• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝර මල්ලයි මාර පොල්ලයි!

June 30, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
පෝර මල්ලයි මාර පොල්ලයි!
Share on WhatsAppShare on Facebook

ගමේ ගොඩේ කාන්තාවන්ගේ සණ්ඩුව “කොණ්ඩා වලු පටලවා” ගැනීමය. කොණ්ඩා වලු පටලවා ගැනීම යන්නට “කැරැල්ලුම්” ඇල්ලීම යන්න ද පර්යාය වේ.කැරැල්ලුම යන පදය “කැරැල්ල” යන්නෙහි වෘද්ධියකි. නැතහොත් පෙරැළියකි. කැරැල්ලේ බහු පදය “කැරලි” යන්නය. කැරැල්ල ඒක වචන වුවද සමූහාර්ථ පදයකි.

කැරැල්ල “නූල්” හෝ “ලණු” වුවහොත් පොටවල් බොහෝය.

පිහියක් වැනි ආයුධයක් මොට්ට වූ කල යළි මුවහත් කිරීමට “පණ පොවනවා” යැයි කීවද ඒ වර්ගයේම කැපෙන ආයුධයක් වන “දැකැත්ත” යළි “තිරිහන්” කිරීමට පණ පොවනවා කියනනේ නැත. ඒ කාර්යය හඳුන්වන්නේ “කැරලි කොටනවා” ලෙසිනි.

කැරැල්ලක ප්‍රතිවිපාක වශයෙන් ගම් දනව් ගිනිබත් කෙරෙමින්, පියා ඉදිරියේ දියණියත් පුත්‍රයා ඉදිරියේ මවත් දූෂණය කෙරෙමින් බිලිඳු දරුවන් දෙකට ඉරමින් අමු අමුවේ විශාල ජන සංහාරයක් කෙරුණේ ලංකාවේ “පළමු නිදහස් සටන” ලෙසින් අද හැඳින්වෙන්නා වූ එදා වෙල්ලස්සේ “කැරැල්ලෙනි”.

එදා රට කරවූ පරදේශක්කාර සුද්දන්ගේ තුවක්කුවට, බයිනේත්තුවට, කඩුවට, කිණිස්සට බිලි වූවෝ මෑතක් වන තුරුම (2018) රජයේ පොත්පත්වල සඳහන් කර තිබුණේ ජාතිද්‍රෝහීන් වශයෙනි.

ඔවුන් ඒ ද්‍රෝහීභාවයෙන් මුදාගනු ලැබුවේ පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය භාරව සිටි ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර විසිනි.

වෙල්ලස්ස කැරැල්ලේ පෙරගමන්කරුවන් වූවෝ ගොවියෝය.

පළාතේ වෙල්(කුඹුරු)ලක්‍ෂයක් වූවෙන් පළාත්“වෙල්ලස්ස”වූ බව අර්ථ දක්වන්නෝ කියති.

“ඇතිමලේ” ප්‍රදේශය ඇත්තේද වෙල්ලස්සේමය. ඇතිමලේ දුටුගැමුණු රජුන්ගේ “කෙත්” යායයි.

මහ යුද්ධයේදී සෙබළුනට අවශ්‍ය බත සැපයීම උදෙසා කල් ඇතිවම ප්‍රදේශයේ ගොවිතැන පවරා තුබුණේ රජුගේ සොහොයුරු“තිස්ස” කුමාරයාටය. රජු කෙත් යාය බලන්නට ගියේය. වගාකළ ප්‍රදේශය ඇත්දැයි (ප්‍රමාණවත් දැයි) තිස්ස කුමරු ඇසුවේලු. “රජු ඊට පිළිතුරු වශයෙන් සිය මලනුවන් අමතා “ඇති මලේ”යැයි කීවේය. එවක් පටන් ප්‍රදේශය “ඇතිමලේ
වීලු.

වෙල්ලස්සේ කැරැල්ලේ නායකත්වය දැරුවෝ රජුගේ බත්ගම ඒ ගොවි පවුල්වලින් පැවැතෙන්නෝය.

