• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද වැඩි කරද්දි රනිල් කරත්තෙන් යනවා: රනිල් වැඩි කරද්දි මහින්ද බයිසිකලෙන් එනවා: ජනතාව තෙලේ බදින දේශපාලන ගොන් කරත්ත!

June 23, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
මහින්ද වැඩි කරද්දි රනිල්  කරත්තෙන් යනවා: රනිල් වැඩි කරද්දි මහින්ද බයිසිකලෙන් එනවා: ජනතාව තෙලේ බදින දේශපාලන ගොන් කරත්ත!
Share on WhatsAppShare on Facebook

‘මෙහෙම පාර්ලිමේන්තුව පැත්තට යන්න දෙන්න, අපිට අවසර දෙන්න බැහැ’ උසස් පොලිස් නිලධාරියා උස් හඬින් කියන්නට ගත්තේය.’ ‘අපි පාර්ලිමේන්තුවට යන එක කාටවත් වළක්වන්න බැහැ, එහෙම නම් මොකක්ද මේකේ නීතිය? නීතිය දන්නවාද?’ එක් දේශපාලකයකු වේගයෙන් පවසන්නට ගත්තේය.

‘අපිට බයිසිකලේ යන්න පුළුවන්නේ, ඇයි මොකක්ද ඒකට තියෙන ප්‍රශ්නෙ?’ තවත් දේශපාලකයකු පොලිස් ලොක්කාට කියන්නට ගත්තේය. උසස් පොලිස් නිලධාරියා ප්‍රධාන කරගත් පොලිස් මාර්ග බාධක ඉවත් කරන හැඩක් නම් නැත. ආරවුල තව, තවත් උත්සන්න වෙයි. ‘ඕක අරිනවා, ඕක අරිනවා. අපේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකරන්න දෙන්න කාටවත් බැහැ, ඇයි මට මන්ත්‍රීකමත් නැද්ද?’ මෙතෙක් වේලා නිශ්ශබ්දව සිටි දේශපාලන බලවතා කෝපයෙන් යුතුව වේගයෙන් කියන්නට ගත්තේ, පොලිස් ලොක්කාට තරවටු කරමිනි.

‘පාර්ලිමේන්තුවේ අයට විතරක් යන්න පුළුවන්, වෙනත් අයට මෙහෙම රැස්වෙලා යන්න දෙන්න බැහැ’ පොලිස් ලොක්කා කියන්නට ගත්තේය. ‘හරි, හරි ගැටුමක් ඇති කර ගන්න එපා. මෙතැන මන්ත්‍රිතුමාලා විතරයි යන්නේ, ඒකට ඉඩ දෙන්න’ තවත් දේශපාලකයකු සාවධානව කියන්නට ගත්තේය. මෙතෙක් වේලා මාර්ගය වසාගත් යකඩ මාර්ග බාධක ඉවත් කරන්නට ගත්තේය. ඒ සැණින්ම පාපැදිවල නැඟුණු දේශපාලකයන් පිරිස පාර්ලිමේන්තුව දෙසට කලබලයෙන් ගමන් කරන්නට ගත්තේය. පාපැදි 20ක පමණ නැඟුණු දේශපාලකයෝ, හිටපු ප්‍රබල දේශපාලන බලවතාද පෙරටු කරගෙන පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දෙසට පැමිණෙන විට ඒ පිටුපස ආවේ සද්දන්ත ගොනෙකු බැඳි තිරික්කලයකි. දැන් දිස්වන්නේ ඉතාම අපූරු දසුනකි. තිරික්කලයේ වූයේද ප්‍රකට දේශපාලකයන් තිදෙනෙකි. ඔවුන් අපූරු කියුම් කියන්නට ගත්තේය.

