• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජෛව බුබුළේ සිටි ක්‍රීඩකයන්ට කොරෝනා හැදුණේ කොහොමද? වැරැද්ද ක්‍රීඩකයන්ගේද-ක්‍රිකට් ආයතනයේද?

July 22, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
එහෙත් අවුල්! ක්‍රිකට් ක්‍රීඩකයන් පඩි එපා කියයි!!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව සමඟ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙරටට පැමිණියේ මීට සති දෙකකට පමණ පෙරය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ එංගලන්තයේය. ඒ එංගලන්තය සමඟ පැවැති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමිනි. එංගලන්තය සමඟ ක්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙරද මෙරට ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. ඒ ක්‍රිකට් ආයතනය සකස් කළ නව ගිවිසුම් ක්‍රියා පටිපාටියට ක්‍රීඩකයන් විරුද්ධ වීම හේතුවෙනි. ඒ හේතුවෙන් එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් එක් වූයේ ක්‍රිකට් ආයතනය සමඟ ඇති කර ගත් තාවකාලික එකඟතාවයක් මතය.

ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ ඉන්දීය සංචාරයට සහභාගි වීමට අවශ්‍ය නම් ක්‍රීඩකයන් ගිවිසුම් ගත වීම අනිවාර්ය බවය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් එය ප්‍රතික්ෂේප කළහොත් ඒ සඳහා විකල්ප පියවර ගැනීමට ක්‍රිකට් ආයතනය සූදානම් වූයේද ඒ අනුවය. එංගලන්ත තරග සංචාරය නිමවා ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණීමටත් පෙර එළැඹෙන ඉන්දීය තරගාවලිය ඉලක්ක කර ගනිමින් විකල්ප කණ්ඩායමක් සූදානම් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

වර්තමානයේදී කණ්ඩායම් වශයෙන් සිදු කෙරෙන කටයුතු සඳහා ජෛව බුබුළු ආරක්ෂිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තරයේ පිළිගත් සම්ප්‍රදාය බවට පත්ව ඇත. ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා එම තත්ත්වය විශේෂය. එබැවින් ඉන්දීය තරගාවලිය ඉලක්ක කර ගනිමින් සූදානම් කළ විකල්ප කණ්ඩායමද නියමාකාරයෙන් ජෛව ආරක්ෂිත බුබුළක් ලෙස පවත්වා ගෙන යෑමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණි.

එම විකල්ප කණ්ඩායම කොළඹ ප්‍රදේශයේ හෝටලයක නතර වී පුහුණුවීම්වල නිරත වී සිටි අතර එංගලන්තයේ සිට පැමිණි කණ්ඩායම දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක් සඳහා යොමු කෙරිණි. ඒ ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමට එංගලන්තයේ සිට පැමිණි ක්‍රීඩකයන් එකඟ වීමත් සමඟිනි.

ජෛව බුබුළු යටතේ ආරක්ෂිතව කල් ගත කළ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් යොදා ගනිමින් පුහුණු තරගයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ ඉන් අනතුරුවය. දඹුල්ලේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය සඳහා කොළඹ සිටි විකල්ප කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනකුද පිටත්ව ගොස් තිබිණි. එලෙස පිටත්ව ගොස් සිටි ක්‍රීඩකයන් වූයේ අශාන් ප්‍රියන්ජන්, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න, චතුරංගද සිල්වා සහ සඳුන් වීරක්කොඩිය. පිටත්ව යෑමට පෙර එම ක්‍රීඩකයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණද සිදු කොට තිබුණු නමුත් එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට පෙර එම ක්‍රීඩකයන් පස් දෙනා දඹුල්ලේ සිටි ක්‍රීඩකයන් සමඟ සම්බන්ධ වූ බවද දැනගන්නට ඇත.

එම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 10 වැනිදාය. කෙසේ වුවත් දඹුල්ලට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම මඳක් පමා වී තිබිණි. ඒ අතරවාරයේ කොළඹ සිට දඹුල්ලට පැමිණි ක්‍රීඩකයන් සිවු දෙනකුගේ පී. සී. ආර්. වාර්තාද ලැබී තිබුණු අතර එම ක්‍රීඩකයන් සිවු දෙනාටම කොවිඩ් 19 ආසාදනය වී නොතිබුණු බව එම වාර්තා හරහා සනාථ වී තිබිණි.
නමුත් කොළඹ සිට දඹුල්ල බලා පිටත් වූ අනෙක් ක්‍රීඩකයා වූ සඳුන් වීරක්කොඩිගේ පී. සී. ආර්. වාර්තාවේ ප්‍රතිඵල ලැබීම යම් තරමක් ප්‍රමාද වී තිබිණි. එලෙස ප්‍රමාද වී ලැබුණු වාර්තාවෙන් තහවුරු වී තිබුණේ සඳුන් වීරක්කොඩිට කොවිඩ් ආසාදනය වී ඇති බවය. ඒ සමඟම ඔහුව විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගත් බලධාරීන් අනෙක් ක්‍රීඩකයන් පස් දෙනා නිරෝධායන සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඒ සිද්ධිය හරහා දඹුල්ලේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුළට අදාළ ක්‍රීඩකයන්ට බලපෑමක් සිදු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. නමුත් යම් හෙයකින් වර්ෂාව හරස් නොවී නියමිත පරිදි තරගය පැවත්වූයේ නම් මෙම තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබූ බවද දැන ගන්නට ඇත. විශේෂත්වය වන්නේ ඒ වන විටද ශ්‍රී ලංකා කණ්ඩායමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබීමය. ඒ හේතුවෙන් ඉන්දීය තරගාවලිය දින කිහිපයක් ප්‍රමාද කරන්නටද බලධාරීන්ට සිදු වී තිබිණි. එංගලන්තයේ සිට පැමිණීමේදී එලෙස කොවිඩ් ආසාදනය වී තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවන ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට සහ දත්ත විශේලේෂකයෙකුටය.

