• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතුවට වඩා ලොකු අභියෝගයක්…

June 22, 2021
in Heart
Reading Time: 8 mins read
A A
හිතුවට වඩා ලොකු අභියෝගයක්…
Share on WhatsAppShare on Facebook

මට බලෙන් රඟපාන්න බැහැ…
පිට කට්ටිය අදාළ නැහැ…

කුඩා අවධියේ සිටම නැටුමට හැඩවැඩ කළ ඇය දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. රුක්ෂානා දිසානායක නමින් රටම හඳුනන මේ රුවැත්තිය පසුගිය දිනවල ‘සොමිබර ජරමර’ ටෙලිනාට්‍යයෙන්ද ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ඒත් හිටි හැටියේම ඇය එම ටෙලිනාට්‍යයේ දකින්නට නොලැබී ගියා. ඉතින් ඒ ගැන වගේම ඇගේ ජීවිතයේ තවත් තොරතුරු දැනගන්න අපි රුක්ෂානා සම්බන්ධ කරගත්තා.

🔴 රුක්ෂානා මේ දවස්වල ගෙදරට වෙලා නටනවා නේද?
ඔව්, හිරු මෙගා ස්ටාර් රියැලිටි තරගය සඳහා පුහුණුවීම් කටයුතු කරනවා. හිතුවාට වඩා අසීරු අභියෝගයක් කියලා තමයි දැනෙන්නේ.

🔴 ඔබත් දක්ෂ නර්තන ශිල්පිනියක් නේද? ඉතින් අමාරු වෙන්නේ කොහොමද?
එහෙම තමයි මමත් හිතුවේ. මම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වන පළමු අවස්ථාව තමයි මේ. දක්ෂ ශිල්පීන් සමග ලොකු තරගයක් තමයි තියෙන්නේ. අපි ඉදිරිපත් කරන නර්තනය තුළ නිර්මාණාත්මක දේවල් තිබිය යුතුයි. එහෙම ආවාට ගියාට නටන්න බැහැ. පසුගිය දවස්වල පුහුණුවීම් කටයුතු කරන අතරතුර පිච්චුණු අවස්ථාවක් එහෙම තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම විඳදරාගෙන කරන්නේ නිර්මාණාත්මකව ලස්සන වැඩ ටිකක් කරන්න තමයි.

🔴 සංචරණ සීමා කාලය තුළ රූගතකිරීම්වලට සම්බන්ධ වෙන්නේ නැද්ද?
‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. හැබැයි ඉතින් වෙනදා වගේ සැහැල්ලුවෙන් ඉන්න අමාරුයි. සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් ආරක්ෂාකාරීව තමයි වැඩ කරගෙන යන්නේ. මේ දවස්වල හිතට බයකුත් තියෙනවා මේ කොවිඩ් ප්‍රශ්නය නිසා. එහෙමයි කියලා භාරගත්තු වැඩකටයුතු අතහැරලා ගෙදරට වෙලා ඉන්න බැහැනේ.

🔴 සංචරණ සීමාවලට පටහැනිව බොහෝ දෙනා සාද පවත්වනවා. ලැබුණු විවේකයත් එක්ක ඔබ එහෙම සාදවලට යොමුවුණේ නැද්ද?
රටේ සංචරණ සීමා කාලයක් පනවලා තියෙන්නේ අපි සියලුම දෙනාගේ ආරක්ෂාවට. මේ කොරෝනා උවදුර තුරන් කරගත්තොත් අපට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අනෙක මම කොහොමත් කැමැති නැහැ එදා ඉඳලා සාදවලට සහභාගි වෙන්න. විවේකයක් ලැබුණු හැම මොහොතකම මම උත්සාහ කරන්නේ ගෙදරට වෙලා ඉන්න තමයි. මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ ආරක්ෂාකාරීව ගෙදරට වෙලා ඉන්න කියලා තමයි.

🔴 ‘සොමිබර ජරමර’ ටෙලිනාට්‍යයේ ඔබ සුවිශේෂ රංගනයක නිරතවෙලා සිටිනවා අපි දැක්කා. එත් පසුකාලීනව ඔබ ඒ ටෙලිනාට්‍යයේ දැකගන්න ලැබුණේ නැහැ. ඒ ඇයි?
‘සොමිබර ජරමර’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරුන් මාරුවීමක් සිදුවුණා. ඉතින් පසුකාලීනව මට ඒ නිර්මාණයට ආරාධනා කළේ නැහැ. ඉතින් මම සම්බන්ධ වුණේ නැහැ. ඒ ගැන මම හොයන්න ගියෙත් නැහැ. එහෙම අපට බලෙන් ගිහින් රඟපාන්න බැහැනේ. නිර්මාණයකට අපව සුදුසු නම් සම්බන්ධ කරගනීවි.

🔴 ඔබ නිර්මාණයකට සම්බන්ධ වන විට ඒ ගැන සොයාබැලීමක් කරන්නේ නැද්ද?
එහෙම මම සොයාබැලීමක් කරන්නේ නැහැ. මට වැදගත් නිර්මාණ පිටපත විතරයි. මට ලැබෙන චරිතයත් එක්ක මම අධ්‍යක්ෂවරයා සමග කතාබහ කරලා මට කළ හැකි උපරිම සාධාරණය නිර්මාණයට ඉටුකරනවා. මට බාහිර පුද්ගලයන් අදාළ නැහැ. සහයෝගය තමයි වැදගත්.

🔴 නිතර දෙවේලේ සිනාමුසු මුහුණින් කාලය ගෙවන ඔබ හාස්‍ය රංගනයේත් යෙදෙනවා. කොහොමද ඒ සඳහා යොමුවෙන්නේ?
ඇත්තටම එය අමාරුම දෙයක්. ‘මෙඩිසිනා’ ටෙලිනාට්‍යයේදි සම්පත් ජයවීර, මිහිර සිරිතිලක, ප්‍රියන්ත සෙනෙවිරත්න වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමග මට වැඩ කරන්න ලැබුණා. ඔවුන් සමග කාලය ගෙවනවා කියන්නේ සිනා සාගරයක් තමයි. ඒ වගේම හොඳ දැනුමක් ලබාගැනීමට පුළුවන්. මට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්. හැබැයි හාස්‍ය නිර්මාණවල එක දිගටම වැඩකරන්න කැමැති නැහැ. මම කලින් පැවසූ පරිදි චරිතයක් වගේම නිර්මාණයක් සාර්ථක වීමට නම් සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. එතකොට හිතට දැනෙන විදියට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අම්මගෙ මිනී වළ තනියෙන් හාරන්න… කොහොමද සොහොයුරිය හුරුවුණෙ ඉවසන්න…

Next Post

කොරෝනා මරණ 71ක්! දැන් ඔක්කොම 2704ක්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.