එහෙත් මේ වන විට ඒ ගොවි හමුදාවේ මීමුණුබුරන්ට පමණක් නොව රටේ සමස්ත ගොවියනටම (මඩ සෝදා ගත් කල රජකමට – වර්තමානයේ නම් ජනාධිපතිකමට – සුදුසු අයට) රටට බත සැපයීමේ රාජකාරිය කරන්නට පාලක පක්‍ෂය ළඟ නාහෙන් අඬමින් “කණිපින්දම්” ගාන්නට සිදුවී තිබේ. ඒ අවශ්‍ය පොහොර ටික ලබාගන්නටය.

මේ වනවිට රටේ සමස්ත ගොවි ජනතාවගේ එකම කාලඝෝෂ්ඨිය “පොහොරය”.

පොහොර ප්‍රශ්නය ඇතිවූයේ වැඩිවන ජන ඝනත්වය සමග කටවල් සංඛ්‍යාව වර්ධනය වුවත් පාරම්පරික ක්‍රමවේදය අනුව නිෂ්පාදනය සමගාමී නොවීම නිසාය.

“යල” සහ “මහ” වශයෙන් වසරකට දෙවරක් වරකට මාස හයක කාල පරාසයක් තුළ (දෙකන්නක්) කෙරුණු වී වගාව වසරකට තුන්වරක් කළ හැකි අන්දම ගැන පරීක්‍ෂණ පටන් ගත්තේ කටවල් පුරවන්නටය.

දේශීය ගොවිතැනේදී දේශීය වීවලින් වැවුණු ගොයමට පොහොර වශයෙන් එතෙක් යෙදවුණේ පෑගූ ගොයමේ පිදුරු ටික සහ කුඹුර අද්දර බඩවැටියේ වැවුණු යම් යම් ගස්කොළන්වලින් පෑහා ගත් අතු ටික පමණි.

එහෙත් දෙමුහුන් “උන්නැහේට” ඒ ආහාර ප්‍රමාණවත් නොවිණි. “ක්‍ෂණික නූඩ්ල්ස්” මෙන් ක්‍ෂණික ආහාරම ඉල්ලා සිටියේය.
අනේ අපරාධෙ කියන්න බැරිය. බහුජාතික මහත්වරු අපට මදි නොකියන්නම එදා පටන් මේ දක්වාම අපට බෙදා දෙන්නට පොහොර නැව් පිටින්ම ගෙනැවිත් දෙන්නට පටන් ගත්හ. ඒ රසායනික පොහාරවල සංක්‍රාත්තියයි.

වරක් කියුබාවේ මහා නියඟයක් පැතිරී සමස්ත වගාබිම් විනාශ වී ගියේය. පසු කලෙකදී අනාවරණ වූයේ කිසියම් බලවන්ත රටක් කියුබාව මත්තේ “ඕසෝන් ස්ථරය” විද සූර්යාලෝකය ඍජුවම එරටට වැටෙන්නට සලසා කෘෂිකර්මය විනාශය කළ බවයි.

මේ ටික කීවේ අපේ ගොවිතැනට ගෙනා පොහොර යොදා වැඩිකලක් ගතවන්නට මත්තෙන් යෝධ නිදිකුම්භා, මානා කුඩ මැට්ට, තුනැස්ස, වෙල් කරාඹු ආදී හඳුනා ගත් සහ හඳුනා නොගත් විනාශකාරී ශාක මහා පරිමාණයෙන් ගොයමට වැඩියෙන් ඉස්මතු වූ බැවිණි. අර නැව්වලින් ඒ තෘණ වර්ගද පැමිණ තිබුණේය.

මහා ඖෂධ ගුළියක් රැගෙන මහෟෂධ පණ්ඩිතයන් උපන්නාසේ ඒ අවස්ථාවේ සිට අපේ ගොවියනට පිහිට වීමට එවරද බහුජාතික සමාගම් උතුමෝ නැව් පුරවා වල් නාශක ආනයනය කර දුන්හ. කෘෂි උපදේශක මහත්වරුන්ටත් වැඩියෙන් කරුණු කාරණා දන්නා කඩේ මුදලාලිලා ගොවියන්ගේ තෙල් ගැසීමේ පුරා්හිතයෝ වූහ. උපදෙස් ඔවුන්ගේය.

