• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

එංගලන්තයේදි චීනෙට එරෙහිව උද්ඝෝෂණයක්!

June 22, 2021
in News, Politics
Reading Time: 5 mins read
A A
එංගලන්තයේදි චීනෙට එරෙහිව උද්ඝෝෂණයක්!
Share on WhatsAppShare on Facebook

රටේ මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලමින් චීනයේ තියනාන්මෙන් චතුරස්‍රයේදී 1989.06.04 වැනිදා පැවැති සාමකාමී උද්ඝෝෂණයකට සහභාගිවී සිටියදී චීන ආණ්ඩුවේ වෙඩි උණ්ඩයට අභීතව සිය ළය මණ්ඩලය විදහාපාමින් ඝාතකයාට අභියෝග කළ දහසකට ආසන්න පාසල් සිසුන් සහ වෘත්තීය ක්‍රියාකාරී විරුවන් සිහිපත් කරමින් එංගලන්තයේ චීන තානාපති කාර්යාලයය ඉදිරිපිට මෙදා ජූනි 04 වැනිදා දහස් ගණනක පිරිසක් උද්ඝෝෂණය කළහ.

හොංකොං වාසීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ව්‍යාපාරය, ලෝක උයිගර් කොංග්‍රසය, තිබ්බතය සහ වින්දිත සුළු ජාතික ප්‍රජාව වෙනුවෙන් වූ ජගත් මිත්‍ර සංවිධානය, ලෝක වෘත්තීය සංගම් ව්‍යාපාර සහයෝගිතාව, එක්සත් රාජධානියේ උයිගර් සහයෝගිතා පදනම සහ තිබ්බතය සඳහා වන එක්සත් රාජධානියේ ප්‍රජා සංවිධානය යන සංවිධාන උද්ඝෝෂණයේ පෙරගමන්කරුවෝ වූහ.

ඒකාධිපති යකඩ සපත්තුවට මානව අයිතිවාසිකම් පාගා චීනය ගෙනයන අත්තනෝමතික ඒකාධිපති පාලනයට එරෙහිව හඬ නඟන චීනයේ වෘත්තීය ක්‍රියාකාරී සහෝදරත්වය හුදකලා වී නැතැයි යන උත්තරීතර කාහල නාදය ලොව පුරා මුරගෑමේ අරමුණ පෙරදැැරිව දැනට වසර තිස්දෙකකට පෙර මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාය සහ ස්වාධීනත්වය වෙනුවෙන් සිය සිරුරේ රුධිරය මහමඟ වපුරමින් දිවිපිදූ ජාතිමාමක විරුවන් සිහිපත් කිරීමේ ඓතිහාසික සිද්ධිය පාදක කරගනිමින් උද්ඝෝෂණය පැවැත්විණි.

චීනයේ මර්දනකාරී පාලනයට එරෙහිව කළු කොඩි සහ තිබ්බතයේ විමුක්තිදායක කොඩි ලෙළවමින් සටන් පාඨ කියමින් ඔවුහු අවස්ථාවට දායකත්වය දුන්හ.

චීනයේ දී තමන් විඳි එමෙන් විඳින බිහිසුණු අත්දැකීම් ඔවුහු ඒ අවස්ථාවේ දී සහෝදරත්වයේ බන්ධනයෙන් වෙළි සුහදශීලීව හුවමාරු කරගත්හ.

උද්ඝෝෂණයේ පෙරටුගාමී සංවිධානවල සියලු නායකයෝ එක්ව තියනාන්මෙන් චතුරස්‍රයේ ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතනය පාදක කර ඒකාබද්ධ ප්‍රකාශනයක්ද නිකුත් කළහ.

දැනට වසර තිස් දෙකකට ප්‍රථම 1989 දී ආරම්භ කෙරුණු පූර්ව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සහ ඊට සහභාගි වූවන් අපි සිහිපත් කරමින් ඒ දේශප්‍රේමීන්ට අපේ ප්‍රණාමය පුදකරමු.

චීනයේ ඒකාධිපති වියරුව උඩුයටිකුරු කිරීම උදෙසා ඒ උත්තරීතර ආරම්භක ගමනට සහභාගි වූ වැඩිදෙනෙක් ඝාතනය කරනු ලැබූහ. තවත් වැඩිදෙනෙක් බන්ධනාගාර ගතකරනු ලැබූහ. ඒ වීරෝදාර සහෝදරයන්ගේ මව්වරුන් තම දුවාදරුවන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉල්ලමින් ගෙනයන සටන වෙනුවෙන් අපිදු සහයෝගයේ දෑත් විහිදුවමින් පෙනී සිටින්නෙමු.

තියනාන්මෙන් චතුරස්‍රයේ මනුෂ්‍ය ඝාතනය සිහිපත් කිරීම සඳහා පැවැත්වෙන වාර්ෂික ස්මරණෝත්සව මර්දනය කිරීම සඳහා චීන පාලනය පසුගිය වර්ෂයේ සිට යෙදිය හැකි උපරිම බලය සහ ශක්තිය යොදවයි.