සෑම පහසුකමක්ම ලබා දෙමින් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ජෛව බුබුළු තුළ රඳවා තැබීම සඳහා ක්‍රිකට් ආයතනය වැය කරන මුදල අති විශාලය. එලෙස විශාල මුදලක් වැයකරමින් සිදු කෙරෙන කටයුත්තකින් නිසි ප්‍රතිඵල නොලැබෙන්නේ නම් එය ජාතික අපරාධයක් බව බොහෝ දෙනාගේ අදහසය. ජෛව බුබුළු තුළ අතිශය ආරක්ෂිතව රඳවා තබන ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ටත් කොවිඩ් ආසාදනය වීම හරහා පෙන්නුම් කරන්නේ එම ක්‍රමවේදය නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බවය. එනම් නිරපරාදේ ජනතා මුදල් නාස්ති වී ඇති බවය.

එංගලන්තයේදී තරගයක් අවසානයේ තම හෝටලයෙන් පිටතට ගොස් සිටි ක්‍රීඩකයන් තිදෙනා සිදු කළ බරපතළම වැරැද්ද වූයේද ජෛව බුබුළෙන් මිදීමය. එම ක්‍රීඩකයන් වහාම ශ්‍රී ලංකාවට ආපසු එවීමට බලධාරීන් පියවර ගත්තේද ඒ හේතුව මතය. එබැවින් එම තරගාවලිය අතරතුර පුහුණුකරුවන්ට කොවිඩ් ආසාදනය වූයේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය සොයා බැලිය යුතුය. එමෙන්ම ජෛව ආරක්ෂිත බුබුළක් යටතේ මෙරට සිටි ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වීම පිළිබඳවද ක්‍රිකට් බලධාරීන් පිළිතුරු ලබා දිය යුතුය. යම් හෙයකින් එදා පුහුණු තරගය පවත්වා සඳුන් වීරක්කොඩිද එයට ක්‍රීඩා කළේ නම් තත්ත්වය මීට වඩා බොහෝ බරපතළ වීමට ඉඩ තිබුණු බව සෑම දෙනාගේම අදහසය. ඇතැම් විට ඒ හරහා ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට පවා සිදුවන්නට ඉඩ තිබිණි. වාසනාවට සඳුන් වීරක්කොඩිට කොවිඩ් ආසාදනය වීම එතරම් දුරදිග ගියේ නැත. නමුත් එය බලධාරීන්ට පාඩම් ඉගෙන ගැනීමට දුන් අවස්ථාවක් බව අපේ අදහසය.

ජෛව බුබුළු සංකල්පය හරහා වර්තමානයේදී ලෝකයේ බොහෝ ක්‍රීඩා තරග ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඇත. ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලියේදී එය අසාර්ථක වුවද, සෙසු තරගාවලිවලදී එය ඉතාම හොඳින් ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට ඇත. යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය පසුගියදා අවසන් වූයේ අති සාර්ථක ලෙසිනි. ඒ සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් ගණන අති විශාලය. එමෙන්ම ඔලිම්පික් උළෙල සඳහාද සියලු කටයුතු සූදානම් වෙමින් ඇත. ඒ සඳහා ක්‍රීඩකයන් දහස් ගණනක් සහභාගි වීමට නියමිතය. ඒ සියලු ක්‍රීඩකයන් ආරක්ෂාවන්නේ ජෛව බුබුළු සංකල්පය හරහාය.

එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේදී ජෛව බුබුළු තුළ ආරක්ෂිතව පසුවන ක්‍රීඩකයන්ටද කොවිඩ් ආසාදනය වීම ඉතාම කනගාටුදායක තත්ත්වයකි. සඳුන් වීරක්කොඩි සමඟ කොළඹ ක්‍රියාත්මක වූ ජෛව බුබුළේ සිටි ක්‍රීඩකයන් ගණන 15කි. එතරම් කුඩා කණ්ඩායමක් පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ අපේ බලධාරීන්ගේ නොහැකියාව සහ නොසැලකිල්ල බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තත්ත්වය භයානකයි! ‘ලැම්ඩා’ ගැන ලංකාවේ මහාචාර්යවරයෙක් අමෙරිකාවේ සිට ‘මව්රට’ට කරපු ‌අතිවිශේෂ හෙළිදරව්ව!

Next Post

ලෝකෙන්ම කුජීත වෙච්ච කොම්පැනියක් ආණ්ඩුවෙන් කෝටි ගාණක ටෙන්ඩරයක් ගන්න හදයි! පිටුපස ඉන්නේ යහපාලනේ හිටපු ඩීල් ඇමැතියෙක්ලු!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.