මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සියලුම දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන් කැදවා ආණ්ඩුවේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට තීන්දු කර ඇත.
ඒ අනුව පළමු අදියරේදී දිස්ත්‍රික්ක 4ක මැතිඇමැතිවරුන් කැදවා එසේ සාකච්ජා කිරීමට නියමිතය.
කෑගල්ල, බදුල්ල, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන් පළමු අදියරේදී එසේ කැදවීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී එක් මන්ත්‍රීවරයකුට විනාඩි 15ක කාලයක් ලබා දීමටද අමාත්‍යවරයා සූදානම් කොට ඇති බව වාර්තා වේ.
මීට පෙර සිටි කිසිදු මහාමාර්ග අමාත්‍යවරයකු මෙසේ මැතිඇමැතිවරුන් කැදවා අදාළ දිස්ත්‍රික්කවල මාර්ග සංවර්ධනය පිළිබද අදහස් විමසා නැති බවද දැනගන්නට ඇත.










