ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය දෛනික ව්‍යායාම සඳහා පා පැදියක නැගී ගමන් කරද්දී එම පා පැදිය අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා ඇත.
ඊයේ (21).කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සිදුවූ මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ නලලට, අත් සහ පාදවලට තුවාල සිදුවී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එය සාමාන්‍ය රිය අනතුරක් බවයි.
තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනම තමා නිවසට පැමිණි බව ද ඇමතිවරයා කීවේය.