‘කෙලපිය සිමෝ තලප හැලියට’ කීවාක් මෙන් අපේ මහත්වරුද ලෝස් නැතුවම තෙල් ගැසූහ. තෙල් ගසා ටික දවසක් ගතවෙද්දී කොළ කන දළඹුවා වැනි විවිධ වර්ගයේ කෘමීහුද වහ වැටුණෝය. දිලීර කොළ කහ වීම, පුල්ලි ඉසීම වැනි රෝග ද පැතිරිණි. විසෙන්ම උපන් බැවින් කෘමීහු රාස්සයන් කන පරාස්සයන්ටත් වඩා බිහිසුණු වූහ.

පසුගිය මැතිවරණයේ ගොවීන් ග්‍රහණය කරගැනීමේ එක් පොරාන්දුවක් වූයේ සහන පොහොරය.

අපේ කාට කාටත් ඉන්න කෙනා මහසොහොනෙකි. එන්න හදන කෙනා හිතූ පැතූ සම්පත් දෙන ගැලවුම්කාර දේවතාවෙකි. අවුරුදු හතර පහකින් පසුව අර දේවතාවා මළ සොහොන් යකෙක් වෙයි. මළ සොහානා ලෙස එළවා දමා සිටිකෙනා යළි දේවතාක්මය ලබයි. ඒ, මේ ශ්‍රී ලංකා ඉල්ලංකා දීපේ හැටිය. ගතවූ අවුරුදු හතළිහක පනහක අත්දැකීම් එසේය. ගොවියනට සහන පොහොර දීම ලංකාව යළි යළි චීනාට උකස් කිරීමක් වැන්න.

දැන් ඉතින් නොමිලේ පෝර මල්ල “මාර පොල්ලක්” වී තිබේ. ඒකට හදිසි විසඳුම් තුරුම්පුව කාබනික පොහාරය. මේඩ් ඉන් ශ්‍රී ලංකාය.

1960 දශකයේ සිට පාසලේ, විශ්වවිදා්‍යාලයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ පමණක් නොව විවිධ කෘෂි ආයතනවල කියැවුණේ ලියැවුණේ ඉගැන්නුණේ යූරියා, ඇම්.ඕ.පී.පී., එස්ටී. ගැනය. රසායන පොහොර සම්බන්ධයෙනි.
දැන් ඒ සියල්ල ආපස්සට කැරකී කාබනික පොහාර උඩට පැන “සිරිලක දේ සිරි සැප දේ” සිද්ධාන්තය පටන් ගෙන තිබේ. වැඩේ හොඳය. ශ්‍රේෂ්ඨය. ක්‍රමවේදය සවුත්තුය.

ගහෙන් ගෙඩිය එන්නාක් මෙන් සිදුවූ මේ හෙණගෙඩිය නිසා ගොවියන්ට එලොව පොල් පෙනී තිබේ. මෙතෙක් යෙදූ පොහොර නැති නිසා අස්වැන්න සියයට පනහකින්ම (50%) පහත වැටෙන බව ගොවියෝ ළෙහි අත් ගසා පවසති.
ඔවුන් කාබනික පොහොරවලට “සංචරණයවීමට”සමාවන්න “සංක්‍රමණයවීමට” අකමැත්තක් නැත. කළ යුත්තේද එවැනි දේය. දියුණු කළ යුත්තේ අපේ දේය. දේශීය දේය. ඒ ගැන ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය. කී පමණින්ම කළ නොහැකිය. ඊට අනුගතවිය යතු ක්‍රමවේදයක්ද කාල පරාසයක්ද තිබේ. වැසිකිළියට ගොස් සිටියදී වතුර නැවැත්තුවා මෙන් බැරිය.
හැන්දැැවේ නිදාගෙන පසුදා උදේ නිදි පැදුරෙන් නැගිට්ට හැටියේම “කාබනික පොහොර භාවිත කළ යුතුයි” කී පමණින් ගොවීනට එසේ කරන්නටද නොහැකිය.

