පාකිස්ථානයේ වෙසෙන හින්දු පවුල්වල දැරියන් තාරුණ්‍යයට පත් වහාම (වයස අවුරුදු fදාළහ) තරමේ දී අන්‍ය ලබ්ධිකයන් විසින් පැහැරගෙන යනු ලැබ බලහත්තාරයෙන් විවාහ කරගැනීමේ සිද්ධීන් පසුගිය මාසයේ ඉතා ශීඝ්‍ර අන්දමින් ඉහළ ගොස් ඇති බව වාර්තාවී ඇතැයි එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවකින් පැවැසේ.
පැහැරගෙන යනු ලබන දැරියන් එසේ පැහැරගනු ලබන තැනැත්තා විසින්ම විවාහ කරගන්නා බව පවසන මාධ්‍ය එසේ කිරීමේ අරමුණ ඉස්ලාම් භක්තිකයන්ගේ ජන ඝනත්වය වර්ධනය කරගැනීම බවද සඳහන් කර ඇත.
සින්ද් ප්‍රදේශවාසී හින්දු පවුල්වල දැරියන් මේ ම්ලේච්ඡ ක්‍රියාවේ වින්දිතභාවයට පත්ව ඇත. පාකිස්තානයේ හින්දු ප්‍රජාව සුළුතර ජන කොට්ඨාසයක් වශයෙන්ද සැලකේ.
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට වාර්ෂිකව පාකිස්තානය පිළිබඳ ඉදිරිපත් කෙරෙන සමීක්‍ෂණ පිළිබඳ පසුගිය වර්ෂයේ වාර්ථාවේ පෙන්වා දී ඇති අන්දමට හින්දු දැරියන් එසේ පැහැරගෙන ගොස් අන්‍ය ලබ්ධිකයකු විසින් බලහත් කාරයෙන් විවාහ කරගැනීමේ සිද්ධීන් සෑම මාසයකම අවම වශයෙන් විස්සක් පමණ හෝ වාර්තාවන බවද පෙන්වා දී තිබේ.
අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ විභාග කෙරුණු බලහත්කාරයෙන් විවාහ කරගැනීිමේ නඩුවක චූදිත උතුරු උගන්ඩාවේ හමුදා ප්‍රධානියකු වන ඩොමිනික් ඔන්ග්වේන්ට මේ වසරේ පෙබරවාරි මාසයේ දී දඬුවම්ද නියම කෙරී තිබේ.
බලහත්කාරයෙන් විවාහ කරගැනීමේ අපරාධයට එරෙහිව කෙරෙන සටන උත්ප්‍රේරණය කිරීම සඳහා අපරාධ පිළිබඳ ජාත්‍යන්තර නීතිය යටතේ කටයුතු කළ හැකි බව මේ නඩුවෙන් අවධාරණය කෙරී ඇත.
බලහත්කාරයෙන් විවාහ කරගැනීම මෙන්ම එසේ කරවීම හෝ කිරීමට ආධාර අනුබල දීම මනුෂ්‍යත්වයට කෙරෙන අමානුෂික ක්‍ර්‍රියාවක් ලෙසට රෝම නීතියේ හත් වැනි වගන්තියේ සඳහන් බව පූර්ව නඩු විභාගයේදීම ප්‍රකාශයට පත්කෙරී තිබේ.
එසේ වූ විට වින්දිතයා ශාරීරික සහ ශාරීරික සුවතාවටද මානසික ආබාධිත තත්ත්වයට පත්වන බවටද එම වගන්තියේ විස්තෘත බව ප්‍රකාශ කර ඇත. බලහත්කාර විවාහයෙන් වින්දිතයාගේ සමාජ තරාතිරම ගැන නොතැකීම බලහත්කාරයෙන් කාර්යයන් (වැඩ) පැවරීම ලිංගික හිංසනය ආදී විශාල පරාසයක් අපරාධ ගණයට අයත් වන බවද පූර්ව නඩු විභාගයේදී ප්‍රකාශ කෙරී තිබේ.
බලහත්කාර විවාහයක් යනු අපරාධයක් බවට අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය ප්‍රථම වරට හඳුනාගනු ලැබ ඇත්තේ මෙම නඩු විභාගයේදීය.
එවැනි අන්දමේ අපරාධයකින් වින්දිතයාට මානසික ගැටුම්කාරී තත්ත්වයක්, ශාරීරික සහ මානසික යහදායකත්වයට බලවත් හානියක් මෙන්ම සෑම අතකින්ම සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයක් යැයි අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකණය ප්‍රථම වතාවට අර්ථකථනය කර ඇත්තේද මේ නඩුවේ දීය.
“ප්‍රචණ්ඩත්වයට සහ භීතියට යටත් වන වින්දිතයාට මේ සියල්ල විඳදරාගෙන සිටිනු මිස වෙනත් විසඳුමක් නොවන්නේය” යන කරුණු කෙරෙහිද මේ නඩුවෙන් ආලෝක කදම්භයක් පතිත වී ඇත.
නඩු තීන්දුවෙන් අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි පණිවුඩයක් සන්නිවේදනය කර තිබේ.