හොංකොං ප්‍රදේශයේ පැවැත්වෙන එවන් සිහි කිරීමේ අවස්ථා මින් මතුමත්තේ යළි ඇති නොවීමට නීති සම්පාදනය කළ බවද අපි දුටිමු. තමන්ගේ මතිමතාන්තරවලට එරෙහි දේශපාලන ක්‍රියාකාරීන් බන්ධනාගාර ගතකිරීමේ අවශ්‍යතා වෙනුවෙන්ද ප්‍රතිපාදනද සලසා ගැනිණි.

පසුගිය වසරේ සිහි කිරීමේ අවස්ථාවට සහභාගි වූවන්ට පහරදෙනු ලැබිණි. බොහෝ දෙනකුට එරෙහිව නඩු පැවරිණි. ක්‍රියාකාරීන් අතරින් සිවුදෙනෙක් දස වසර බැගින් වූ සිර දඬුවමකටද යටත් කළහ. එම අවස්ථවට සහභාගි වූවෝ ආණ්ඩුව (පාලනය) පෙරළා දැමීමේ කැරලිකාරයන් විප්ලවකාරයන් ලෙසින් හංවඩු ගසනු ලැබූහ. සිරගතකරනු ලැබූවන් අතරින් කාලෝජි සහ විනී යන ක්‍රියාකාරීන් දෙදෙනාට දීර්ඝකාලීන සිරදඬුවම් නියම කිරීමට පිඹුරුපත් පිළියෙළ කරති.

අපි සියලු දෙනා ඒ විමුක්තිකාමීන් වෙනුවෙන් කටයුතු කිරීමට ඇපවී කැපවී පේවී සිටින්නෙමු.

සිංජියෑං පළාතේ වෙසෙන උයිගර් සුළුතරය මර්දනය කිරීමට ගැනෙන හිංසකත්වය පාදක කරගත් අනේකවිධ තිරශ්චීන වධ බන්ධන අපි හඳුනාගෙන ඇත්තෙමු.

ස්වාධීන නීතිඥයන් දෙදෙනකු විසින් ප්‍රජා ඝාතන ලැයිස්තු ඇතුළු අමානුෂික ක්‍රියා හේතුසාධක සහිතවම ගොනුකරනු ලැබ ඇත. ඒ කරුණු විවිධ රටවල ආණ්ඩු විසින්ද පිළිගනු ලැබ තිබේ.

උයිගර් සහ තුර්කි ඉස්ලාම් භක්තිකයන් දහඅට ලක්‍ෂයකට අධික පිරිසක් දේශපාලන රැඳවුම්කරුවන් වශයෙන් රැඳවුම් කඳවුරුගත කර ඇත්තාහ. එවන් පවුල්වල ළමයින් දස ලක්‍ෂයක් මාපිය වැඩිහිටියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර වෘත්තීය අධ්‍යාපනයේ යොදවන මුවාවෙන් රැඳවුම් නිවාසවල නේවාසික කර ඇත.

පන්ලක්‍ෂයකට අධික පිරිසක් චීන සහ බටහිර රටවලට අයත් සමාගම්වල සේවය යොදවා බලහත්කාරයෙන් ශ්‍රමය සූරාගනී. උයිගර් කාන්තාවෝ බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට පත්කරනු ලබති.

දක්‍ෂිණ මොන්ගෝලියානුවන්ට සිය මාතෘ භාෂාව කතාබහ කිරීම තහනම් කර ඇත. ඔවුන්ගේ දරුවන්ටද පාසල්වල සිය මවුබස ඉගෙනගැනීම තහනම්ය. ඔවුන් ඉගෙනගත යුත්තේ චීන භාෂාවය. මෙම කරුණ මහජන විරෝධයකට හේතුවී තිබේ.

තිබ්බතයේ දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙන ඛනිජ සම්පත් කොල්ලකෑම එරට (තිබ්බත) සානුවේ පරිසර විනාශයට හේතුවී තිබේ. එම විනාශය දක්‍ෂිණ චීනයේ මෙන්ම දක්‍ෂිණ ආසියාවේ විශාල පිරිසකට ද තදින්ම බලපාන්නකි.

ප්‍රචණ්ඩත්වය සහ මර්දනය නිසා චීනයෙන් එක්සත් රාජධානියට පලා එන සරණාගතයන්ට පහසුකම් සපයන ලෙසට උද්ඝෝෂණයට සහභාගි වූ සංවිධාන නායකයන් අස්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ ඇතුළත් කර තිබේ.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මහජන බැංකුවේ නව ප‍්‍රධාන කාර්යාලයේ වැඩකටයුතු අගමැති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

Next Post

කොළඹ වරාය නගරය ‘හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත‍්‍ර තොගයක් පරිත්‍යාග කරයි

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.