• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටවල් 141කින් හරි ගියේ 10ක විතරයි! කාබනික පොහොරෙන් ලංකාව ගොඩ යයිද-කන්නත් නැති වෙයිද?

June 14, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
රටවල් 141කින් හරි ගියේ 10ක විතරයි! කාබනික පොහොරෙන් ලංකාව ගොඩ යයිද-කන්නත් නැති වෙයිද?
Share on WhatsAppShare on Facebook

මේ දිනවලදී කොරෝනා මාරයා යහතින්ම රජකරගෙන සිටින විටදීද මෙලෙස මහා ගෝරනාඩුවක් ඇසෙයි. යමෙකු මේ දෙස යහපත්ව බලන අතර, තවත් අයකු බලන්නේ අයහපත් කෝණයකිනි. මෙරට මහ මිනිසා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අපූරු ප්‍රකාශයක් සිදුකළේය.

“ගහල එළෙව්වත් කමක් නෑ, ගුටිකාලා හරි වැඩේ කරන්න ඕනෑ… මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. ජනතාවට මේක අවබෝධ කරලා දෙන්න. බැණුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න…”

ජනාධිපතිවරයා මේ කතාව කියන කොට සමහරුන් අන්දුන් කුන්දුන් වෙලා ගියා. මේ ගැන දන්නා අයත්, නොදන්නා අයත් සමාජයේ සිටින නිසා එහෙම වුණා. “කාබනික පොහොර, කාබනික පොහොර” තමයි මේ අලුත්ම මාතෘකාව.

ජනාධිපතිවරයාගේ සිට පොදු සමාජය දක්වාම මේ දිනවල ගලාගෙන යන කතාව මෙයයි. විටෙක කොරෝනා උණුසුමටත් උඩින් මේ වගතුග අපට ඇසෙනවා. පසුගියදා රාජ්‍ය පාර්ශ්ව විසින් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගොවිතැන් කටයුතු සඳහා ගෙන එනු ලබන සියලු රසායනික පොහොර ආනයනය නවතන අතර, ඉන් පසුව මෙරටට ගෙන එනු ලබන්නේ කාබනික පොහොර පමණක් බවත්ය. මෙය ජනාධිපති පුටුවේ සිටම ගත් ප්‍රබල තීරණයක් වූ අතර, මෙයට සමහර පාර්ශ්ව ප්‍රශංසා කළ අතර තවත් සමහරු විවේචනය කළහ. පසුගියදා සිට මේ දක්වා මෙම අර්බුදය මත පාර්ලිමේන්තුවේද විශාල ගාලගෝට්ටියක් උද්ගතව ඇත. ඒ අතරම සමාජය තුළින්ද පැනනැඟී ඇති විවිධ මතිමතාන්තරද බොහෝය. කෙසේ හෝ මේ නිසා මෙය ප්‍රබල වත්මන් සමාජ කතිකාවක් බවට පත්වී ඇත.

ලෝකයේ පොහොර කතාව වසර 600-700ක් වැනි කාලයක් පුරා දිවයයි. ඉන් පෙර සිටි මිනිසුන්ද කෘෂිකර්මය සඳහා යම් පොහොර භාවිතයක් සිදුකරන්නට ඇති වුවත්, මෙම විෂය පිළිබඳ ඉතිහාස සාධක ඉදිරිපත් වන්නේ වසර 700ක් පමණ පෙර සිටය. ක්‍රි.ව. 1600 සිට ක්‍රි.ව. 1800 පමණ කාලය දක්වා ලෝකයේ බොහෝ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත වී ඇත්තේ ස්වභාවිකව සොයාගනු ලැබූ පොහොර වර්ගය. එනම් පරිසරයෙන් ඉවත්වූ විවිධ අපද්‍රව්‍ය හරහා මෙම පොහොර නිෂ්පාදනය කරගෙන ඇත. එහෙත් පසුව ක්‍රි.ව. 1800 ආරම්භයේදී පමණ ලොව බටහිර සිටි විවිධ රසායනික විද්‍යාඥයන් විසින් කෘෂිකර්මය සඳහා පර්යේෂණ පවත්වා කෘත්‍රිම පොහොර වර්ග සොයාගත්හ. අකාබනික ඛනිජ ද්‍රව්‍යයන් යොදාගෙන නිපදවන ලද මෙම පොහොර ‘රසායනික පොහොර’ ගනයට වැටිණි. එවැනි වටපිටාවක් තුළ එතැන් සිට කෘෂිකර්මාන්තය උදෙසා බොහෝ රසායනික පොහොර භාවිත වන්නට විය. මෙම තත්ත්වය 19 වැනි සියවසේදී අතිශය උත්සන්න විය.

