• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට දැනෙනවනම් ආසාවෙන් රඟපානවා…

August 4, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මට දැනෙනවනම් ආසාවෙන් රඟපානවා…
Share on WhatsAppShare on Facebook

එදානම් පුදුම බයක් දැනුණේ…

වීදි නාට්‍යය කණ්ඩායමෙන් කලා ක්‍ෂේත්‍රයට පැමිණි නවක ශිල්පීන් අපිට මේ ක්‍ෂේත්‍රයේ දකින්නට, අහන්නට ලැබෙන්නේ කීයෙන් කීදෙනාද? වීදියෙන් තම ගමන ඇරැඹූ ඇයට පසුකාලීනව වේදිකාවේ වගේම ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේත් සම්මාන හිමිකර ගැනීමට වාසනාව හිමිවිය. ඉතින් දිගු කාලයකට පසු නැවැත ඇය මේ දවස්වල ‘මද්දු’ ලෙසින් ‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයෙන් ඔබට සමීප වෙනවා. ඉතින් ඇයගේ රංග කුසලතාව ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඇය තමයි නදීෂා මදුෂාණි රූපසිංහ.

නදීෂා ඉතින් කොහොමද ජීවිතේ..? මේ දවස්වල පුංචි තිරයේ බෙර පදයට තාලය අල්ලන හැටි දකිනවා. අපි කැමැතියි ඒ කතාව ගැන දැනගන්න?
‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයේ ‘මද්දු’ ලෙසට තමයි මම රඟපාන්නේ. ඒ කියන්නේ අප්පච්චිට දූවරුන් පස්දෙනෙක් ඉන්නවා. මම තමයි තුන් වැනි දුව ලෙසට රඟපාන්නේ.

ඔබ කාලෙකට පස්සේ තමයි නැවැත ටෙලිනාට්‍යයක රඟපාන්නේ. කොහොමද ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ?
‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයේ පිටපත් රචක ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පී සමන්ත කුමාරගමගේ අයියාව සහ රනිල් අයියාව මට මුලින්ම හමුවන්නේ ‘තුන්මංතැන්න’ ටෙලිනාට්‍යයේදී. ඉතින් ඒ තිබුණු දැනහැඳුනුම්කම මත තමයි සමන්ත අයියා මට ආරාධනා කළේ ‘පානාමංකඩ’ කියලා ටෙලිනාට්‍යයක් මම ලියනවා, ඒ නාට්‍යයේ ‘මද්දු’ චරිතයට මාව තෝරාගෙන තිබෙනවා කියලා.

ඉතින් ඔබ එකපයින් කැමැති වුණාද?
ඇත්තටම සමන්ත අයියා පැවැසූ විදියට චරිතයේ ස්වභාවයට මම ගොඩාක් කැමැති වුණා. ඒ වගේම අපේ දේශීය උඩරට නැටුම් කලාව මූලාශ්‍රය කරගෙන මේ ‘පානාමංකඩ’ ටෙලිනාට්‍ය නිර්මාණය කරන්නේ කියලා රනිල් කුලසිංහ අයියා කිව්වා. මම දන්න කියන ගොඩදෙනෙක් වගේම සුවිශේෂී ශිල්පීන් රැසක් රඟපාන නිසා පැකිලීමක් නැතුව මම කැමැතියි කිව්වා.

හැබැයි ඔබ හිතපු තරම් ‘මද්දු’ සංවේදී නැහැ නේද?
‘මද්දු’ කියන චරිතය ගැමි චරිතයක් වුණාට ටිකක් රැඩිකල්, දඩබ්බර, විශේකාර චරිතයක් තමයි මට නිරූපණය කරන්න තිබුණේ. ‘මද්දු’ සිහින එක්ක තමයි ජීවත් වෙන්නේ. අඩු තරමේ අප්පච්චි කියන දේවත් අහන්නේ නැහැ. ඉතින් මට දැනෙන්න යමක් කරන්න තිබුණු නිසා ආශාවෙන් කළා.

මේ චරිතය වෙනුවෙන් අභියෝග රැසකට මුහුණපෑමට සිදුවුණා නේද?
අම්මෝ ඔව්… ලොකු ගස්වලට නඟින්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවේ වැව්වල පීනන්න සිද්ධ වුණා.

වැවට බහින්න නම් ලොකු බයක් තිබුණා කියලා ආරංචියි?
එක්තරා දර්ශනයක් තිබුණා මගේ පෙම්වතා වැවේ පීනාගෙන ගොඩට එනවා මාව දැකලා මම සමග කතා කරන්න. ඒ අවස්ථාවේ වැවේ කිඹුලෙක් සිටින බව ඩ්‍රෝන කැමරාවෙන් අපිට දැකගන්න ලැබුණා. එදා නම් මම පුදුම බයක් වුණේ. ඔහුට කරදරයක් වෙයි කියලා. ඒ තිබුණු බයත් එක්ක මට නැවැත තිබුණා වැවකට බහින්න. කිඹුලාට තිබුණු බය නිසාම මම බහින්න අදිමදි කළා. ඒත් ඉතින් සියලුම දෙනාගේ සහාය ඇතිව මම වැවට පස්සේ බැස්සා.

ඔබ සම්මාන හිමිකර ගත්ත සුවිශේෂී රංගන ශිල්පිනියක්. එහෙත් නිර්මාණවල දකින්නේ අඩුවෙන්?
2017 නැඟී එන නිළියට ‘රයිගම්’ සම්මාන උළෙලේ සම්මාන මට හිමිවුණා. යෞවන කෙටි නාට්‍ය උළෙලේ හොඳම කෙටි නාට්‍ය නිළියට හිමි සම්මාන හිමිවුණා. මට එහෙම සම්මාන ලැබුණා කියලා හැම නිර්මාණයකටම සම්බන්ධ වීමට අදහසක් නැහැ. කාලෙකට පස්සේ තමයි මම ‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රත්නපුර රෝහලේ ‘හදිසි තත්ත්වයක්’!

Next Post

අල්ලන කුඩු වාෂ්ප වෙනවද! කුඩු නඩු සහ මරු බඩු!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.