරසේකර ගැන කළ හෙළිදරව්වෙන් පසු පොලිසිය මනූෂ පස්සේ පන්නයි!  (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය හරහා රිවස් කරමින් කෘෂි රසායන ගෙන්වීමට එක් සමාගකට අවසර ලබාදීමට සූදානම් වන බවත්, ආණ්ඩුව යළිත් වරක් ගජ මිතුරන්ට සැලකීමට උත්සාහ ගනිමින් සිටින්නේදැයි ප‍්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක් අතරින් එක් සමාගමකට පමණක් රුපියල් බිලියන 10ක් වටිනා රසායන ගෙන්වීමට අවසර දෙන්නේ කාගේ අවශ්‍යතාවය අනුවදැයි අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ඔහු ප‍්‍රශ්ණ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

ජාතික ආරක්ෂාව පෙන්නලා බලයට ඇවිත් මේ වන විට මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නැති වෙලා. මිනිස් ජිවිත නොවටිනාගානට ජීවිත අහිමිවෙමින් තිබෙන විට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය බරපතල අර්බුදයකට ලක්වෙලා.

පොහොර සම්බන්ධයෙන් අත්තනෝමතික තීන්දුවක් ගනිපු නිසාම ආහාර සුරක්ෂිතතාවය පිළිබද බරපතල අර්බුදයක් ඇතිවෙලා. අද වන විට මොනරාගල, අම්පාර, උතුරු මැද පළාතේ බඩ ඉරිගු ගොවියා ඊළග කන්නයේ වගා කිරීම ගැන කල්පනා කරනවා. තේ වගාකරුවා තවදුරටත් තේ වගාව පත්වාගෙන යනවාද කියලා හිතනවා. හෙට දවසේදී වී වගාවක කරනවාද කියලා වී ගොවියා නැවත වරක් සිතමින් ඉන්නවා.

ව්‍යාපාර කෘෂිකර්මාන්තය කරන බඩ ඉරිගු ගොවීන්ට බරපතල ගැටලුවක් ඇතිවෙලා. බඩ ඉරිගු කද තමයි සත්ව ආහාර ලෙස යොදාගන්නේ. ලබන අවුරුද්ද වන විට හරක්ට ආහාර ලෙස බඩඉරිගු කදන් නැතිවෙලා කිරි නිෂ්පාදනයටත් බලපෑම් එන්න පුලුවන්. එවිට මේ රටේ කිරි නිෂ්පාදනයත් පහළ ගිහින් බරපතල ප‍්‍රශ්ණයක් ඇතිවෙනවා.

වසරකට කෘෂි අපනයනයෙන් ඩොලර් බිලියන දෙකයි දශම පහක ආදායමක් ලැබෙනවා. මේ ආදායම අහිමි කරගැනිමටද ආණ්ඩුව සූදානම් වෙන්නේ.

ආණ්ඩුව පසුගිය දවසේ පකිස්ථානයෙන් හාල් අරගෙන ආවා. බැර ලෝහ තියෙන නිසා ජනතාව ලෙඩ වෙනවා කියලා රසායනික පොහොර තහනම් කළා. දැන් මේ විදියට පකිස්ථානයෙන් ගෙනාවේ කාබනික සහල්ද? ඒ සහල්වල බැර ලෝහ නැද්ද? ආණ්ඩුව ජනතාව වකුගඩු රෝගීන් විය හැකි බව කියලා, ජනතාවගේ හදවතට කතා කරලා අද අමාරුවේ වැටිලා ඉන්නවා.

හෙට අනිද්දා වන විට එළවළු ගොවීන්, එළවලු වගා කරන්නේ නැති වන විට, අඩුවන එළවළු නිෂ්පාදනයේ හිඩැස පුරවාගන්නේ කොහාමද? ඒ එළවළු ටිකත් පිටරටින් අරගෙන එනවාද? පිටරටින් ගේන්නේ කාබනික එළවළුද? ඒ විදියට කාබනික එළවළු ගෙන්වීමට ආණ්ඩුවට මුදල් තියෙනවාද?

ඩොලර් නැතිව තෙල් ණයට ගන්න ආණ්ඩුව, බංගලාදේශයටත් ණය වෙන ආණ්ඩුවට හාල්, එළවළු පිටරටින් අරගෙන එන්න ආණ්ඩුවට ඩොලර් තියෙනවාද? එහෙම වුනොත් බරපතල තත්වයක් මේ රටේ නිර්මාණය වෙන්න පුලුවන්.

මේවා අපිට චීනයෙන් නොමිලේ දේවිද දන්නේ නැහැ. එහෙම වුනොත් අපේ රට පවරාගැනීම හැර වෙන කිසිම දෙයක් කරන එකක් නැහැ.

දැනට ගෙන්වන ආහාර කාබනිකද, රසායනික ද‍්‍රව්‍ය යොදා තිනෙවාද කියලා සොයා නොබලන ආණ්ඩුව දැන් කිඹුල් කදුළු හෙලලා කාබනික වගාවක් ගැන කතා කරන්නේ ඩොලර් සාගතය නිසා මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි.

ආණ්ඩුව ගොවීන්ට මහ කන්නයේදී වගාව සදහා කාබනික පොහොර ලබාදීමට ආණ්ඩුවට තියෙන සැලසුම කුමක්ද? මහ කන්නයේදී අක්කර ලක්ෂ 14ක වී වගා කරනවා. මේ සදහා අවශ්‍ය කාබනික පොහොර සකස් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවාද? එහෙම නැතිනම් ආනයනය කිරීමට ද සූදානම් වෙන්නේ.