‘මේ පේනවානේ මංගලට වඩා වේගයෙන් මේ සතා යනවා, පෙට්‍රල් මුකුත් නැහැ පේනවානේ. කරන්න කිසිම දෙයක් නැහැ, පේනවා නේද යහපාලනයේ තත්ත්වේ’ ඔවුන් කීවේය. පාපැදිවල නැඟුණු දේශපාලකයෝ හැල්මේ පාර්ලිමේන්තුව පැත්තට තම පාපැදිය ධාවනය කරති. ප්‍රබල දේශපාලන බලවතාා මැදි කරගත් ඔවුන් ඉදිරියට ඇදී යන විට දෙපසින් හැල්මේ දුවන්නේ බලවතාගේ ආරක්‍ෂක නිලදරුවන්ය. අනෙකුත් දේශපාලකයෝ සුදු පැහැති මන්ත්‍රී කමීසය පැළැඳ කළු දිගු කලිසම් පැළැඳ පාපැදි ධාවනය කළත්, ප්‍රකට දේශපාලන බලවතා තම පාපැදිය පදින්නේ සුදු පැහැති ජාතික ඇඳුම පැළැඳගෙන රතු පැහැටි කුරහන් සාටකයද පැලඳගෙනය. ඔහු තම සරම යස අපූරුවට අඩක් නවාගෙන මහත් ජවයකින් පාපැදිය හසුරුවයි.

කුමක්ද මේ අපූරු ජවනිකා පෙළ? දිනය හරියටම 2017 නොවැම්බර් මාසයේ 09 වැනිදාය. වේලාව සවස 2.30ට පමණ ඇතිය. තැන කොළඹ දෙසින් පැමිණෙන පාර්ලිමේන්තු වටරවුම සහ එතැන සිට පාර්ලිමේන්තුව කරා දිවෙන මාර්ගයයි. එදා යහපාලන රජය සමයේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් සිදුකළ, ඉන්ධන හිඟය, ඉන්ධන මිල ඉහළ දැමීම ආශ්‍රිත කරගෙන සිදු කරන ලද විරෝධතාවයක සජීවී දසුන් ඔබට එසේ ලියා තැබුවෙමි. මෙය සිදුවූයේ ඉතාමත්ම සුවිශේෂී දිනයකය. එනම් 2018 අය-වැය කතාව එකල මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් එදින පාර්ලිමේන්තුවේදී සවස 03ට සිදුකිරීමට නියමිතව තිබුනු අවස්ථාවකදීය. එම විශේෂ මොහොත එදින ආරම්භ වීමට පැය භාගයකට පමණ පෙර හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ‘ඉන්ධන විරෝධතාවය’ සිදුකරන ලදී. එයට එකල අද වත්මන් ප්‍රධාන අමාත්‍ය ධුර දරන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පියල් නිශාන්ත, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්‍ෂ සහ තවත් මන්ත්‍රිවරුන් පිරිසක් සහභාගි වූහ. ඉතාමත් උද්වේගකර ස්වරූපයක් ගත් මෙම විරෝධතාවය, ඉන් පසුව එකල ඉන්ධන අර්බුදය ආශ්‍රිත කර ගනිමින්ම පාර්ලිමේන්තුව තුළදීද විටින් විට මතු වන්නට විය. මෙය දේශපාලන ඉතිහාසයටද එකතු වූ විශේෂ සිදුවීමකි.
අතීතයේ ඒ කතාව දැන් ඔබට හොඳින්ම පැහැදිලි වනු ඇතිය. දැන් අපි වත්මන දෙස හැරී බලමු. දැන් අප මුහුණ දී තිබෙන්නේද එවැනිම මහා ඉන්ධන අර්බුදයකට නොවේද? එනම් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් කිසිදු විටක සිදු නොවූ ආකාරයෙන් පසුගියදා වත්මන් රජය විසින් ඉන්ධන මිල ඉහළ දැම්මේය. මෙම තත්ත්වය අද පොදු ජනතාවට අතිශය මරු පහරක් වී අවසානය. කොරෝනා මාරක ගිනි ජාලාව මැද මෙම ඉන්ධන ගිනි ජාලාවද රජය විසින් පත්තු කර තැබුවේ ඉතාමත්ම සීරුමාරුවෙන්ය. එදා වසර 03කට පෙර ඒකාබද්ධ විපක්‍ෂය ලෙස ඉන්ධන අර්බුදයට එරෙහිව පාපැදි, කරත්ත සහ තිරික්කලවල නැඟී පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලකයන්ම අද මෙම ‘ජනතා තළා පෙළා දැමීමටද සම්මාදම් වී ඇත. මෙම අතීතය ජනතාවට මතක් කර දිය යුත්තේ ඒ හෙයිනි. පසුගියදා මෙම වත්මන් රජය සිදුකළ අතිශය අධික ඉන්ධන මිල ඉහළ දැමීම ගැන පොදු ජනතාව දැක්වූ සංවේගාත්මක ප්‍රතිචාර රැසක් ඔබ දකින්නට ඇතිය. ඒවා මිනිසුනගේ හදවත් තුළින් කඩාගෙන පැන්නේ නිරායාසයෙනි. ‘කොරෝනා මාරයා’ නිසා මරණයට කැපවී සිටින අහිංසක මිනිසුන්ට මෙම ‘ඉන්ධන මාරයා’ ද කඩාගෙන පැන්නේය.

