• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

තත්ත්වය භයානකයි! ‘ලැම්ඩා’ ගැන ලංකාවේ මහාචාර්යවරයෙක් අමෙරිකාවේ සිට ‘මව්රට’ට කරපු ‌අතිවිශේෂ හෙළිදරව්ව!

July 22, 2021
in Exclusive, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
ඩෙල්ටාවලින් පසු ‘ලැම්බ්ඩා’ ඇවිත්!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් සම්බන්ධව මේ වෙනකො එක එක තාලෙ කතන්දර කියැවෙනවා. ඒවා ගැන අපි හරියටම කියන්න දන්නෙ නැහැ. ඔබ මේ ලිපිය කියවන දවස වෙනකොට රට එක්තරා මට්ටමක තීරණයකට ඇවිල්ල වෙන්න පුළුවන්. එක අතකින් එන්නත්කරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. තවත් අතකින් අලුත් ප්‍රභේදයක් රට පුරාම පැතිරෙනවා. මේ දෙක කියන්නෙ දෙගොල්ලක්. පළවෙනි කතාව කියන්නෙ දේශපාලකයො. දෙවැනි කතාව කියන්නෙ දොස්තරලා. හැබැයි මේ වෙනකොට පිටරටවල් අතරින් කිහිපයක් අලුත් ඉලක්කයක් වෙත යන්න පටන් අරගෙන.

සිංගප්පූරුව මේකට කියන්නෙ ‘නිව් නෝමල්’ කියලා. එංගලන්තය සැලසුමක් හදලා ඉවරයි වහාම රට අරින්න. ඔවුන් මාස්ක් පැලඳීම ගැන පවා තමන්ට සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න කියලා යෝජනා කරනවා රට වටා සිටින්නන්ට. ඒත් අපි අද කොතැනද ඉන්නෙ. අපි අද මුහුණදෙමින් ඉන්නෙ සාමාන්‍යකරණයටද? නැත්නම් බරපතළ ව්‍යසන තත්ත්වයකටද? ඇත්තටම මේ ‘කොවිඩ්’ කියන නමත් එක්ක අපි ඉතා අසරණ වෙච්ච මිනිස්සු. අපට මොකක් වෙයිද කියන එක ගැනවත් නිශ්චිත අදහසක් නැතිව අපි මාස ගණනක් ගතකරලා ඉවරයි. අදත් මේ රටේ අධ්‍යාපනය පවා තියෙන්නේ එහමෙ තැනක. අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ නිශ්චිත අදහසක්.

“ඇත්තටම මොකක්ද වෙන්නෙ?”

එහෙන් මෙහෙන් මතුවන අලුත් ප්‍රභේද මොනවද? ‘ඩෙල්ටා’ කියලා ප්‍රභේදයක් ලංකාවෙ තියෙනවාය කියලා කියනවා. ඒක දිස්ත්‍රික්ක කිහිපයක් පුරාම පැතිරිලා කියලත් කියනවා. ඇත්තටම මේ මොකක්ද? ඒ අතර දේශපාලනික වශයෙන් මේ කොවිඩ් සටනේ පෙරමුණ අරගෙන ඉන්න අය කියන විදියට අපේ එන්නත්කරණය විධිමත්ව වෙනවද? ඔවුන් කියන විදියට ඒ දිස්ත්‍රික්ක කිහිපයවත් මේ සියලු නම්ගම් සහිත ප්‍රභේදවලින් නිදහස් කරගන්න අපට පුළුවන් වෙයිද? එංගලන්තතෙ වුණා වගේ අපට කොරෝනාවලින් නිදහස් වෙන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවද? එහෙමත් නැත්නම් මේ කරන්නෙත් කොළේ වහල ගේමක් ගහන එකද? මේ වතාවෙත් පී.සී.ආර්. බලන එක හරියට වෙනවද? ඉස්සර පාරෙ තොටේ යනකොට අපි දැක්කෙ පී.සී.ආර්.කරන තැන්. ඒත් දැන් දකින්න ලැබෙන්නේ පී.සී.ආර්. කරන තැන් වෙනුවට එන්නත් ගහන තැන්. අන්න ඒක නිසා අපි ඒ ගැන හොයන්න හිතුවා.

“ඕනෙම වෛරසයක් වෙනස් වෙනවා කාලයත් එක්ක. ඒ කියන්නෙ ජාන අනුව වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේකෙ සංයුතිය වෙනස් වෙනවා. ඒක සමහර වෙලාවට වේගයෙන් වෙනවා. සමහර වෙලාවට ඉතා හෙමින් වෙනවා. මේකෙන් වෙන්නෙ පරිසරයට වඩාත් ගැළපෙන දේ ඉස්සරහට යනවා. ඒ කියන්නෙ පරිසරයට අනුගත වෙන්න පුළු‍වන් එක ඉස්සරහට යනවා, අනිත් ඒව මැරිලා යනවා. නමුත් එක කාලයක තියෙන එක ටික කාලයක දී වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන වෙනස්වීම්වලින් ඔය වෛරසයේ ගතිගුණ වෙනස් වෙන්න පුළු‍වන්. මේ වෙනස්වීම් වැටෙන කාණ්ඩ තුනක් තියෙනවා. ඒ කාණ්ඩ තුන

  1. වෙනස්වීමක් තියෙනවා. ඒත් ඒකෙන් හානියක් නෑ.
  2. වෙනස්වීමක් තියෙනවා. ඒකෙන් බලපෑමක් තියෙනවා. ඒත් ඒකෙන් ලොකු හානියක් නෑ.
  3. වෙනස්වීමක් තියෙනවා. විශාල බලපෑමක් තියෙනවා.

