දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබදව සාකච්ඡාවක් ඊයේ (13) දින මන්නාරමේදී සිදුව ඇත.
ටෙලෝ සංවිධානයේ නායක වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට මේ වන තුරු පක්ෂයේ නිල ප්රකාශකයෙකු හා පක්ෂ සංවිධායකවරයෙකු නොමැති නිසා පාර්ලිමේන්තුවේදී ටෙලෝ හා ප්ලොට් සංවිධානයේ මන්ත්රීවරුන්ට අදහස් දැක්වීම සදහා ලැබෙන්නේ අඩු කාලයක් බවයි.
මේ නිසා ජනතාව ඔවුන්ගේ ප්රශ්න හා ගැටලු මන්ත්රීවරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවට විශාල චෝදනාවක් එල්ල කොට ඇති බව කී සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්රීවරයා මේ චෝදනාව සාධාරණ නිසා පාර්ලිමේන්තුව තුළ ටෙලෝ හා ප්ලොට් යන පක්ෂ දෙක ස්වාධීනව කටයුතු කිරීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරගෙන යන බවකියා සිටියේය.