පසුගියදා මෙම ඛේදජනක තත්ත්වය උද්ගතව තිබියදීම සිදුවූයේ තවත් අපූරු නාඩගමකි. එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම වත්මන් ඉන්ධන අර්බුදයට වගකිව යුත්තේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල බවත්, ඒ හෙයින් ඔහු වහාම තම අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය. මේ කතාව සවනට වැටුණු පොදු ජනතාව මෙන්ම විවිධ දේශපාලන පාර්ශ්වද අන්දුන්, කුන්දුන් වී ගියේය. මෙය දෙකෙළවර හෝ බලා විසිඳාගත හැකි ප්‍රශ්නයක් නොවීය. එලෙස මහලේකම්වරයාගේ ප්‍රකාශය නිකුත් වී ගත වූයේ හෝරා කිහිපයක් පමණි. බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට යක්‍ෂයා ආරූඪ වන්නට ගත්තේය. ඔහු තමන්ගේ ‘ගිනිහුලද’ රැගෙන ඉදිරියට කඩාගෙන පැන්නේය. සැණෙන් තමන් හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බැව් ඔහු නිවේදනය කළේය. පැවැසූ අයුරින් ඔහුගේ අමාත්‍යාංශයේදී මාධ්‍ය සාකච්ඡාව ඇරැඹිණි. හදිස්සියේ දැන්වුවත් මෙම සුවිශේෂී අවස්ථාවක් හෙයින්, හැකි පමණින් මාධ්‍යවේදීන්ද එතැනට කඩාගෙන පැන්නේය. මාධ්‍යවල ඉල්ලීම නිසා යැයි පැවැසූ ගම්මන්පිල ඇමැතිවරයා තමන්ගේ මුඛ ආවරණයද ගලවා දැමුවේය.

