මුලින්ම 2/3 නැතිව බෑ කියු බවත්, පසුව 20 නැතිව බෑ කියූ බවත් දැන් බැසිල් නැතිව බෑ කියන බවත්, බැසිල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට කැඳවා ඔහුට ද බැරි නම් ලේලිලා පිරිස හෝ කැදවාගෙන රට ගොඩ දමන ලෙස ඉල්ලා සිටින බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම පිරිස බැරි නම් බල්ලන් පූසන් හෝ දමාගෙන රට හදා පෙන්වන ලෙසද ජයතිස්ස මහතා එහිදී කියා සිටියේය.










