කලින් පොරොන්දු වූ පරිදි අතුරලියේ රතන හිමියන් ලබන ජුලි 05 වැනි දින වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඇති කරගත් එකගතා අනුව උන්වහන්සේ කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි පවසයි.
අන්තර්ජාල නාළිකාවක් සමග සංවාදයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.