‘මේ රටේ ඉන්ධන මිල වැඩි කළේ මම යැයි කියන කතාව මහ පුදුම, සිනා යන එකක්. මට එහෙම තීරණයක් ගන්න බලතල කුමක්ද? මට ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ රජයේ ජීවන වියදම් අනු කමිටුව විසිනුයි. මෙහි සිටින ප්‍රධානීන් දෙදෙනා නම් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. මෙම කමිටුවට මමත් ඇතුළුව අමාත්‍යවරුන් 07 දෙනෙකු අයත් වෙනවා. බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්‍ෂ, ලසන්ත අලගියවන්න සහ අජිත් නිවාඩ් කබ්රාල් එම අමාත්‍යවරුන් වෙනවා. මෙම ඉන්ධන මිල වැඩි කිරීමට එකඟව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තම අනුමැතිය ලබා දුන්නා. එමෙන්ම මෙම මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වන ලිපිගොනුවට මුදල් අමාත්‍යවරයා වශයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අස්සන් තැබුවා. ඒ නිසා සාගර කාරියවසම් මහලේකම්වරයා නිවේදනයක් මගින් පහර ගසා ඇත්තේ මට නොවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කරපු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ තීරණයන්ට එරෙහිවයි. ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරමින් මම බලශක්ති ඇමැතිවරයා ලෙස රටේ නායකත්වය ආරක්‍ෂා කර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා.’
ගම්මන්පිල ඇමැතිවරයාගේ කතාව සත්‍යයක් යැයි ඕනෑම බුද්ධිමත්ව සිතන රටවැසියකුට නිගමනය කළ හැකිය. එහි තර්කයක්ද නොමැත්තේ රටක ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩයක මිල ඉහළ දැමීම ඇමැතිවරයකු වැනි තනතුරක් දරන්නකුට සිදුකිරීමට තරම් බලතල තිබේ දැයි යන පැනය මතය. එය පොදුවේ ශ්‍රී ලංකාවට පමණක් නොව වෙනත් විදෙස් රටකටද අදාළ වනු ඇතිය. කෙසේ හෝ එවැනි වටපිටාවක් යටතේ දැන් ‘බළලා මල්ලෙන් එළියට පැන හමාර’ය. මෙහිදී දැන් හෙළිවන අපූරු කරුණ නම් ඉන්ධන මිල වැඩි කිරීම සඳහා රටේ මුල් පුටුව දරන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, දෙවැනි පුටුව දරන මහින්ද රාජපක්‍ෂ මහතාත් තමන්ගේ පූර්ණ කැමැත්ත සියයට, සියයක්ම ලබා දීමය. එතැනින්ද නොනැවැතී ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රසිද්ධියේ මාධ්‍යයටත්, රටටත් හෙළි කළ අපූරු කරුණ වන්නේ මෙම ඉන්ධන වැඩි කිරීමේ ලිපි ගොනුවට අස්සන් තැබුවේද අගමැති සහ මුදල් අමාත්‍ය ධුරය උසුලන මහින්ද රාජපක්‍ෂ මහතා යන කරුණය. යම් පාර්ශ්වයක් විසින් තමන් වෙත අපහාසයන් සහ පරිභවයන් පැමිණෙන විටදී බලශක්ති ඇමැති උදය ගම්මන්පිල නිකම් සිටියේ නැත. ‘ඕනෑ එකෙක් කාලා වරෙල්ලා’ යැයි සිතමින් ඔහු සැබෑ ලෙසම නිර්භයව කතා කළේය. ඔහුගේ එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ හරියටම විනාඩි 15ක් වැනි කෙටි කාලයකි.

දැන් අපි මොහොතක් නැවැතී, ආපසු ආ මග දෙස හැරී බලමු. එදා වසර 03කට ඉහතදී යහපාලන රජය සමයේදී ඉන්ධන අර්බුදය ගැන විරෝධය පෑමට පාපැදිය සහ තිරික්කවල පැමිණි දේශපාලකයන්ම අද පොදු ජනතාව දරුණු ඉන්ධන අර්බුදයකට ඇද දමා ඇත. එදා එම දේශපාලකයන් මෙහෙය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාම මෙවර පසුගියදා ඉන්ධන වැඩි කිරීම උදෙසා තම අස්සන තැබුවේය. ඔහු එදා උද්ඝෝෂණ මෙහෙයවා අදට තවද ගතවී ඇත්තේ වසර 03ක් වැනි කෙටි කාලයකි. එසේම මෙවර මෙවැනි අතිශය උච්ච ඉන්ධන මිල ඉහළ දැමීමක් සඳහා අගමැතිවරයා මෙසේ අස්සන් තැබීම අතිශය පුදුම සහගත යැයිද බොහෝ පාර්ශ්ව සඳහන් කරති. ගම්මන්පිල ඇමැතිවරයා මෙම සැබෑ තත්ත්වය හෙළි කිරීමෙන් පසුව, මෙසේ බොහෝ පාර්ශ්වයන් තම විරෝධය පළ කර සිටිති. කෙසේ හෝ අද මෙලෙස ප්‍රකාශ කරන ගම්මන්පිල ඇමැතිවරයා, එදා යහපාලන රජය සමයේදී ප්‍රකාශ කළ අපූරු කතාවක්ද ඇත. එනම් ඔහු පවසා සිටියේ රජය වාර්ෂිකව රුපියල් කෝටි 8,000ක් තෙල් (ඉන්ධන) මත බදු අය කරන බවත්, මෙම බදු ඉවත් කරන්නේ නම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 90කට දිය හැකි බවත්ය. මෙය ඉතාමත්ම වගකීමෙන් කියන කතාවක් බවත් ඔහු එකල කියා සිටියේය.

