නගරයේ වෙළඳ ප්‍රජාව සහ ඒ ඒ නගර සීමාවන්ට අදාළ වන පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ තීරණ මත වසා දැමෙන නගර අතරට තංගල්ල නගරයත් එක් වී ඇති බව වාර්තා වේ.
තංගල්ල නගරයේ වෙළඳ ප්‍රජාව සහ තංගල්ල නගර සීමාව අයත් පළාත් පාලන ආයතනය වන තංගල්ල නගර සභාව විසින් මෙම තීරණය ගත් බවදැනගන්නට ඇත.
තංගල්ල යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ‘කාල්ටන් නිවස’ පිහිටි නගරයයි.
තංගල්ල නගර සභාවේ පාලන බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෙවත් ‘පොහොට්ටු’ පක්ෂයටය.
නගර සභාවේ සභාපතිවරයා වන්නේ ආරියදාස වර්ණකුලසූරිය මහතාය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවස දෙපස පිහිටි වාසනා බේකර්ස් සහ ඩ්‍රෙස් ලයින් නම් වූ වෙළඳ සැල් දෙකද මේ තීරණය මත වසා දමා ඇති බව පැවසේ.










