• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට හොඳටම කළේ එස්.බී.ද?

August 19, 2021
in Exclusive, News, Politics, Uncategorized
Reading Time: 6 mins read
A A
ලංකාවට හොඳටම කළේ එස්.බී.ද?
Share on WhatsAppShare on Facebook

කිහිප වරක් ප්‍රමාද කිරීමට සිදුවූ 2020 ඔලිම්පික් උළෙල අතිසාර්ථක ආකාරයෙන් පසුගියදා ජපානයේදී නිමාවට පත් විය. ඒ ලෝකයේ බොහෝ දෙනකුට පසුගිය කාලය පුරා අත්විඳි කටුක ජීවිතය මොහොතකට අමතක කරවමිනි. වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය ගැන සිතමින් සිටි බොහෝ දෙනකුට නැවත වරක් ක්‍රීඩාවේ උණුසුම විඳ ගැනීමට ඔලිම්පික් ක්‍රීඩා උළෙල උපකාරී විය. ඒ හරහා ජයග්‍රහණයේ සතුට විඳ ගැනීමටද බොහෝ දෙනකුට හැකි විය. නමුත් ශ්‍රී ලාංකිකයන්වන අපට ඔලිම්පික් උළෙලද තවත් එක් කනගාටුදායක අවස්ථාවක් පමණක්ම විය. ඒ පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙල හරහාද පැහැදිලිව පෙනී ගියේ අපේ ක්‍රීඩාවේ කඩා වැටීම පමණක්ම වීම මතය.

මෙවර ඔලිම්පික් උළෙලෙදී එකදු පදක්කමක් හෝ ශ්‍රී ලංකාවට හිමි වේ යැයි සුළු හෝ බලාපොරොත්තුවක් ක්‍රීඩාව පිළිබඳ යම් තරමක හෝ දැනුමක් සහිත කිසිවකුට නොතිබුණු බව සැබෑය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් යම් තරමක හෝ සතුටුදායක දක්ෂතාවයක් දක්නට ලැබේ යැයි යන බලාපොරොත්තුව හැම දෙනාම තුළ විය. කනගාටුවට කරුණ වී ඇත්තේ එවැනි කිසිවක් මෙවර ඔලිම්පික් තරගාවලිය තුළදී දක්නට නොලැබීමය.

ආසියාවේ පුංචි තිතක් බඳු වූ ශ්‍රී ලංකාව ලොවම මවිත කරවමින් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළේ මීට 21 වසරකට පෙරදීය. 2000 වසරේ ඕස්ටේ්‍රලියාවේ පැවැති ඔලිම්පික් තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ දැක්වූ එම ජයග්‍රහණය පිළිබඳ මෙරට කිසිවකුට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකිකයෙකු දිනූ දෙවැනි ඔලිම්පික් පදක්කම වන අතර කෙටි දුර ධාවන ඉසව්වකදී ආසියාතිකයෙකු දිනා ගත් පළමු ඔලිම්පික් පදක්කමද විය.

සුසන්තිකා ඔලිම්පික් පදක්කම දිනූ කාලවකවානුව මෙරට ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය යැයි හැඳින්වුවහොත් එහි වරදක් නැත. 90 දශකයේ මැද භාගයේ සිට නව සහස්‍රයේ පළමු දශකයේ මුල් භාගය අතර ගතවූ එම කාලය තුළ මෙරටට හිමි වූයේ සුසන්තිකා ජයසිංහ දිනා ගත් ඔලිම්පික් පදක්කම පමණක් නොවේ. ක්‍රිකට් ලෝක කුසලානය මෙන්ම ආසියානු දැල්පන්දු ශූරතාවයද දිනා ගනු ලැබුවේ එම කාල සීමාව තුළදීය. එමෙන්ම මෙරට ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් 1998 වසරේ සහ 2002 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලවලදී පදක්කම් 06 බැගින් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ක්‍රීඩාවේදී ලබන ජයග්‍රහණයේ අයිතිය ප්‍රධාන වශයෙන් හිමිවන්නේ ඒ සඳහා සහභාගිවන ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවටය. නමුත් ඒ සඳහා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහෙයවීමේ වගකීම ප්‍රධාන වශයෙන් හිමිව ඇත්තේ පරිපාලකයන් වෙතය. ඕනෑම ජාතික ක්‍රීඩාවකදී ක්‍රීඩා ඇමැතිවරයාටද හිමිවන වගකීම සුළුපටු නැත.