“ගහපන් පුතේ බඩ පිනුමක් දෙකට නැමී” යැයි හාම්පුතා කී පමණින්ම බඩපිනුම් ගහන්නට ගොවියන්ට බැරිය. කිසි දිනෙක නියරක මඩ තලියන් නොතිබ්බ, එහෙත් එන එන පක්‍ෂයේ හැටියට ටයි එක වෙනස් කරමින් සීතල කාමරවල අයට නම් එසේ බඩ පිනුම් ගසන්නට පමණක් නොව කස්තිරම් උඩ වීසි බිම වීසි ඇල්ලීමටද හැකිය.

එහෙත් ගොවියන්ට මේ වෙලාවේ අවශ්‍ය පොහොරය. ඒ අජරාමර වන්නට නොව, තම දරුමල්ලන්ගේ සුදහ ගින්න නිවීමටය.
පූර්වාචාර්ය (පෙරසිටි) ඇතැම් පුරෝහිතාචාර්යයන් වහන්සේලා හදිස්සියකදී අමුඩගසා ගනිනල්ලා යැයි ගෝලබාලයන්ට කීහ. එහෙත් වර්තමානයේ ඇසෙන්නේ අර්ධ විෂ්කම්භය අඟල් දෙකක්වූ “කොරොප්පයක්” ගසා ගනිල්ලා වැනි කියමන්ය.
පොහොර ප්‍රශ්නය උග්‍ර සුළු ප්‍රමාණයේ ගොවිතැන් කෙරෙන කෑගල්ල වැනි දිස්තික්කවලට නොවේ. හෙක්ටයාර් දහස් ගණනින් වගා කෙරෙන දිස්ත්‍රික්වලටය. කෑගල්ල විශාල ප්‍රමාණයේ වී වගා කෙරෙන දිස්ත්‍රික්කයක් නොවේ. එබැවින් කෑගල්ලට පවත්නා ඌනතාව යූරියා මෙට්ටි්‍රක් ටොන් 34ක් පමණක් බව දැනගන්නට ලැබිණි.

එහෙත් මහවැලි කලාපවල තත්ත්වය ඉතා දරුණුය. වැඩි ගණනකට හෝ පොහොර මල්ලක් සොයා ගන්නට නැති බවය. තමා රුපියල් 4,500කට යූරියා මල්ලක් සතියකට පමණ පෙරදී මිලට ගත් බව මහවැලි සී කලාපයේ ගොවියෙක් කීය. තමා යූරියා මල්ලත් දින දෙකකට පෙර මිලට ගත්තේ රුපියල් දස දහසකට බව මානාවල ප්‍රදේශයේ ගොවියෙක් කීය.

මහා පරිමාණයෙන් වී ගොවිතැන් කෙරෙන දෙහිඅත්තකණ්ඩියේ කන්නකට හෙක්ටයාර් විසිතුන්දහසක් පමණ වගා කෙරේ. (හෙක්ටයාර් එකකට අක්කර දෙක හමාරකි) ගොවියන් පැවැසූ අන්දමට එක් හෙක්ටයාරයකින් එක් කන්නකදී ලබාගත හැකි වී කිලෝ ප්‍රමාණය කිලෝ හාරදහස් පන්සියයක් තරම්ය.

ලංකාවේ සමස්ත වී වගා ප්‍රමාණය හෙක්ටයාර් ලක්‍ෂ අටක් තරම් බවය. එහෙත් මේ පොහොර හිඟය නිසා අස්වැන්න 50%කින් පමණ පහත වැටෙන බව ඔවුහු පැවසූහ. මේ වන විට බොහෝ දෙනකු ගොවිතැනින් ඉවත් වීමට සූදානම්ය. එහි ප්‍රතිඵලය හාල් ආනයනයයි.

ආණ්ඩුව කියන පරිදි එක්වරටම ප්‍රමාණවත් තරම් දේශීය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකියාවක් නැත. එසේ නම් ආනයනය කළ යුතුය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කාර් එක විනාඩි දෙකෙන් යානයක් වෙයි! විනාඩි 35ක් උඩින් යයි! (VIDEO)

Next Post

ආරාධනා ලැබුණු පළියට මම එහෙම රඟපාන්නේ නැහැ…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.