එනම් 18 වැනි සියවසේදී නිෂ්පාදනය වූ රසායනික පොහොරවලට වඩා ඉතා බලගතු රසායනික පොහොර පර්යේෂණ මගින් නිපදවන්නට විය. මෙම පොහොර භාවිතයෙන් කෘෂිකර්මාන්තයේ ඉහළ ඵලදාවක් ලබාගත හැකි වුවද මිනිසාට එම නිෂ්පාදන බොහෝ අහිතකර විය. කෙසේ හෝ 20 වැනි සියවස වන විට මෙම විනාශකාරී තත්ත්වය යම් පමණකින් ලොවට අවබෝධවී රසායනික පොහොරවලින් යම් පමණකට ඈත් වන්නට ගත්තේය. ලොව බොහෝ රටවල ‘කාබනික පොහොර’ හඳුන්වා දුන්නේ මෙවැනි වටපිටාවක් යටතේදීය. කෙසේ හෝ මෙය එකල හරිත විප්ලවයක් ලෙසින් නම් කරන්නට වූ අතර, 21 වැනි සියවස දක්වාම මෙම ක්‍රමවේදයන් ගලා යමින් ඇත. අද ශ්‍රී ලංකාවද නැඹුරු වෙමින් ඇත්තේ මෙවැනි විෂයක් කෙරෙහිය.

ලෝකයේ පොහොර ඉතිහාසය යනු බොහෝ දීර්ඝ, එමෙන්ම අතිශය සංකීර්ණ විෂයකි. ඔබට මා ඉහතින් ලියා තැබුවේ ඒ පිළිබඳ දළ සටහනක් පමණි. ලොව ප්‍රධාන වශයෙන් හඳුන්වා දෙන පොහොර ප්‍රභේද දෙකක් ඇත. එනම් අප කියූ කාබනික පොහොර සහ රසායනික පොහොර යන දෙවර්ගයයි. අද මේ අනුව ශ්‍රී ලංකාවේදී අර්බුදයක් ඇරැඹී ඇත්තේ රසායනික පොහොර ආනයනය කිරීම නවත්වා කාබනික පොහොර ආනයනය සහ භාවිතය ඇරැඹීමේ රාජ්‍ය ක්‍රමවේදය උදෙසාය. ශ්‍රී ලංකාවේ දැනට දශක 05ක පමණ කාලයක සිට බහුතර වශයෙන් භාවිත වන්නේ රසායනික පොහොර වර්ගය. ශ්‍රී ලංකාව තුළ මෙම පොහොර භාවිතය නිසා පසුගිය කාලය පුරා විවිධ භයානක බෝ නොවන රෝග මිනිසුන්ට වැලඳුණු බවට විවිධ පාර්ශ්ව චෝදනා කළේය. එහි යම් සත්‍යයක්ද වූයේ එය සාධනීය වශයෙන් විවිධ අවස්ථාවලදී තහවුරු වූ හෙයිනි. කෙසේ හෝ රසායනිකයක් යනු බොහෝ විට මිනිස් සිරුරට අහිතකර සංයුතියක් වුවද, වත්මන් ලෝකයේ මිනිසාගේ යහපත උදෙසා භාවිත කෙරෙන විවිධ ඖෂධ සඳහාද අද බොහෝ රසායනිකයන් භාවිත කරති. එහෙයින් මෙය දෙකළවර බලා විසඳිය යුතු පැනයකි.