සිවිල් ප්‍රජාවගේ ස්වාධීනත්වයට එරෙහි වන්නා වූ බලකිරීමේ අපරාධය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි. ඒ නිවේදනය ලිංගිකත්වයට වගකියන්නා වූ ප්‍රවණතාවක් කෙරෙහි පියනැගීමේ අරමුණක් ඉලක්ක කොටගත් මාර්ගයක් විද්‍යමාන කරන්නක් පමණක් නොව ජාත්‍යන්තර අපරාධ නීතිය යටතේ ලිංග භේදය වර්ගවාදය සමහන් කිරීම සඳහා වූ දායකත්වය බලගන්වන්නකි.
සමාජ චාරිත්‍ර ධර්ම විරෝධී අපරාධකරුවකු සමග විවාහ ජීවිතයක් ගතකිරීමේ ආකල්පය යටතේ වින්දිත යුවතියට යළි සමාජ ඇසුරට පත්වීමේ දී ගර්හාවට ලක්වීම වැනි දුෂ්කරතාවලට දීර්ඝකාලීනව මුහුණපාන්නට සිදුවේ.
අවුරුදු දහයක් fදාළහක් තරම් වූ විට “ඇටෙන් පොත්තේන් තේරෙන” පාකිස්තාන දැරියකට කිසියම් පුරුෂයකුගේ භාර්යාවක් වීමට අනිවාර්යයෙන්ම සිදුවේ. එමගින් ඇතිවන බලහත්කාර අන්‍යාගමිකකරණයෙන් තවත් සමාජයීට ප්‍රචණ්ඩකාරී ස්ථරයක් නිර්මාණය වෙයි.
බාල වයස්කාර දැරියක අපහරණය කිරීම සාධු සම්මත සමාජයේ බලවත් අපරාධයක් සේ තැකුනද එය ඉස්ලාමීය සමාජයේ පොදු සම්මත න්‍යාය ධර්මයකි.
අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ විභාග කෙරුණු ඩොමිනික් ඔන්ග්වේන් නඩු විභාගය සහ තීන්දුව මින්මතු ලිංග භේදයට සහ වර්ග භේදයට එරෙහි යුක්තිය පසිඳලීම සඳහා පවත්නා වැදගත් පූර්වාදර්ශයකි.
මහජන නියෝජිතයන් නීති සම්පාදකයන් සිය නීත්‍යානුකූල ශක්තීන් ජාත්‍යන්තර සහ කලාපීය ලිංගභේදීය වර්ගවාදීය අපරාධ වැළැක්වීම වෙනුවෙන් යෙදවීමට උත්සුක විය යුතුය.
බලහත්කාර විවාහ වැළැක්වීම උදෙසා දැරියක විවාහ කරගත යුතු නිශ්චිත වයස් සීමාවක් ජාත්‍යන්තර වශයෙන් මෙන්ම කලපීය වශයෙන් ද සම්මත කිරීමට ජාත්‍යන්තර නීති සම්පාදකයින් කටයුතු කළ යුතුය.
ඒ වයස් සීමාව අවුරුදු දොළහ නොව දහඅට විය යුතුය. ඒ සම්මතය නීතියකට පමණක් සීමා නොවී ක්‍රියාකාරිත්වයේ යෙදවීමට බලාත්මක යාන්ත්‍රණීය ක්‍රමවේදයක් ද සකස් කළ යුතු වන්නේය. එය නියාමනීය අංගයක් විය යුතුය. ඒ නියාමනය බලාත්මක කිරීම උදෙසා මූල්‍ය සහ යටිතල ආදි පහසුකම් ද සැලසිය යුතුය.
මෙසේ බලහත්කාර විවාහ කරගැනීම්වලට වැට බැඳීමේ නීතිමය රාමුව වඩාත් ශක්තිමත් විය යුතු වේ. ඒ නිසා විවාහ ලියාපදිංචි කිරීම් අත්‍යාවශ්‍යම වන්නේය. එපමණක් නොව අවාහ විවාහ සඳහා බැඳෙන යුවතිපති යන දෙපලගේ මව් සහ පිය යන සිව්වනක් පිරිසගේම ස්වාධීන කැමැත්ත අනිවාර්යයෙන්ම විවාහය ලියාපදිංචි කිරීමේදී තිබිය යුතු බවද අනිවාර්ය කළයුතු තත් කාර්යයකි.
ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන්නන් වෙතොත් අවශ්‍ය වුවහොත් මූල්‍ය සහන සැලසීමේ ක්‍රමවේදයක් ගැනද සලකා බැලිය යුත්තේමය.
විවාහ බන්ධනයට එළඹෙන කාන්තා පාර්ශ්වය ආර්ථික වශයෙන් බලගැනීවීම සඳහාද ව්‍යාපෘති ප්‍රවර්ධනය කළ යුතුය.
බලහත්කාර විවාහයකින් අනතුරුව දරුවන් “බෝකර” අපරාධකාරයා පලායාම හෝ මඟහැර යාම හෝ ඒ දෙකරුණම හෝ නොවන්නට දරුවන් ඇතිදැඩි කිරීමේ වගකීම විවාහකයාටම නීත්‍යනුකූලවම පැවරෙන අන්දමේ නීතීමය ප්‍රතිපාදන වහ වහා ස්ථාපිත කළ යුතු වන්නේමය.
(පාකිස්තාන පාර්ලිමේන්තුවේ ප්‍රධාන තාක්‍ෂණික උපදේශකවරයා සඳහන් කළ කරුණු ලිපියට පාදක වී තිබේ.)











