එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග, නැවත රට දින තුනකට ලොක් ඩවුන් කිරීමට නවසීලන්ත අගමැතිනිය තීරණය කර තිබේ.
අළුතින් හමුව තිබෙන ආසාදිතයා, විස් එක් හැවිරිදි තරුණයෙකි. ඔහු, උසස් පාසලක සිසුවෙකුගේ සහෝදරයෙකි.
ආසාදිතයා වාර්තා වී ඇත්තේ ඕක්ලන්ඞ් නගරයෙනි. ඕක්ලන්ඞ්, විශාල ජනප‍්‍රජාවක් ජීවත්වන නගරයක් වන අතර, නගරය දින හතකට වසා දැමීමට තීරණය කර තිබේ.