කාබනික පොහොර වශයෙන් භාවිත කළ හැකි ද්‍රව්‍ය බොහෝ ඇත. ඒවා හඳුනාගැනීමේ පහසුව සඳහා පහත සඳහන් අයුරින් වර්ග කෙරෙයි.
– බෝග ශේෂ
– කොළ පොහොර
– සතුන්ගේ මළ සහ මූත්‍ර
– ගෘහස්ත කසළ

කෙසේ හෝ ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයකට මුහුණදී තිබෙන්නේ කාබනික පොහොර යන විෂය හෙයින් ඒ ගැන රාජ්‍ය ක්‍රමවේදය කුමක්දැයි සොයා බලමු. රජය පවසා සිටින්නේ ඉදිරි මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බැව්ය. මෙහිදී රටට අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමාණය මෙරටදීම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත්, යම් අඩුවක් වුවහොත් නිකුත් කිරීමට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය රජය මගින් ගෙන්වා ගබඩා කර තබාගන්නා බවත් පසුගියදා කෘෂිකර්මාන්ත ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ගොවීන්ට කාබනික පොහොර නිකුත් කිරීමේදී පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ ඒ සඳහා පස නිරීක්ෂණයට අවශ්‍ය උපකරණද රජය මගින් සපයන බවද ඇමැතිවරයා පවසා ඇත.

කෙසේ හෝ මෙවැනි වැඩපිළිවෙළක් යටතේ රජය විදේශ රටවලින් කාබනික පොහොර තොග වශයෙන් ආනයනය කිරීමට සැලසුම් කිරීම ගැන පසුගියදා උද්ඝෝෂණයක්ද ඇතිවිය. එසේ සිදුවූයේ එය කාලෝචිත ක්‍රියාවක් දැයි යන පැනය මතය. එවැනි ආනයනයක් මගින් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුවන හානිකර තත්ත්වයන් සමහර පාර්ශ්ව මගින් පෙන්වා දී තිබිණි.

එසේම එවැනි සුවිශාල තොග ආනයනය මගින් රට තුළ සිටින ඇතැම් පිරිස් සිදුකරනු ලබන දූෂණ වංචාවන් ගැනද සමහර පාර්ශ්ව චෝදනා එල්ල කළේය. මෙය රජයට සම්බන්ධ හිතවත් පිරිස් විසින් සිදුකරන මහා පරිමාණ කොමිස් ගැහිල්ලක් බවටද එම පාර්ශ්ව චෝදනා කළේය. එනම් දැනටමත් වෙනත් විදෙස් රටවල තිබෙන කුණු කසළ ශ්‍රී ලංකාවට තොග පිටින් ගෙන ඒමට රජයට හිතවත් ව්‍යාපාරිකයන් උත්සාහ කරන බවටද චෝදනා එල්ල විය. ඒ අතර චීනයේ තිබෙන කුණු කසළ ටොන් ගණනක් මෙරටට ගෙන ඒමටද සැලසුම් කරන බවට විවිධ මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ හෝ මීට පෙරද මෙරටට මෙවැනි කුණු කසළ කන්ටේනර් ගණනාවක් පැමිණි නමුත් ඒවා නැවත එම රටවලටම හරවා යවනු ලැබිණි. ඒ අනුව ඉදිරියේදීත් සිදුවන්නේ කුමක්දැයි නිසායාකාර නිගමනයකට එළැඹිය නොහැකිය.