මෙරට ක්‍රීඩා ඇමැතිවරුන් සහ ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණයන් පිළිබඳව කතා කිරීමේදී කැපී පෙනෙන කරුණක් දක්නට ඇත. එනම් කලින් සඳහන් කළ ජයග්‍රහණ සියල්ලම ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එකම ක්‍රීඩා ඇමැතිවරයෙකු යටතේ වීමය. ඒ ආකාරයෙන් මෙරට ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය පුරාවට මෙරට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළේ එස්. බී. දිසානායක මහතාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේ 1994 වසරේදී පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැතිවරයා වූ එස්. බී. දිසානායක මහතා 2001 වසර වනතුරුම එම ධුරයේ කටයුතු කළේය. මෑත ඉතිහාසයේ වැඩිම කලක් ක්‍රීඩා ඇමැති ධුරය දැරූ ඇමැතිවරයා වන්නේද දිසානායක මහතාය.
ඔලිම්පික් උළෙලේදී අත්විඳි පරාජය පමණක් නොව කලක් ලොවම අණසකට යටත් කර ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද අද අත්ව ඇති ඉරණම ඉතා කනගාටුදායක එකකි. එම පරාජයන් පිළිබඳව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පරිපාලකයන්ටද එල්ලවන විවේචන බොහෝය.

එවැනි පසුබිමක අප ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය බිහි කළ ක්‍රීඩා ඇමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අදහස් කළේ ඒ අත්දැකීම් අනාගත ජයග්‍රණයන් සඳහා මඟ පෙන්වනු ඇතැයි අප විශ්වාස කරන බැවිනි.

එම ප්‍රායෝගික අත්දැකීම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පරිපාලකයන්ටද වැදගත් වනු ඇතැයි අපට හැඟුණු බැවිනි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් නොලැබූ ජයග්‍රහණයන් රාශියක් ලබා දීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැඩගැස්සවූ ආකාරය පිළිබඳව එස්. බී. දිසානායක මහතා තම මතකය ආවර්ජනය කළේ මේ ආකාරයෙනි.

“අපි ගම්වල හිටිය හොඳ ළමයි ගෙනල්ලා ඒ අයට ඉදිරියට යන්න පාර හදලා දුන්නා. කොළඹින් පිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් ඒ කාලේ දක්ෂතා දැක්වූවා. අපි ඒ ළමයින්ව කොළඹට ගෙනල්ලා ඒ අයව ජාතික පුහුණුකරුවන්ට බාර දුන්නා. ඒක කරන්න ලේසි වුණේ නැහැ. සමහර ළමයි තමන්ගේ පැරැණි පුහුණුකරුවන්ව දාලා එන්න කැමැති වුණේ නැහැ. එතැනදි බලෙන් හරි ඒ අයව ගේන්න අපි කටයුතු කළා. බැරිම නම් ඒ පුහුණුකරුවාවත් අරගෙන කොළඹ එන්න කියලා අපි කිව්වා.
මට මතකයි සුගත් තිලකරත්නව ඒ කාලේ පුහුණු කළේ විද්‍යා ගුරුවරයෙක්. ඒ ගුරුවරයාව දාලා එන්න සුගත් කැමැති වුණේ නැහැ. ඒ හින්දා අපි සුගත් එක්ක ඒ ගුරුවරයාටත් එන්න දුන්නා. එහෙම තමයි අපි ඒ ජයග්‍රහණයන්ට අවශ්‍ය මඟ හැදුවේ.”

ඒ දිසානායක මහතා ලබා දුන් පිළිතුරය.

ක්‍රීඩාවේ නියැළීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක්වන්නේ මානසික ඒකාග්‍රතාවයය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යහපත් මනසකින් ක්‍රීඩාවේ නියැළීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීමට කටයුතු කළ ආකාරය එස්. බී. දිසානායක මහතා සිහිපත් කළේ මෙසේය.

“ඒ ළමයින්ව කොළඹට ගෙනල්ලා අපි නිකම් හිටියේ නැහැ. ඒ අයට අවශ්‍ය මොනවද කියන එක හොයලා බැලුවා. මම ඒ ගැන පෞද්ගලිකවම මැදිහත් වුණා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ වැටුපක් දුන්නා. ඒ අයට වාහන දුන්නා. ගෙවල් දුන්නා. ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබුණේ ඉතාම සුළු දීමනාවක් විතරයි. මම ඒක කිහිප ගුණයකින් වැඩි කළා. අර්ජුනට, අරවින්දට, සනත්ට මුලින්ම ඉහළ වැටුපක් දුන්නේ ඒ කාලයේදී.

ඒ වගේම ජාතික පුහුණුකරුවන්ටත් අවශ්‍ය හැම දේම ලබා දෙන්න අපි කටයුතු කළා. ඒ අයගේ වැටුපත් වැඩි කළා. නවාතැන් දුන්නා. ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික ප්‍රශ්නත් අපිට විසඳන්න වුණා. ගම්වලින් ආව ඇතැම් ක්‍රීඩකයන්ට ගොඩක් ගැටලු තිබුණා. ඒ ක්‍රීඩකයන්ගේ සමහර සහෝදරයන්ට පවා රැකියා ලබා දෙන්න අපි කටයුතු කළා. ඒ හරහා ක්‍රීඩාවේ නියැළෙන්න පුළුවන් යහපත් මානසිකත්වයක් ඒ අයට ලැබුණා.”

