• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ගෑස්-කිරිපිටි පෝලිමේ ඉඳන් පෝලිම් යුගය මතක් කරපු මිනිස්සු!

August 18, 2021
in Exclusive, News, Politics
Reading Time: 4 mins read
A A
ඒ පාර භූමිතෙල් පෝලිමත් ඇවිත්!
Share on WhatsAppShare on Facebook

අප මහා බෝසතුන්ගේ සුළු හෝ වරදක් සොයමින් මාරයා උන්වහන්සේ පසුපස නිබඳ ලුහුබැන්ද බව බුදු සිරිතෙහි දැක්වේ. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමයෙහිද බුදුවීම සඳහා විදුරසුන් පුරා සිටි වේලාවෙහිද මාරයා පැමිණි බව සඳහන් වේ. බුද්ධත්වයට පත්වීම වළක්වාලීමට දසබිම්බරක් මාර සෙනඟ පිරිවරා පැමිණි මාරයා, නොයෙකුත් බිහිසුණු වෙස් ගෙන බෝසතුන් බියගන්වා පලවා හැරීමට උත්සාහ දැරීය. බුදුරදුන්ට ‘මාරජී’ යැයි විරුදයක්ද වේ. ‘මාරයා ජයගත් උතුමා’ යනු එහි අදහසයි.

මෙම අපූරු වදන්වැල ලියා තබා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ පැවිදි පඬිරුවනක් වන, අතිපූජ්‍ය මහාචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් රචිත, ‘බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි’ නමැති ග්‍රන්ථයෙහි එසේ සඳහන් වෙයි.

බුද්ධ ධර්මයෙහි සඳහන් මාරයා පැමිණෙන්නේ වසවර්ති දෙව්ලොවෙනි. එනම් මාරයා යනු එක්තරා දාමරික දිව්‍ය පුත්‍රයෙකි. එහෙත් අද වත්මන් සමාජයෙහි සිටින මාරයා පැමිණ ඇත්තේ ඉතාමත්ම වෙනස් වූ දේශයකිනි. එනම් වෙනත් කිසිදු තැනකින් නොව අප හොඳින්ම දන්නා චීනයෙනි. අද චීනයෙන් පැමිණි මෙම මාරයා ලෝකයේ සෑම තැනකම පැය 24 පුරාවටම දත් විලිස්සාගෙන සැරි සරයි. අද පාර තොටක ගියත්, ගේ දොරකඩට ගියත් මෙම මාරයා අප දෙස මාරාවේශයෙන් බලාගෙන සිටියි. කොයි මොහොතක හෝ තමන්ගේ මාර භවන වෙත ඇදගෙන යන්නේ දැයි මාරයා පෙරුම් පුරමින් සිටියි.

චීනය විසින් මුළු මහත් ලොවටම දායාද කරදුන් ‘කොරෝනා මාරයා’ නිසා දැන් අපගේ ජීවිතද මුළුමනින්ම වැටී ඇත්තේ අගාධයකටය. අපගේ ශ්‍රී ලංකාව තුළ ඒ තත්ත්වය තව, තවත් ශෝකජනකය. මෙවැනි දුක්ඛිත ජීවන රටාවක් අපේ රටේ මිනිසුන් ගතකරද්දී, පසුගිය කාලයක් පුරාවටම ජනතාවට මුහුණ දීමටද සිදුවී ඇත්තේ ‘නොකා, නොබී මැරෙන සංකල්පයකට’ය. එනම් ජීවන වියදම අතිශය බියකරු ලෙස ඉහළ ගිය සහ එමෙන්ම ඇවැසි පාරිභෝගික භාණ්ඩයක් නිසි ලෙස සොයා ගැනීමට නොහැකි වාතාවරණයකටය. අද යන, යන තැනින් අසන්නට ලැබෙන්නේ ‘අරක නෑ, මේක නෑ’ කියන කතාන්දරය. කිරිපිටි නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ, පොහොර නෑ අද සෑම තැනකින්ම ඇසෙන පොදු කතාය. එමෙන්ම ජනප්‍රිය කතාය. කුමක්ද මේ සමාජය මුහුණ දී ඇති වින්නැහිය.?