මිනිස් වර්ගයාට යහපතක් වනවා යැයි පැවසෙන මෙම කාබනික පොහොර කතාවේ ශ්‍රී ලංකාවේ වත්මන් කතාව ගැන යමක් ඔබට එසේ ලියා තැබුවෙමි. එසේ නම් දැන් අප පැමිණ තිබෙන්නේ එම කතාවේ හැරවුම් ලක්ෂ්‍යය වෙතය. එනම් කාබනික පොහොර යන නාටකය ලෝක වේදිකාව මත දිගහැරෙන්නේ කෙසේද යන්නය. එය සැබෑ ලෙසම අතිශය සංකීර්ණ විෂයකි.
ලෝක දත්ත අනුව වර්තමානයේ ලෝව රටවල් 141ක් කාබනික පොහොර භාවිතය සිදුකරන බව පැවැසෙයි. The World of Organic Agriculture (ලෝකයේ කාබනික කෘෂිකර්මාන්තය) නමැති ලෝක වාර්තාවට අනුව මෙසේ ප්‍රකාශ වෙයි. මෙය ජාත්‍යන්තර කාබනික කෘෂි පර්යේෂණ ආයතනයේ (International Organic Agricultugre Research Institute) නිල වාර්තාවක් වෙයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ ලෝකයේ ප්‍රධාන මහාද්වීප පහකට අයත් රටවල මෙසේ කාබනික කෘෂි කර්මාන්තය සිදුකෙරෙන බැව්ය. එනම් ඇමෙරිකාව, ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ ඕෂනියා යන මහාද්වීප 05 එලෙස සඳහන් වෙයි. රටවල් 141ක එලෙස කාබනික කෘෂිකර්මාන්තය සිදුවුවත්, මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක අයුරින් සිදුකෙරෙන්නේ ලෝකයේ රටවල් 30ක පමණක් බැව්ද පැවැසෙයි. එයින්ද රටවල් 10ක් ඉදිරියෙන්ම සිටියි. එම රටවල් මෙසේය.

– ඔස්ටේ්‍රලියාව – හෙක්ටයාර මිලියන 35.69
– ආජන්ටිනාව – හෙක්ටයාර මිලියන 3.63
– චීනය – හෙක්ටයාර මිලියන 2022
– ස්පාඤ්ඤය – හෙක්ටයාර මිලියන 2.35
– උරුගුවේ – හෙක්ටයාර මිලියන 2.14
– ප්‍රංශය – හෙක්ටයාර මිලියන 2.24
– ඇමෙරිකාව – හෙක්ටයාර මිලියන 2.33
– ඉතාලිය – හෙක්ටයාර මිලියන 1.99
– ඉන්දියාව – හෙක්ටයාර මිලියන 2.30
– ජර්මනිය – හෙක්ටයාර මිලියන 1.61

2019 වසරේ දත්තවලට අනුව මෙම ප්‍රමාණයන් ප්‍රකාශිතය කෙසේ හෝ මේ වන විට කාබනික කෘෂිකර්මාන්තය අතින් ප්‍රථම ස්ථානයේ සිටින්නේ ඕස්ටේ්‍රලියාවය. එනම් ඉහත දැක්වෙන පරිදි දැනට ඕස්ටේ්‍රලියාවේ හෙක්ටයාර මිලියන 37කට ආසන්න ප්‍රමාණයක කාබනික ගොවිතැන සිදුකෙරෙයි. එම රටෙහි ඇති ධාරිතාවට ලෝකයේ වෙනත් කිසිදු රටකට ආසන්න වීමට නොහැකිවී ඇත. ඊට හේතුව වී ඇත්තේ ඕස්ටේ්‍රලියානු රජය එම ක්‍රමවේදය ඉතා සංවිධානාත්මක අයුරින් නීතිමය ක්‍රම රටාවක් හරහාද සිදුකරන හෙයිනි. එසේම ඕස්ටේ්‍රලියාව යනු විශාල භූමියක් අති රටක් බැවින් එම කටයුතු සිදුකිරීමද පහසුවී ඇත.

ලෝකය තුළ මෙසේ ව්‍යාප්තව තිබෙන කාබනික ගොවිතැන උදෙසා පැනනඟින ප්‍රශ්න රාශියක්ද වෙයි. එනම් එය මිනිස් වර්ගයාටත්, පරිසරයටත් යහපත් යැයි ප්‍රකාශ වුවත් ඒ මගින් සිදුවන හානිද බොහෝය. එහෙයින් ලෝකයේ රටවල් රාශියකදී මෙම කාබනික කෘෂිකර්මාන්තය අසාර්ථක තත්ත්වයට පත්ව ඇත. ලෝකයේ කාබනික ගොවිතැනේ 54%ක අතිවිශාල ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙන ඕස්ටේ්‍රලියාවේ පවා මෙවැනි අසාර්ථකවීම් සිදුව ඇත. එවැනි අංක එකට සිටින රට පවා එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන විටදී අනෙකුත් කුඩා ප්‍රතිශතයක් ඇති රටවල් මුහුණ දෙන්නේ කුමන තත්ත්වයකටද? අද ලෝකයේ කාබනික ගොවිතැන පුළුල් ලෙස සිදුවන ප්‍රධානතම රටවල් 10 වෙතද මෙම අසාර්ථක තත්ත්වයන් බලපා ඇත. ඇමෙරිකාව, චීනය, ඉතාලිය, ඉන්දියාව, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ආජන්ටිනාව වැනි ප්‍රධාන පෙළේ රටවලදී මෙසේ පසුබැසීම්වලට ලක්ව ඇත. ඒ තත්ත්වය නිසා එම රටවල් තුළ බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවී ඇත. කාලයක් පුරා එම රටවල ඉතා අඩු ප්‍රතිශතයක් එම ගොවිතැන සිදුකෙරෙන්නේ එහෙයිනි. මීට ප්‍රධාන හේතු සාධක රැසක් බලපා ඇත.