දිසානායක මහතා එම මතකය ආවර්ජනය කළේ එසේය.

2001 වසරෙන් පසු පත්වූ රජයන් කිහිපයක් යටතේම එස්. බී. දිසානායක මහතා ප්‍රබල අමාත්‍ය ධුර කිහිපයක්ම ඉසිලීය. නමුත් ක්‍රීඩාවෙන් මෙරටට වැඩිම ජයග්‍රහණ ලබාදුන් ඇමැතිවරයා වුවද, ඒ එකදු අවස්ථාවකවත් ඒ මහතාට ක්‍රීඩා ඇමැතිධුරය හිමි නොවීම කැපී පෙනුණු කාරණාවක් විය. ඊට හේතුව කුමක්දැයි යන පැනයට ඒ මහතා පිළිතුරු දුන්නේ මෙසේය.

“මට දෙන්න බය වුණාද දන්නේ නැහැනේ. මම ක්‍රීඩාව වෙනුවෙන් කරපු දේ ගැන මම සතුටු වෙනවා. අදටත් ඒ ගැන මම ඉන්නේ සතුටින්. ක්‍රීඩා ඇමැති ධුරය විතරක් නෙවෙයි. මට දුන්න හැම ඇමැති ධුරයකදීම මම වැඩ කරලා පෙන්වලා තියෙනවා. සමෘද්ධිය කියන්නේ තනිකරම මගේ සංකල්පයක්. ඒ වගේම කෘෂිකර්ම ඇමැති විදියට, උසස් අධ්‍යාපන ඇමැති විදියට මම කවුරුත් නොලබපු විදියේ ජයග්‍රහණ ලබලා තියෙනවා. ඒ දේවල් ගැන මම සතුටු වෙනවා.”

ඒ දිසානායක මහතාගේ පිළිතුරය.

කෙසේ වුවද, ප්‍රබල ඇමැති ධුර ගණනාවක් දැරූ එස්. බී. දිසානායක මහතාට වර්තමාන රජය යටතේ ඇමැති ධුරයක් හිමි නොවීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති කාරණයකි. ඒ පිළිබඳව කනගාටුවක් නැද්දැයි යන ප්‍රශ්නයද ඒ මහතාගෙන් විමසීමට අප අමතක නොකළෙමු. එයට එස්. බී. දිසානායක මහතා පිළිතුරු දුන්නේ මෙසේය.“මට ඕවා ගැන කනගාටු වෙවී ඉන්න වෙලාවක් නැහැ. මට වෙන වැඩ තියෙනවා”

ඒ දිසානායක මහතාගේ පිළිතුරය.

එස්. බී. දිසානායක මහතාගෙන් පසු මේ දක්වා ඇමැතිවරුන් 13 දෙනකු යටතේ මෙරට ක්‍රීඩාව පාලනය වී ඇත. වර්තමානයේ එම වගකීම පැවරී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා වෙතටය. ඒ සම්බන්ධයෙන් දිසානායක මහතා දරන්නේ මෙවැනි මතයකි.

“ජාතික තලයේ ක්‍රීඩකයෙකුට ක්‍රීඩාව බාර දුන්නු එක ගැන මම ඉතාම සතුටු වෙනවා. මම හිතන්නේ මීට පෙර ජාතික තලයේ ක්‍රීඩකයෙක් මෙරට ක්‍රීඩාව පාලනය කරලා නැහැ. නාමල් ඇමැතිතුමා මාව හම්බ වෙන්න එනවා කියලාත් කිව්වා. මං දන්න දේවල් එතුමාට කියලා දෙන්න මම බොහොම කැමැත්තෙන් බලන් ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී නැවතත් අපේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන්න පුළුවන් වේවි කියන විශ්වාසයත් මට තියෙනවා.”
කතාව අවසන් කරමින් දිසානායක මහතා අදහස් දැක්වූයේ එසේය.

චන්ද්‍රිකා රජයේ ප්‍රබලයෙකු වූ එස්. බී. එදා තමාට ලැබුණු බලය යොදා ගනිමින් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ආවේය. නාමල් රාජපක්ෂ හැර ඒ සඳහා වෙනත් සුදුස්සෙක් වර්තමාන රජයේ නැත. නාමල් රාජපක්ෂ මහතා යටතේද මෙරට ක්‍රීඩාව නැවත ඉහළට එසවෙනු ඇතැයි සැම දෙනාම බලාපොරොත්තුවෙන් පසුවන්නේ ඒ නිසාය. එසේ වුවහොත් නාමල් පිළිබඳවද මෙවැනි සටහන් අනාගතයේදී ලියැවෙනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රට වහන්න! ශ්‍රීලනිපය ආණ්ඩුවට නිල වශයෙන් දැනුම් දෙයි!

Next Post

කළුබෝවිල රෝහලේ සිට රටම අවදි කළ මාධ්‍යවේදිනියගේ පියා කොරෝනාවෙන් මියයයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.