ස්ත්‍රී දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොහොයුරා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග නිකුත් කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත මුදාහළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත බාරදෙන ලෙසද නියෝග කර ඇත.
2016 වසරේදී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ.