කාබනික පොහොර යැයි පැවසුණත් එම පොහොර ඇතැම්විට නිසි කාබනික තත්ත්වයෙන් නොතිබීම.
සමහර කාබනික පොහොර නිසා කෘෂි බෝගවලට සහ පරිසරයට ප්‍රබල දිලීර සහ පළිබෝධ ආසාදනයන් ඇතිවීම.
කාබනික පොහොර සඳහා අධික මිලක් දරන්නට වීම.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා නිසි යටිතල පහසුකම් සහ මූල්‍යමය ආධාර අවම වීම.
විදෙස් රටවලින් ගෙන්වනු ලබන කාබනික පොහොර ප්‍රමිතියකින් තොරවී තවත් ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වීම.
කාබනික පොහොර භාවිත කරන ගොවියා කාබනික පළිබෝධ නාශක සහ කාබනික රසායනිකයන්ද භාවිත කළ යුතුය.
ගොවීන්ට කාබනික පොහොර භාවිතය ගැන නිසි දැනුමක් නොමැති වීම.
පොහොර භාවිතයෙන් පසු දැඩි නිරීක්ෂණයක් අවශ්‍ය වීම.
විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය වීම සහ දැඩි ශ්‍රමයක් යොදන්නට සිදුවීම. විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය වීම නිසා තව තවත් වනාන්තර හෙළිකිරීමට සිදුවීම.

මේ ආකාරයට කෘෂිකර්මාන්තය උදෙසා කාබනික පොහොර භාවිතය එතරම් ලෙහෙසි පහසු කාරියක් නොවේ. සම්පත් සහ ධනය තිබෙන රටවලදීත් එය යම් අයුරකින් අසාර්ථක වන්නේ නම් ශ්‍රී ලංකාව වැනි රටක සමස්ත කෘෂිකර්මාන්තය උදෙසාම කාබනික පොහොර යොදන්නේ කෙසේද? එය දේශපාලකයන් කතා කරනවා වැනි ලෙහෙසි පහසු දෙයක්ද? මෙම අර්බුදය පසුගියදා රට තුළ තිබියදී ප්‍රවීණ පරිසරවේදියකු මෙන්ම පරිසර ප්‍රශ්න ගැන බොහෝ විට පෙනීසිටින නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මාධ්‍යයට අපූරු ප්‍රකාශයක් සිදුකර ඇත.

“විෂබීජහරණය කොට ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී මෙන්ම භයානක තීන්දුවක්. ශාක ආරක්ෂක පනත යටතේ 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ශ්‍රී ලංකාවට ගේන්න බැහැ. කාබනික පොහොර කියන්නේ දිරායන සත්ව හා ශාක කොටස්. ඒවා එක්ක ව්‍යාධිකාරක, රෝගකාරක රට තුළට එන්න පුළුවන්. ඒ ගැන හිතලා තමයි ඒ නියෝගය නිකුත් කරලා තියෙන්නේ” යැයි මෙම ප්‍රවීණ පරිසරවේදියා පවසා ඇත. එය සැබැවින්ම මසුරන් කතාවකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මෙන්න අලුත්ම ජාවාරම! ෆොන්සේකා හෙළි කරයි!! (VIDEO)

Next Post

TNA දෙකඩ වෙයි: ටෙලෝ-ප්ලොට් වෙනම සාකච්ජාවක!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.