දැනට සාර්ස් කොවිඩ්වල තියෙන්නෙ ඔය මුල් කොටස් දෙකට අයිති වෙන ජාතියෙ වෙනස්කම් විතරයි. කොහොමවත් දැනට තුන්වැනි මට්ටමේ වෙනස් වාර්තා වෙලා නෑ. හැබැයි මේ කියන හැම වෙලාවකම හිතට ගන්න ඕනෙ මේ අපි කියන්නෙ දැනට. මේ මොහොත වෙනකොට විතරයි. හෙට වෙන දේ හිතන්නවත් බෑ.

දැන් ඔය ඩෙල්ටා කියලා ප්‍රභේදයක් හැදෙන්නෙ මෙහෙමයි.

ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා විදියට අපි වෙනස්කම් කීපයක් නම් කළා. ඒ විදියට තමයි ඔය ඩෙල්ටා කියන ප්‍රභේදය ගැන සඳහන් වෙන්නෙ. මේවා අයිතිවෙන්නෙ අර කලින් කියපු දෙවැනි කාණ්ඩයට. මේ නම්වලින් කියන ඒවා තමයි.
එක්සත් රාජධානියෙ ප්‍රබේදය

දකුණු අප්‍රිකන් ප්‍රබේදය
බ්‍රසීල ප්‍රබේදය
ඉන්දියන් ප්‍රබේදය
මේ ප්‍රබේද ටික තමයි, අපි ඔය වෙන නම් ටිකක් දාලා දැන් අඳුනගෙන තියෙන්නෙ. ඉස්සෙල්ලා නම් කිව්වෙ හොයාගත්ත නම් අනුව.
ඊටා, ලෝටා, කැපා, ලැම්ඩා

මේකෙන් ඊටා කියන්නෙ හැම තැනම හමුහුණු එකක්. මේකෙන් අපිට දැනට අහන්න ලැබෙන්නෙ ලැම්ඩා කියන එක විතරයි. ඒක පේරුවල තියෙන වෙන ප්‍රභේදය. මේ වෙනස්වීම් අයිති වෙන්නෙ පළමුවැනි කාණ්ඩයට. ඒක ඒ තරම්ම දරුණු නෑ. හැබැයි ඒ දැනට.

මේක වෙනස් වෙන්න පුළු‍වන්. මේ විදියට වෙනස් වුණාම ඒකෙ පැතිරීම වැඩි වෙනවා. ඒ වගේම ලෙඩෙන් ඇතිවෙන බලපෑම වැඩිවෙන්න පුළු‍වන්. ඒ වගේම බෙහෙත්වලට නැත්නම්, වැක්සින්වලට පරාජය කරන්න බැරි වෙන්න පුළු‍වන්. හැබැයි දැනට එහෙම තත්ත්වයක් නෑ. දැනට අහන්න තියෙන විදියට ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත්වලට මේවට මුහුණ දෙන්න පුළු‍වන් කියලා මම අහලා තියෙනවා. සයිනොෆාම් ගැන නිශ්චිත පර්යේෂණ අපි දැකලා නෑ. සමහරු කියනවා 60%ක 70%ක බලපෑමක් තියෙන්නෙ කියලා කියනවා. ඒත් ඒවා නිශ්චිත නෑ. සමහරු කියනවා සාර්ථකයි සම්පූර්ණයෙන්ම කියලා. ඒත් මේ පැතිරීම වැඩිවීම සහ ශරීරයට ඇතිකරන බලපෑම වැඩිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ ටිකක් අමාරුයි කියන එක. ඩෙල්ටා ප්‍රභේදය ගැන ඔබ දන්නවා. ඒකෙන් කැස්ස නොහැදීම අමාරු වෙනවා අපි දැක්කා. ඒත් භයානක වෙනසක් තවම වාර්තා වෙලා නෑ.

කොහොම නමුත් වෛරසයක වෙනස් වීම අනුව පැතිරෙන වේගය වැඩිවෙන්න පුළුවන්. ඒ වෙනස්වීම අනුව ව්‍යාප්තිය වෙනස් වෙන්න පුළු‍වන්. මේ පැතිරෙන ආකාරය අනුව කීදෙනෙක්ට බෝවෙනව ද කියන එක වෙනස් වෙනවා. ඒ වගේම වෛරසයක් ශරීරයකට ගියාම ඇතිකරන බලපෑම වෙනස් වෙන්න පුළු‍වන්. අනික අමාරු වෙන්න පුළුවන් සමහර විට. ඒකෙන් වෙන්නෙ වෛරසයක් ශරීරයේ ප්‍රතිශක්තිකරණයක් එක්ක කොහොම ද වැඩකරන්නෙ කියන එක.

හැබැයි මොනම වර්ගයක හෝ වැක්සින් එකක් මේ වෙලාවෙ ගන්නෙ නෑ කියන්නෙ විශාල වරදක්. මෙහෙම වැක්සින් නොගන්නා අය නිසා ඉක්මනින් විශාල වෙනස්කමක් සහිත ප්‍රභේදයක් හැදෙන්න පුළු‍වන්. ඒක එහෙම වුණොත් කිසිම කෙනෙක්ට ඔරොත්තු නොදෙන්න පුළුවන්. මොකද මේ වෙනස්කම් වෙන්නෙ ප්‍රතිශක්තිකරණයක් නැති ශරීරයක් ඇතුළෙ දි.”‍

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොහොට්ටුවෙයි-ශ්‍රීලනිපයෙයි කකුල් 2ක් බෑ! ශ්‍රීලනිප හමුව උණුසුම්! (VIDEO)

Next Post

ජෛව බුබුළේ සිටි ක්‍රීඩකයන්ට කොරෝනා හැදුණේ කොහොමද? වැරැද්ද ක්‍රීඩකයන්ගේද-ක්‍රිකට් ආයතනයේද?

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.