මේ ආකාරයට රජයකින්, රජයකට මාරු වීමේදී එදා සිටි දේශපාලකයන්ම මෙවර විශ්වාස කළ හැක්කේ කෙසේ දැයි මේ දිනවල ජනතාව ප්‍රශ්න කර සිටිති. මෙවර රජය විසින් සිදු කරන ලද මෙම අතිශය පීඩාකාරී ‘මාරක ඉන්ධන අර්බුදය’ යනු ලෙහෙසියෙන් අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ යැයිද ජනතාව එක හඬින් ප්‍රකාශ කර සිටිති. කෙසේ හෝ මෙම ඉන්ධන ඉහළ දැමීම සාධාරණය කර පසුගියදා ජනාධිපති කාර්යාලය විසින්ද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. මෙලෙස ඉන්ධන මිල වැඩි කර දින දෙකක් ගත වීමට පෙර සිටම සියලුුම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිලද ඉහළ ගියේය. පසුගිය කාලය පුරාම, එනම් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවද අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ ගිය අතර, මෙවර එය නැවැත වරක් බලපෑමකට ලක්වීම අතිශයම ඛේදනීය තත්ත්වයකි. එසේම කොරෝනා වසංගතය කප්පරකටම තිබෙන විටදීම මෙසේ සිදුවීම ජනතාව කබලෙන් ළිපට වැටීමකි. කෙසේ හෝ ඉන්ධන මිල වැඩි කිරීම යනු බලයේ සිටින බොහෝ රජයන් කාලයෙන්, කාලයට සිදු කරනා ක්‍රියාවලියකි. පසුගිය යහපාලන රජය සමයේදීද තෙවතාවක් ඉන්ධන මිල වැඩි කළේය. එහෙත් එම සංශෝධන එතරම් උච්ච ඒවා නොවීය.

‘උරුමය රාජපක්‍ෂය, කරුමය ජනතාවට’ කුමක්ද මේ කතාව? මෙය සැබෑ ලෙසම අපගේ ඉතිහාසයට එකතු වන විශේෂිත කතාවකි. එනම් 2012 වසරේදී රාජපක්‍ෂ රජය පැවැති සමයේදී එවකට විපක්‍ෂය ප්‍රධාන පක්‍ෂ කිහිපයක්, එකල ඉන්ධන මිල ඉහළ දැමීම මත සුවිශාල උද්ඝෝෂණයක් දියත් කළේය. මෙම උද්ඝෝෂණ මාලාව සතියක් පුරා විවිධ ආකාරයෙන් දියත් කරන ලදී. විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු භූමියේ උද්ඝෝෂණය, විරුද්ධ පක්‍ෂ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පාපැදි විරෝධය, ධීවරයන්ගේ විරෝධය, වතු කම්කරුවන්ගේ විරෝධය සහ අවසානයේදී කොළඹ-කොටුවේදී පැවැත්වුණු මහා විරෝධතාවය මෙම වැඩසටහනට අයත් විය. එකල විරුද්ධ පක්‍ෂ නායක සහ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වය යටතේ මෙම විරෝධතාවයන් සිදුකළේය. එම වැඩසටහනේ අවසානයට පැවැති කොටුවේ උද්ඝෝෂණයට දහස් ගණනින් ජනතාව සහභාගි වූ අතර, එය ඉතා උද්වේගකර අවස්ථාවක් විය. අවසානයේදී රාජපක්‍ෂ පාලනය විසින් මෙම පිරිස් බැටන් ප්‍රහාර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර මගින් විසුරුවා හැරියේය. මෙම කුරිරු මර්දනය නිසා එදා එහි පැමිණි සහ මාර්ගයේ සිටි සාමාන්‍ය ජනතාවට පවා තුවාල සිදුවිය. කුඩා දරුවන් පවා ඒ අතර විය.