දැන් දවස් 04ක් විතර වෙනවා, ගෑස් ගන්න තැනක් නෑ. තැන් කිහිපයකම බැලුවා, කහපාට සිලින්ඩරේට නිල්පාට දෙනවා කියනවා. ඒත් දැන් බැලුවම කහ පාටත් නෑ, නිල් පාටත් නෑ. මේ පේනවා නේද දැන් නිල් පාට සිලින්ඩර තියාගෙන ඉන්න පෝලිමේ දිග. හිස් සිලින්ඩර සල්ලි දීලා ගන්න ගියත්, මේ ආයතන කියනවා එහෙම කරන්න එපා කියලා තියෙනවා කියලා. මොකක්ද මේ විකාරේ, පුදුම විදියේ දුකක්නේ මිනිස්සු විඳින්නේ. මේවා හොයලා බලන්න බලධාරියෙක් නැද්ද, රජයක් නැද්ද? අපි කොහොමද දරුවන්ට කන්න ටිකක් හදලා දෙන්නේ? අන්තිමට උයන් කන්න තියෙන ටිකත් නැති වුණා. එච්චරයි.’

මෙසේ ඇසෙන්නේ මේ දිනවල රටේ බොහෝ ස්ථානවලින් නැඟෙන මහා ශෝකාලාපයන්ය. මේවා අද ජනතාවගේ හදවතින්ම බුර, බුරා පැනනඟින්නේ ඉතාම නිරායාසයෙනි. ශ්‍රී ලංකාව තුළ මෙලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස සැලකෙන ‘එල්පී ගෑස්’ පිළිබඳ අර්බුදයක් පැනනැඟී දැන් බොහෝ දවස් ගතවී ඇත. මෙම ගෑස් අර්බුදය මුලින්ම ආරම්භ වූයේ පසුගිය 2021 අප්‍රේල් මාසයේදීය. එනම් දැනට මාස 04ක පමණ කාලයක් ගතවී ඇතත් එයට නිසි විසඳුමක් නැත. කාලයක් පුරා භාවිත කරන ලද ගෑස් බැරලයක ධාරිතාවය සහ මුදල වෙනස් වීමත් නිසා මෙම අර්බුදය හටගත්තේය. එසේම ගෑස් සමාගම් විසින් ගෑස් මිල ගණන් ඉහළ දැමීමටද ඉල්ලා සිටීම තවත් හේතුවක් විය. කෙසේ හෝ ගෑස් මිල ඉහළ දැමීමට රජයේ අවසරය නොලැබී යෑම නිසා, පුද්ගලික ගෑස් සමාගමක් වන ‘ලාෆ්ස්’ සමාගම තම වෙළෙඳාම් කටයුතු නතර කර දැමූ අතර, එල්.පී. ගෑස් ආනයනය කිරීමද නවතා දැමුවේය. මේ තත්ත්වය ගෑස් හිඟයක් ඇති කිරීමට බලපෑවේය. එහෙත් කෙසේ හෝ රජය සතු ලිට්රෝ ගෑස් සමාගම තම කටයුතු දිගටම කරගෙන ගියේය. එහෙත් අද වත්මන් තත්ත්වය නම් වෙළෙඳපොළ තුළ ඉතා දරුණු ලෙස ගෑස් හිඟයක් ඇති වී තිබීමය.

රජය සතු ලිට්රෝ ගෑස් සමාගම මීට පෙර කිහිප වතාවක්ම ප්‍රකාශ කර සිටියේ, රටට අවශ්‍ය එල්.පී. ගෑස් සංචිත තම සමාගම සතු බැවින් වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බැව්ය. එහෙත් එම ප්‍රකාශ අද අසත්‍යයක් වී ඇත. මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් ප්‍රවාහන රථ පැමිණෙන තෙක් පැය ගණන් පෝලිම්වල සිටින ජනයා දක්නට හැකිය. මෙලෙස යකඩ ගොඩවල් කරතියාගත් සහ ඔසවාගත් මිනිසුන් ගෑස් ඉල්ලා වැඳවැටෙන හැටි අතිශයම ඛේදනීයය. එහෙත් ඒ කිසිදු වැලපිල්ලක් හෝ අසන්නට කිසිවෙකුත් දන්නා පෙනෙන මායිමකවත් නැත. කෙසේ හෝ රජය නිතර ප්‍රකාශ කර සිටින්නේ, ගෑස් මිල ඉහළ දැමීම සඳහා මෙම මොහොතේදී රජය අවසරය ලබා නොදෙන බැව්ය. සමාගම් සහ රජයේ මෙම කඹ ඇදිල්ල මත දැන් අමාරුවේ වැටී ඇත්තේ පාරිභෝගිකයාය.

