• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අම්මගෙ මිනී වළ තනියෙන් හාරන්න… කොහොමද සොහොයුරිය හුරුවුණෙ ඉවසන්න…

June 22, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
අම්මගෙ මිනී වළ තනියෙන් හාරන්න… කොහොමද සොහොයුරිය හුරුවුණෙ ඉවසන්න…
Share on WhatsAppShare on Facebook

කොරෝනා වැළඳුණු අම්මාගේ මිනී වළවත් කපාගන්න බැරිව, සමාජය අහක බලනකොට, දැනෙන වේදනාව දරුවකුට දරාගන්න බැහැ. ඒ හැඟීම දැනෙන්නේ ඒ අවස්ථාවට මුහුණ දුන්නු දරුවකුටම විතරයි. මේ පුංචි හිත්වලට ඒ අසරණකම දරාගන්න පුළුවන්ද කියලා අපිට හිතෙනවා. ඔවුන්ට මේ මුළු ලෝකෙම නැතිවුණා කියලා හිතෙන වාර අනන්තයි. තමන් ආශ්‍රය කළ, උදව් කළ අහල පහළ මිනිස්සු සියල්ලන්ම අහක බලනකොට දස මසක් කුසෙහි දැරූ දියණිය විතරයි මිනී වළ කපන්න හිටියේ. අම්මා වෙනුවෙන් ඒ දේ කරන්න ඇය පසුබට වුණේ නැහැ. මේ දියණිය හිතට ශක්තිය ගත්තා. එහෙම කතා පුවතක් පසුගියදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් අසන්නට ලැබුණා.

ඇය වයස අවුරුදු 18ක් වන සෝනි කුමාරි නමැති දියණියක්. සෝනිට සිටියේ 12 හැවිරිදි සහෝදරයෙක් සහ 14 හැවිරිදි සහෝදරියක්. ඔවුන් කොරෝනා උවදුරත් එක්ක මවුපියන් රැකගන්න, සටන් කළේ කෙතරම් ඛේදනීය ලෙසද? සමාජය සහ ඇගේ ඥාතීන් හැසිරුණේ කොයිතරම් කෲර ලෙසද? ඉන්දියාවේ කොවිඩ් වසංගතයට ගොදුරු වූ මිනිස් ජීවිත ගණන අතිවිශාලයි. මේ එයින් එක් පුවතක් පමණයි.

සෝනිගේ පියා බිරේන්ද්‍ර මේතා (46). මව ප්‍රියංකා දේවි (38). සෝනිගේ පියා මිට කලකට පෙර කොවිඩ් මාරයා බිලිගත්තා. ඔහු ගමේ මිනිසුන්ට සේවය කළ මේ ගමේ වෛද්‍යවරයායි. දැන් සෝනිලාට තාත්තා වගේම අම්මාද අහිමි වෙලා අවසන්.
අම්මාව සමාජය කොන් කළත් තමන්ගේ ලෙයින් ඉපදුණු දුවෙකුට පුතෙකුට බලන් ඉන්න බැහැ… තනියෙන්ම මේ දුව මිනී වළ කපන්න පටන්ගත්තා. සෝනි කුමාරි තාත්තා වගේම අම්මාද අහිමිවීමේ සංවේදී කතාව දුරකතනයෙන් ඉන්නදියානු මාධ්‍ය වෙත හැඬූ කඳුළින් කියා තිබුණේ මෙලෙසින්.

“මගේ තාත්තා මියගිය ගමන් අම්මත් අසනීප වුණා. මට කරකියා ගන්න දෙයක් නැතිවුණා. මම අම්මාගේ ජීවිතය බේරාගන්න උත්සහ කළා. මම නංගිවයි මල්ලිවයි ගෙදර දාලා ගිලන් රථයකින් අම්මාව රෝහලට රැගෙන ගියා. ඒ, අප්‍රේල් 27 වැනිදායි. අම්මා පොසිටිව් කියලා දැනගත්තාම රෝහලේ නවත්වන්න අපට සල්ලි තිබුණේ නැහැ. මුදල් සොයාගන්නකම් අම්මාව ගෙදර ගෙනාවා. ඊට පස්සේ දින දෙකතුනක් යනකොට අම්මාගේ තත්ත්වය නරක අතට හැරුණා. ඉන්පසු ෆොගෙස්බර්ජ් කොවිඩ් කෙයාර් පළාත් පාලන රෝහලට ඇයව ගෙන ගියා. ඒ රෝහලෙන් කිලෝමීටර 92ක් දුරින් පිහිටි මාධපුර නගරයේ රජයේ වෛද්‍ය විද්‍යාලය සහ රෝහලට මාරුකළත් මැයි 7 වැනිදා අම්මා අපෙන් සමුගත්තා. තාත්තා නැතිවුණාම ගමේ කට්ටිය අපට ණයට මුදල් දුන්නේ නැහැ අම්මාව සනීප කරගන්න. ඒ නිසා අපේ ඉඩමක් සහ ගෙදර එළුවන් දෙදෙනා ඉන්දියන් රුපියල් 11,000කට සහ ගවයාව 10,000කට විකුණලා මුදල් සොයාගත්තා. මම උත්සාහ කළා අම්මාගේ ජීවිතය බේරාගන්න… ඒත් බැරිවුණා. මම රෝහලේ සිට ආපසු නිවෙසට ආවේ අම්මාගේ මිනියත් අරගෙනයි…”

“මට ඒ සංවේදී අවස්ථාව මොහොතක් නෑර මතකයි. කිසිම කෙනෙක් කැමැති වුණේ නැහැ දේහයට අත තියන්නවත්. ඒ නිසා මගේම දෑතින් මම මිනී වළ හෑරුවේ. මට තනියෙම ඒක කරගන්න සිද්ධවුණා. මගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ උදව්වෙන් අම්මාව වත්ත පිටුපසට අරන් ගියා.

