• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම තාම කොල්ලෙක් තව යන්න දුර ගමනක් තියෙනවා…

August 25, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මම තාම කොල්ලෙක් තව යන්න දුර ගමනක් තියෙනවා…
Share on WhatsAppShare on Facebook

මේක නම් මට දේව හාස්කමක්…
දවස් හතම එකම කතාවක රඟපාන්න ලැබෙයි කියලා හිතුවේ නෑ…

එකම පවුලෙන් සහෝදරයන් දෙදෙනෙක් එක රැයකින් තරු බවට පත්වෙලා කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සිහින දකින අවධියක ඒ පවුලෙන් බිහිවුණු මේ පුංචි කොලුගැටයා තමයි ප්‍රභාත් විශ්වජිත්. අද වන විට ප්‍රභාත් ටෙලිනාට්‍ය දෙකක චරිත දෙකක් තුළ ජීවත් වීමට ගත් උත්සාහය ගැන ‘මව්රට’ ජාතික පුවත්පත තුළින් ප්‍රථම වතාවට මාධ්‍ය කතාබහකට සම්බන්ධ වුණා.

ප්‍රභාත් ඔබ සතියේ දිනවලත්, සති අන්තයේත් චරිත දෙකකින් අපිට සමීපවෙලා සිටිනවා?
මට මෙය නම් දේව හාස්කමක් බඳුය. මොකද ජීවිතයේ කිසිම දවසක මම හිතුවේ නැහැ චරිත දෙකකින් දවස් හතම එකම රූපවාහිනී නාලිකාවක මම රඟපාන ටෙලිනාට්‍ය දෙකක් විකාශ වෙයි කියලා. සතියේ දිනවල ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ ‘ගාමා’ ලෙසටත්, සති අන්තයේ ‘පානාමංකඩ ටෙලිනාට්‍යයේ ‘සුනිල්’ ලෙසටත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මම සමීප වෙනවා.

ඔබ මේ නිරූපණය කරන චරිත දෙක අතර ලොකු වෙනසක් අපි දකිනවා?
ඇත්තටම ඒ වෙනස ගැන පහදන්නට කලින් මාව මේ තත්ත්වයට පත්කළ මගේ ආදරණීය ගුරු පියාණන්ට ආචාර කරන්න මම කැමැතියි. මොකද අද මම ගැන ඔහු නොබැලුවා නම් තව කල්පකාන්තරයක් යාවි මගේ සිහිනය සැබෑවීමට. ‘පානාමංකඩ’ ටෙලිනාට්‍ය තමයි මගේ පළමු ටෙලිනාට්‍යය. ‘වලවෙට්ටුවා’ එයට පසුවයි කළේ. ඉතින් මේ ටෙලිනාට්‍යය දෙකම කළේ එකම අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු රනිල් කුලසිංහ. මගේ දක්‍ෂතාවය දැන හඳුනාගෙන මගේ ගමන යෑමට පාර හැදුවේ රනිල් අයියා. ඔහු මගේ චරිත දෙක නිරූපණය කිරීමට උපරිම නිදහස දුන්නා. මටවත් නොතේරෙන විදියට මගේ සැඟවුණු හැකියාවන් ඔහු එළියට ගන්න ගොඩාක් මහන්සි වෙන්න ඇති කියලා මට දැන් තමයි තේරෙන්නේ.

‘සුනිල්’ සහ ‘ගාමා’ චරිත ස්වභාවය වෙනුවෙන් ඔබ මොන වගේ කැපකිරීමක් කළාද?
‘සුනිල්’ කියන්නේ හරිම අහිංසක චරිතයක්. ‘ගාමා’ කියන්නේ චණ්ඩියෙක්. මේ චරිත දෙක වෙනුවෙන් මගේ බාහිර ස්වරූපයම වෙනස් කරන්නට සිදුවුණා. ‘සුනිල්’ වෙනුවෙන් මගේ කොණ්ඩෙ, රැවුල සම්පූර්ණයෙන්ම කපන්න සිදුවුණා. ‘ගාමා’ වෙනුවෙන් කොණ්ඬේ, රැවුල දෙකම වවන්න සිදුවුණා. ඒ අභියෝගයත් එක්ක තමයි මම ජීවත් වුණේ.

ඔබ ප්‍රථම වතාවට තමයි පෙම්වතාගේ චරිතයක් රඟපාන්නේ. ‘සුනිල්’ ලෙසට ඔබට දැනුණු අසීරුව කොයි වගේද?
මම ඉතින් තරුණ කොල්ලෙක් නේ. ආදරය ගැන මම හොඳට දන්නවා. ‘සුනිල්’ ආදරය කරන්නේ ‘සුද්දි’ට. හැබැයි ‘සුද්දි’ගේ ආදරය මට හිමිකර ගැනීමට ලොකු සටනක් කරන්න වෙනවා. ඒ කතාව ගැන මම ප්‍රේක්‍ෂකයන්ට විඳින්නට ඉඩ හැරියොත් හොඳයි කියලා හිතනවා.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ ආදරය කරනවද?
ආදරයෙන් ජය, පරාජ අතර ජීවත් වුණු කෙනෙක් මම. හැබැයි මගේ ඒ ආදර කතාව දිගහැරීමට මම දැන්ම අවස්ථාවක් කරගන්නේ නැහැ. මොකද මම එය මගේ ඇස් දෙක වගේ රැකගන්නේ. මොකද මේ ක්‍ෂේත්‍රයෙන් මට යායුතු දුරගමනක් තියෙනවා. ඇයගෙන්, මවුපියන්ගෙන්, සහෝදරයන්ගෙන් ලැබෙන ආදරය, ශක්තිය මගේ ඉදිරි ගමනට ශක්තියක්ම කරගන්නයි මම උත්සාහ කරන්නේ.

ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග නර්තන පාසලක් පවත්වාගෙන ගියා, කොහොමද එහි වැඩකටයුතු මේ දවස්වල?
මේනකා පීරිස් අක්කා තමයි මාව නැටුම් ගුරුවරයෙක් කළේ. පොඩි කාලේ ඉඳලා තිබුණු සිහින දෙකක් තමයි නැටුම් ගුරුවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වෙන එක. ඉතින් රනිල් කුලසිංහ අයියා මාව නළුවෙක් කළා. කලා ක්‍ෂේත්‍රයේ මගේ මවුපියන් ලෙසට මම හැමදාමත් ගෞරවය කරන්නේ ඒ දෙදෙනාටයි. ඉදිරියේදී කලායතනයේ වැඩකටයුතු කිරීමට අදහසක් තියෙනවා. මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක ඒ වැඩකටයුතු
කල්ගියා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

තලේබාන්ලා ආයෙමත් බුදුපිළිමවලට බෝම්බ ගහලා විනාශ කරයිද? බුද්ධාගමත් තහනම් කරයිද?

Next Post

තරගාවලියේ වීරයාගෙන් තවත් වීරකමක්! දිනපු සල්ලි ඔක්කොම කළුබෝවිල කොරෝනා වාට්ටුව හදන්න දෙයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.