කෙසේ හෝ දැනට එල්.පී. ගෑස් ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති ‘ලාෆ්ස්’ සමාගම පසුගියදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉතා ඉහළ ගොස් ඇති හෙයින් වත්මන් මුදලට පාරිභෝගිකයාට එය ලබා දීමට නොහැකි බැව්ය. පසුගිය යහපාලන රජයේ සිටම මේතාක් දක්වා ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලුම් කළත්, එය මෙතෙක් සිදුවී නොමැති හෙයින් මේ වන විට තම සමාගමට රුපියල් බිලියන 5.3ක විශාල පාඩුවක් සිදුවී ඇති බැව් එම සමාගමේ උප සභාපති තිලක් ද සිල්වා ප්‍රකාශ කර සිටියේය. එසේම මේ වන විට රට තුළ විදේශ මුදල් සංචිතද හීන වී ගොස් ඇති හෙයින්, බැංකු මගින් ණයවර ලිපි විවෘත කිරීමද අතපසු කරන බැව්ද උප සභාපතිවරයා ප්‍රකාශ කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ තම සමාගමට එල්.පී. ගෑස් ව්‍යාපාරය කිසිසේත්ම සිදුකළ නොහැකි යැයිද එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. වත්මන් වෙළෙඳපොළ ධාරිතාවයෙන් 30%ක පමණ ප්‍රමාණයක් ‘ලාෆ්ස්’ සමාගම සතුය. කෙසේ හෝ මෙවැනි ශෝකීය තත්ත්වයක් යටතේ දැනට දසදුක් විඳින්නට වී ඇත්තේ පාරිභෝගිකයාට පමණකි. කොරෝනා මාරයා තමන් බිලි ගන්නට දත් විලිස්සාගෙන සිටින විටදී, හිස් යකඩ ගෑස් බැරල් කරතබාගෙන කිලෝමීටර් ගණන් ඇවිද යන්නට දැන් ජනතාවට සිදුවී ඇත.

මේ අතර කොරෝනා ගිනි ජාලාව මැද රට තුළ පැනනැඟී ඇති අනෙක් වින්නැහිය වී ඇත්තේ කිරිපිටි නොමැති වීමයි. පොදු මහජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් ලෙස සැලකෙන කිරිපිටි ලබා ගැනීම මේ දිනවල විශාල ප්‍රශ්නයක් බවට පත්වී ඇත. දැනට සති කිහිපයක සිට මෙම අර්බුදය දිවයින පුරාම උද්ගතවී ඇති අතර, දැන් එය දිනෙන්, දින උත්සන්න වෙමින්ද පවතියි. ගෑස් අර්බුදය මෙන් මෙම කිරිපිටි අර්බුදයටද ප්‍රධාන හේතුව වී ඇත්තේ කිරිපිට ආනයනික සමාගම් විසින් කිරිපිට මිල ඉහළ දැමීමට ඉල්ලුම් කිරීමයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ විදේශ වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉතා ඉහළ ගොස් ඇති හෙයින් මිල සංශෝධනයක් අත්‍යාවශ්‍ය බැව්ය. මෙම සමාගම් රජයට ප්‍රකාශ කර ඇත්තේ දැනට විදේශ රටවලින් කිරිපිටි කිලෝ එකක් ආනයනය කිරීම සඳහා රුපියල් 1,200ක් පමණ වැයවන බවත්, ඉන්පසුව එය ශ්‍රී ලංකාව තුළදී ලබා දෙන්නට වන්නේ රුපියල් 900ක පමණ මුදලකට බවත්ය. මෙවැනි තත්ත්වයක් යටතේ තම සමාගම් අති විශාල පාඩුවක් ලබන හෙයින්, මේ වන විට කිරිපිටි ආනයනය සීමා කර ඇති බැව් ඔවුන් ප්‍රකාශ කරයි. ඩොලරයේ මිල වැඩි වීමත් හේතුකරගෙන ඔවුනට මේ වන විට එක් කිරිපිටි කිලෝ එකකින් රුපියල් 270ක පාඩුවක් සිදුවන බැව් ප්‍රකාශ වෙයි. එහෙත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, මෙම සමාගම් ඉතා විශාල අනුපාතයකින් කිරිපිටි වැඩි කිරීමට අවසර ඉල්ලන හෙයින් එය රජයට සිදුකළ නොහැකි බවයි. ඔහු මෙසේ තම අදහස් ප්‍රකාශ කර සිටියේය.