අපේ ලෝකය කඩාවැටුණා. අපි තනිවුණා. මගේ අම්මා තාත්තා ගමේ අයට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒත් අපට අවශ්‍ය වෙලාවට කවුරුවත් හිටියේ නැහැ. ඒ කම්පනය අපට දරාගන්න බැහැ. අසල්වැසියන් සහ මගේ නැදෑයන් හැසිරුණේ අපේ අම්මාට තාත්තාට විතරක් මේ ලෙඩේ හැදුණා වගෙයි.

තනිවීම තමයි දරාගන්නම බැරි, ගෙදර කන්න දෙයක් තිබුණේ නැහැ. අම්මාගේ අතින් උයපු අන්තිම බත් වේල විතරයි කුස්සියේ තිබුණේ. මුල් දවස් කිහිපයේ කිසිම කෙනෙක් අපිට කිසි දෙයක් දුන්නේ නැහැ. අපිට කොවිඩ් 19 වෛරසය නැහැ කියලා වෛද්‍ය පරික්ෂණයෙන් ඔප්පු වෙනකල් අපි තුන්දෙනා හිටියේ තනියෙම. අවසානයේ අපිට හිටියේ අපි විතරයි…”
“ගෙදර මොන අඩුපාඩුකම් තිබුණත් අම්මා ඒක අපිට දැනෙන්න තිබ්බේ නැහැ. අම්මා තාත්තා නැති අඩුව හැම වෙලාවෙම අපිට දැනෙනවා. ගෙදර හරිම පාළු තනිකමක් දැනෙනවා. අම්මයි තාත්තයි අපි ළඟින් ඉන්නකොට අපේ ජීවිත මීට වඩා වෙනස්. ඒ දෙන්නා අපි ගැන ගොඩාක් සිහින මැව්වා…”

සෝනි සිය අතීතය සිහිපත් කළේ එහෙමයි.

පියාගේ බයිසිකලය එළිමහනේ නවතා තිබෙනු දක්නට ලැබෙනවා. ඔහු ජීවතුන් අතර සිටියදී ගමේ මිනිසුන්ට ප්‍රතිකාර කළ කුඩා බෙහෙත් සාප්පුව අද අගුළු දමා තිබෙන අයුරු දැකගන්නට පුළුවන්. දරුවන්ගේ ශක්තිය මව්පියන්. ඒ දෙන්නා නැතිවුණොත් ඒ පවුල් අසරණ තත්ත්වයට පත්වෙනවා. අවසානයේ අත්වන ඉරණම ඒකයි. කොරෝනා වැලඳුණු පවුල්වලට තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් බොහෝ වෙලාවට ඉතිරි වන්නේ පවුලේ අයම විතරයි.

අද සමාජයේ බොහෝ මිනිසුන් අත්මාර්ථකාමියි. අන්‍යයන්ට උදව් කිරීම, කරදරයකදී අත්නොහැරීම, හැකි අයුරින් උදව් කිරීම, තමුනුත් රැකිලා අනෙකාට උදව් කළ පැරන්නන්ගේ මානුෂීය ගුණාංග අද සමාජයෙන් ගිලිහිලා ගිහින්. මේ නිසා සමාජය පිරිහීම නිතැතින්ම සිදුවෙනවා.

මේ සියලු බිඳවැටීම් මේ දරුවන් තිදෙනාගේ මානසික වර්ධනයට වගේම අනාගතයටත් එක ලෙස බලපානවා. මේ දරුවන්ට ජීවිතයේ යායුතු දුර බොහොයි. ඒත් මේ කම්පන සිදුවීම් ඔවුන්ගේ මුළු ජීවිතය පුරාම මොහොතින් මොහොත මතකයට ඒවි. මේ දරුවන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. මෙවැනි කී දාහක් දරුවන් මව්පියන් අහිමිව ලෝකයේ තනිවෙනවාද? මේ දරුවන්ගේ මානසික මට්ටම කවදා යහපත් වේවිද? මේ වගේ දරුවන් කී දෙනෙක් කොරෝනා නිසා පාරට වැටෙනවාද යන්න අපට සිතාගන්නට බැහැ. මොවුන්ගේ හෙට දවස හරිම අවිනිශ්චිත තත්ත්වයට පත්වෙනවා.

රජයක්, රටක් විදියට මෙවැනි දරුවන්ගේ මානසික වර්ධනයට වගේම ආදායම් මාර්ගයක් සකසාදීමට ක්‍රියාපිළිවෙතක් ආරම්භ කළ යුතු වෙනවා. ඒ වගේම කොරෝනා නිසා අහිමි වූ දරුවන් වෙනුවෙන් ළමා සුබසාධන සංවිධාන ඇති කළයුතු වෙනවා. මුළු ලෝකයම මෙවැනි දරුවන්ගේ මානසික මට්ටම නඟාසිටුවන්න ක්‍රියාමාර්ග ගතයුතු කාලය එළැඹී තිබෙනවා.
ඔබගේ ආදරණීයයන්ව මාරාන්තික කොවිඩ් රෝගයට නිරාවරණය වීමට ඉඩ නොදී රැකගන්න.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මිනිස්සු විඳින දුක… මෙන්න ඇත්ත වීඩියෝ එක බලන්න…. (VIDEO)

Next Post

හිතුවට වඩා ලොකු අභියෝගයක්…

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.