පාකිස්තාන අගමැති ඉම්රාන්ඛාන් පසුගියදා ප්‍රකාශ කර සිටියේ, දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල තියෙන්නේ තම රටේ බැව්ය. පාකිස්තාන අගමැතිවරයාගේ මෙම කතාව සත්‍යයකි. දකුණු ආසියානු කලාපයට රටවල් 08ක් අයිති අතර, එම රටවල්වල වත්මන් ඉන්ධන මිල අධ්‍යයනය කිරීමේදී එම තත්ත්වය පෙනී යයි. මෙම පාකිස්තාන කතාව ඔබට ලියා තබන්නට හේතු වූයේ, පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි කළ විටදී රාජ්‍ය මාධ්‍ය ආයතනයක පුවත්පත් ප්‍රචාරය කර සිටියේ, දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බැව්ය. එය මුළුමනින්ම අසත්‍යයකි.

ලෝකයේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, එනම් 2021 පෙබරවාරි 15 වැනි දින වන විට ජාත්‍යන්තර වශයෙන් නිකුත් කර ඇති ලෝකයේ රටවල් 167ක ඉන්ධන මිල ගණන් ප්‍රකාශ වන්නේ මෙසේය. එනම් එය ඇමෙරිකානු ඩොලරය ආශ්‍රිත කරගෙන එක් ඉන්ධන ලීටරයක් සඳහා වන මිල ගණන් දැක්වීමකි.

– ඇමෙරිකානු ඩොලර් 01ට අඩු රටවල් – 73.
– ඇමෙරිකානු ඩොලර් 01-01.50ට අතර – රටවල් 61.
– ඇමෙරිකානු ඩොලර් 01.50-2.00 අතර – රටවල් 30.
– ඇමෙරිකානු ඩොලර් 02ට වැඩි රටවල් – රටවල් 03ක

මෙයින් ශ්‍රී ලංකාව අයිති වන්නේ පළමු වැනි කාණ්ඩයට වන අතර, එහි 47 වැනි ස්ථානයෙහි අප රට සිටියි. එය ලීටර් එකකට ඩොලර් 0.83ක ප්‍රමාණයකි.

2015 වසරේදී යහපාලන රජය ආරම්භ වූ සමයේදී සිට මෙම 2021 වසර දක්වා ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල පැවැති අයුරු මෙසේය.

– 2015 –
ඇමෙරිකානු ඩොලර් 61.35
– 2016
ඇමෙරිකානු ඩොලර් 54.01
– 2017 –
ඇමෙරිකානු ඩොලර් 60.46
– 2018 –
ඇමෙරිකානු ඩොලර් 77.41
– 2019 –
ඇමෙරිකානු ඩොලර් 66.24
– 2020 –
ඇමෙරිකානු ඩොලර් 63.27
– 2021 –
ඇමෙරිකානු ඩොලර් 70.91

‘හොඳ, හොඳ නාටක තිබෙන්නේ එළිවෙන ජාමෙට’ යැයි අපගේ ජන සංස්කෘතියේ කියමනක් ඇත. එයින් කියැවෙන්නේ ‘සන්නි නැටුම්, නටන යකැදුරන් ඉතාම ඉහළ මානයක බැඳි ‘අයිලේ’ පදින්නේ එළිවෙන ජාමෙට හෙයිනි. උදය ගම්මන්පිල ඇමැතිවරයා මෙයට හෝරා කිහිපයකට පෙර පවසා ඇත්තේ අපූරු වදන් පෙළකි.

‘ජනතාව අන්දනවා වෙනුවට මම කැමැතියි ඇත්ත කතා කරන්න. ඇත්ත තිත්තයි, ඒත් ඇත්තයි. අදට ඕන තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ. අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ මාස 6කින් විතර. අද භාණ්ඩාගාරයටත් සල්ලි නැහැ. අපිට අද ඩොලර් නැහැ. මේකයි ඇත්ත තත්ත්වය.’ යැයි ඔහු පවසා ඇත.

යහපාලන රජය සමයේදී වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළ අපූරු කියමනක් සිහියට නැංවෙයි
‘දැන් වෙනස සැපද.’

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය ‘සොරි’… ඔන්න ආවා ඔන්ලයින් ‘වෙරි’…

Next Post

ලංකාව ගැන එක්සත් ජාතීන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.