නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ බව කියන රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතාගේ අත්සනින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ බව සඳහන් ලිපිය යොමුකර තිබිණ.
“උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්වය නිසා පීඩාවට පත් වූ පවුල් වලට සහ නිරෝධායනයට යොමුකළ පවුල් වලට සහන සැලසීම” යන මාතෘකාවෙන් යොමුකර ඇති එම ලිපියේ සඳහන් කර ඇත්තේ නිරෝධායනයට ලක්කරන පවුල් වලට ලබාදෙන රු. 10,000ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දෙන ලෙසයි.
ඇන්ටන් පෙරේරා මහතා පවසන්නේ මෙම තීරණය අගෝස්තු 23 වෙනිදා පැවති කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් බවයි.
එම කැබිනට් හමුව පවත්වා තිබුණේ zoom ඔස්සේ වන අතර ඊට ජනාධිපතිවරයා සහභාගීවී තිබුණේ නැත.