දැන් හැමතැනම කාබනික පොහොර නිෂ්පාදනය කරනවා. නමුත් ඒවායේ නියමිත නටිට‍්‍රජන් ප‍්‍රමාණය ඇතුළත් වෙන්නේ නෑ. නයිට‍්‍රජන් ප‍්‍රමාණය නියමිත පරිදි නැතිනම් කාබනික පොහාර නිෂ්පාදකයාට මොකද වෙන්නේ. එහෙම නැතිනම් දියර පොහොර කියලා ජනතාව නැවත වරක් ගොනාට අන්දන්නද ආණ්ඩුව සූදානම් වෙන්නේ කියලා ප‍්‍රශ්ණ කරනවා

ලංකාවට ආනයනය කරන රසායනික ද‍්‍රව්‍යවලින් සියයට 60ක්ම වල් නායශක. කාබනික වගාවට යනවා නම් වල් නාශක සදහා විකල්පයක් සොයා ගැනීමට සිදුවෙනවා. වී වගාවවත්, බඩ ඉරිගු වගාවවත්, තේ වගාවවත්, වල් නාශක නැතිව කරගෙන යන්න බැහැ. වල් නාශකවලට වගේම දිලීර නාශක සදහාත් ආණ්ඩුව කාබනික විසදුමක් සොයාගෙන තිබෙනවාද?

මේ කන්නයේදී ගොවියා අනාථ වෙලා තියෙන්නේ. ලබන කන්නයේදීත් ගොවියා අනාථ වුනොත් ආහාර සුරක්ෂිතතාවය ගැන බරපතල අර්බුදයක් ඇතිවෙනවා.

ආණ්ඩුව යළිත් වරක් ගැසට් රිවස් කරමින් ගජමිතුරෙක්ට සලකන්න හදනවා. මොනම හේතුවක් නිසාවත්, රසායනික පොහොර තහනම ඉවත් කරන්නේ නෑ කිව්වා. රසායනික පොහොර බිංදුවක් ගේන්න දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරයා කිව්වා. ජනාධිපති ප‍්‍රකාශකවරු නැවත නැවත කිව්වා. ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී කිව්වා.

ඒත් රසායනික පළිබෝධ 114 කින් 35ක් ගෙන්වීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරලා තියෙනවා. මේකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නාද

අවුරුද්දට රුපියල් බිලියන 12ක පළිබෝධනාශක ලංකාවට ආනයනය කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. එයින් රුපියල් බිලියන 10ක් වටිනා පළිබෝධනාශක ගේන්නේ එක සමාගමක්. ලංකාවේ සමාගම් 29ක් අතරින් එක් සමාගමකට පමණක් රසායනික පළිබෝධක ගෙන්වීමට අවසර දෙන්නේ කුමන අවශ්‍යතාවයක් නිසාද?

දිලීරනාශක සහ කෘමිනාශක ගෙන්වීමට තමයි අවසර ලබාදී තියෙන්නේ. වල් නාශක ගෙන්වීමට අවසර ලබාදී නැහැ. අපි මේ ලේඛණ මාධ්‍යයට ලබාදෙනවා.

ලෝකයේ පළමු කාබනික රට ලංකාව කියලා ජනාධිපතිවරයා කිව්වා. අනික් ගැසට් රිවස් කළා වගේ සද්ද නැතිව මේ ගැසට් එකත් රිවස් කරන්න හදන්නේ ගොවි ජනතාව රැුවටීමටද? ලෝකය රැුවටීමටද? නයි ධාතු පෙන්නුවා වගේ, මුට්ටි ගගට දැම්මා වගේ, ජනතාවට රවටන්නද හදන්නේ. ලෝකයේ එකම කාබනික රට ලංකාව කියලා කියන්න හදපු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හරහා ගැසට් එක රිවස් කරන්නද හදන්නේ කියලා ප‍්‍රශ්ණ කරනවා

සමාගම් 19 ක් තියෙන තැන එක සමාගමකට පමණක් දිලිර නාශක ගෙන්වීමට අවසර ලබාදෙන්නේ කාගේ අවශ්‍යතාවය මතද? ඇමැතිවරයාගේ අවශ්‍යතාවය මත මේක කරනවාද? නියෝජ්‍ය ඇමැතිවරයාගේ අවශ්‍යතාවය මත මේක කරනවාද? කාගේ උවමනාවට තනි පුද්ගලයෙක්ට මේ ව්‍යාපාරය ලබාදෙන්න හදනවාද?

අර සීනි ව්‍යාපාරය වගේ, ඇන්ටිජන් ඒකාධිකාරයක් හැදුව වගේ, හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරලා ගරානාවක් කරගැනීමට අවස්ථාව ලබාදුන්නා වගේ ගොවීන් අමාරුවේ දාලා කෘෂි රසායන ගෙන්වීමත් ගජ මිතුරන්ට සලකන ගරානාවක් බවට පත් කිරීමටද සූදානම් වෙන්නේ?

SendShareShare
Previous Post

රට වසා දවස් 5ක්! මරණ 198යි! ආසාදිතයන් 4472යි!

Next Post

චන්න ජයසුමන කෑ ගහපු – සීඅයිඩියෙන් ප්‍රශ්න කරපු – මිනිස්සු මැස්සො වගේ මැරෙන බව කියපු කව්ද මේ අවිස්සාවේල්ල ‌රෝහලේ දොස්තර නජිත්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.