කිරිපිටි සමාගම් විසින් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලලා තියෙනවා විශාල අනුපාතයකින් කිරිපිටිවල මිල ඉහළ දැමීමට. නමුත් මේ අවස්ථාවේදී ඒ සඳහා අවසර දෙන්න අපිට හැකියාවක් නැහැ. මේ රටේ ජනතාව දැන් කැපකිරීම් රැසක් කරලා තියෙනවා. කිරිපිටි සමාගම් වෙළෙඳපොළ හොඳට තිබෙන කොට අධික ලාබ ලබා තිබෙනවා. බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ විපතක් වුණාම විපතෙන් කොටසක් ඒ අයත් විඳදරා ගන්නට ඕනෑ. මෙම කාලයේදී ජනතාව ඉතා පීඩාකාරී තත්ත්වයකටයි පත්වෙලා ඉන්නේ.

වෙළෙඳ ඇමැතිවරයා ජනතාවගේ පැත්ත ගෙන එසේ කතා කර තිබුණද සති 03ක පමණ කාලය තුළදී කිරිපිටි අර්බුදය ඉතාමත්ම උත්සන්න විය. බොහෝ වෙළෙඳ සල් ඉදිරියෙහි සහ ඇතුළතද දැන්වීම් පුවරු ප්‍රදර්ශනය වූයේ, එක් අයෙකුට එක් කිරිපිටි පැකට්ටුවක් පමණක් මිලදී ගත හැකි බැව් ප්‍රකාශ කරමිනි. මේ තත්ත්වය යටතේ උදය වරුවකට හෝ තමන්ගේ දරුමල්ලකුට කිරි වීදුරුවක් ලබා දීමට හෝ මවුපියන් අසීරු තත්ත්වයකට පත්විය. අඩු තරමේ දියර කිරි හෝ සොයා ගැනීමට හැකි නම් එය විසඳුමක් වීමට ඉඩ තිබිණි. එහෙත් එය සිහිනයක් පමණි. පිරිසුදු දියර කිරි නැතත්, පෙට්ටි දියර කිරි හෝ ලබා ගැනීමට නොහැක්කේ ඒවා මිල අධික වීමය.

ශ්‍රී ලංකාවේ ජනතාව එක් මාසයකදී පමණක් කිරිපිටි මෙටි්‍රක් ටොන් 6,500ක ප්‍රමාණයක් පරිභෝජනයට ගනිති. මේ හෙයින් පෙනී යන්නේ යම් කිරිපිටි හිඟයක් ඇති වුවහොත් එය අතිශයින්ම දරුණු විදියට ජනතාවට බලපාන බැව්ය. තවද මෙම කිරිපිටි හිඟයට හේතු වී ඇති අනෙක් හේතුව නම්, ගෑස් අර්බුදයටම බලපාන ලද අනෙක් කරුණ වෙයි. එනම් විදෙස් ආනයනයන් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවට මේ වන විට විදේශ මුදල් සංචිතයන් ඉතා අවම වීමය. ගෑස් සමාගම් මෙන්ම මේ වන විට කිරිපිටි සමාගම්ද විදේශ විනිමය සඳහා බැංකු මගින් ණයවර ලිපි විවෘත කිරීමේදී දැඩි අර්බුදයකට මැදිව ඇත. කෙසේ හෝ ඉදිරියේදී මෙම විදේශ මුදල් සංචිත අර්බුදය මැද ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම දැඩි අර්බුදයකට හසුවනු ඇතැයි, ආර්ථික විශේෂඥයන් අනතුරු හඟවා ඇත. මේ වන විට තවත් අත්‍යාවශ්‍ය ආහාර වර්ග දෙකක් වන පරිප්පු සහ සීනිවලද යම් හිඟයක් වෙළෙඳ පොළ තුළ මතුවී ඇතැයි පැවසෙයි.

කෙසේ හෝ මේ ලිපිය ලියාගෙන යන අතරවාරයේදී දැන් ආරංචි වූයේ, රජය කිරිපිටි බද්ද මුළුමනින්ම ඉවත් කළ බැව්ය. මෙසේ දැනට කිරිපිටි කිලෝ එකකට තිබෙන ආනයනික බද්ද වන රුපියල් 175ක පමණ ප්‍රමාණය මේ අනුව ඉවත් වනු ඇතිය. මේ මගින් රජයට තිබෙන ආදායම අහිමි කරගෙන හෝ ජනතාවට සහනයක් සැලසීම පරමාර්ථය යැයි දැන් නිකුත් කළ රජයේ ප්‍රකාශයකින් කියැවී තිබිණි. මේ සඳහා මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමේ අමාත්‍ය මණ්ඩල තීරණයක්ද ප්‍රකාශයට පත්වී තිබිණි. කෙසේ හෝ මෙලෙස බදු ඉවත් කිරීම පවා බලපාන්නේ මහජනතාව වෙතය. එනම් ඉදිරියේදී රජයට අහිමි වන එම සුවිශාල ආදායමද රජය කෙසේ හෝ පියවාගත යුතුය. එහිදී අනිවාර්යයෙන් බිල්ලට හසුවන්නේ ජනතාවය. මෙයට ටික දිනකට ඉහතදී ඉන්ධන මිල ඉතාමත් උච්ච ලෙස අසාධාරණ අයුරින් ඉහළ දැමුවේය. ඉතිහාසයට වාර්තාවක්ද එක් කරමින් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 07ක්ද ඉහළ දැමුවේය. මේ නිසා දැනටමත් සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල අතිශයින්ම ඉහළ ගියේය. ඉන්ධනවලට සහනයක් ජනතාව ඉල්ලා සිටියත්, රජය එම ඉල්ලීම් තඹ දොයිතුවකටවත් මායිම් කළේ නැත. මේ අද අප සමාජයේ ඇති යථාර්ථයයි.

මේ අතර පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව මුහුණ දුන් අනෙක් ප්‍රධාන අර්බුදයක් වූයේ පොහොර හිඟයයි. මේ නිසා ගොවි ජනතාව මහත් අපහසුතාවයකට පත්වී විවිධ උද්ඝෝෂණ පවා සිදුකරන්නට ගත්තේය. එයට ප්‍රධාන හේතුව වූයේ, ශ්‍රී ලංකාවට රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කිරීමට රජය ගත් තීරණයයි. එසේම ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී භාවිතයට ගැනෙන්නේ කාබනික පොහොර පමණක් බවත් ප්‍රකාශයට පත්විය. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තම නිලධාරීන්ට ප්‍රකාශ කර සිටියේ ගුටිකාලා, බැණුම් අහලා හෝ කාබනික පොහොර භාවිතය සිදුකළ යුතු බැව්ය. එහෙත් අවසානයේදී මෙම පොහොර අර්බුදය තනිකරම ‘පොහොර කෝලමක්’ බවට පත්විය. අවසානයේදී ගොවීන්ට තම ගොවිතැන් සඳහා භාවිත කිරීමට කිසිම වර්ගයක හෝ පොහොර නොවීය. මෙම අර්බුදය තවම එසේම පවතින අතර, ඉදිරි මහ කන්නය වගා කිරීම සඳහා භයානක පොහොර හිඟයක් ඇති වනු ඇතිය. මෙම බියකරු තත්ත්වය යම් අයුරකින් වටහාගත් රජය, මෙම මහා සරදමින්ද බේරීම සඳහා නැවැත වරක් රසායනික පොහොර වර්ග ආනයනයට අවසර ලබා දුන්නේය. එසේම දැනට ගබඩා කර ඇති රසායනික පොහොර නිකුත් කිරීමටද සමාගම්වලට අවසර දුන්නේය. රජය කෙසේ හෝ ‘වැල යන පැත්තට මැස්ස ගසා’ දැන් ඇඟ බේරාගෙන ඇත.

මේ අතර ඉංග්‍රීසි-බටහිර ඖෂධවල හිඟයක්ද මේ දිනවල ඇති බැව් රෝගීහු චෝදනා කරති. පසුගිය කාලයේ බටහිර ඖෂධවල දරුණු හිඟයක් පැවැතුණද දැනට එය යම් ආකාරයකට සමනය වීමකට පත්ව ඇත. කෙසේ හෝ තවම රට තුළ තිබෙන්නේ ‘අරක නෑ, මේක නෑ’ කියන සංකල්පයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

යුරෝපයට යවපු බඩු රැසක් බාල කරලා! පරීක්ෂණ ඇරඹේ!

Next Post

මේවා තහනම්…! මේවා බෑ…! මේවට සීමා…! කොරෝනා නීති අද සිට තව තද කරයි…!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.