ඉස්ලාම් ආගමික
වක්තෘවරයාණන්ගේ ඉගැන්වීමට
පටහැනි කිසිදු දෙයක් නොකරන්නෙ
මැයි පාකිස්තාන අගමැති ඉම්රාන්
ඛාන් සිය අමාත්‍ය මණ්ඩලයේ
ජ්‍යෙෂ්ඨතමයන් සමග පසුගිය සඳුදා
පැවැත්වූ සාකච්ඡාවකදී සපථ කළ බව
G.E.O ප්‍රවෘත්ති සේවය නිවේදනය
කෙළේය.
G.S.P Plus වාණිජ තත්ත්වය යළිදු
සලකා බලා යාවත්කාලීන කළ යුතු
බවට යුරෝපා පාර්ලිමේන්තුව සම්මත
කර ඇති යෝජනාවට ප්‍රතිචාර වශයෙන්
පාකිස්තාන ආණ්ඩුවේ මතය සමාජගත
කිරීමේ අභිලාසයෙන් අගමැතිවරයා සිය
ජ්‍යෙෂ්ඨයන් සමග රැස්වීම පැවැත්වූ බව
ප්‍රවෘත්ති සේවය කියයි.
තම ආණ්ඩුව යුරෝපා සංගමය
අතර පවත්නා සම්බන්ධතා සුරක්‍ෂිත
කෙරෙන අන්දමින් සෑම සියලු
කාර්යයක්ම කළ යුතු බව සාකච්ඡාවේදී
සියලු දෙනා එකහෙළාම පිළිගෙන
ඇත්තාහ.
එමතුද නොව පාකිස්තානයේ
වෙසෙන සියලු සුළු වාර්ගිකයන්ගේ
ආරක්‍ෂාව සුරක්‍ෂිත කෙරෙන බව එහිදී
සියල්ලන්ම ඒකමතිකව තීරණයට එළැඹි
මතයද විය. පාකිස්තානීය ඉස්ලාමික
ප්‍රතිපත්ති සහ G.S.P Plus වෙළෙඳ
ගිවිසුම අතර මතවාදයක් ඇති නොවන
බවද පැහැදිලි කෙරී තිබේ. එකී වාණිජ
ගිවිසුම යුරෝපා සංගමය කිසියම්
අන්දමකින් අවලංගු කරනු ලැබුවහොත්
පාකිස්තානයට වාර්ෂිකව මුහුණදීමට
සිදුවන ඩොලර් බිලියන තුනක හෙවත්
ඩොලර් කෝටි තුන් සියයක ආදායම්
අහිමිවීමේ ගැටලුව පිළිබඳවද දීර්ඝ
ලෙස සාකච්ඡා කෙරී ඇත.
පාකිස්තානයට අනුමත කර ඇති
G.S.P Plus වාණිජ ගිවිසුම යළි
සලකා බලා සංශෝධනය කිරීමේ
යෝජනාව පසුගිය සතියේ දී යුරෝපා
සංගමය සම්මත කරගනු ලැබ ඇත.
පාකිස්තානය සුළු ජනවාර්ගිකයන්
කොන්කරනු ලැබීම සහ මූලික
මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන්
පවත්නා නීතිමය අසමතුලිතභාවය
පැහැදිලිව නිරීක්‍ෂණය වීම නිසා මෙවන්
තත්ත්වයක් උද්ගතව ඇතැයි නිල
නොවන ආරංචිවලින් පැවැසේ.
“රිනිව් යුරොප්” නමැති දේශපාලන
කණ්ඩායම පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කරනු ලැබූ යෝජනාවට වැඩි ඡන්ද
හයසිය අසූඑකක් ලැබී ඇති අතර
විපක්‍ෂව ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය හයකි.
මෙවන් යෝජනාවක් සම්මත කිරීම
ගැන තම බලවත් කනගාටුව ප්‍රකාශ
කරන බව යෝජනාව සම්මත කිරීම
පිළිබඳ පාකිස්ථානයේ විදේශ කාර්යාලය
නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්
වේ.
අදේවවාදය සහ පාකිස්තානයේ
ආගමික සංවේදීතාව ගැන මෙන්ම
සමස්ත ලෝක මුස්ලිම් ප්‍රජාව පිළිබඳ
අනවබෝධයෙන් මෙවන් යෝජනාවක්
ගෙන ඒම ගැන බලවත් කනගාටුව
ප්‍රකාශ කරන බවද පාකිස්තාන
විදේශ කාර්යාලයෙන් නිකුත්
කර ඇති නිවේදනයේ
දක්වා තිබේ. එපමණක්
නොව පාකිස්ථානයේ
පවත්නා අධිකරණ
නීති මාලාව සහ
සාංස්කෘතික හර
පද්ධතිය කෙරෙහි හරි
දැක්මක් නොමැතිව මේ
අන්දමේ අසාධාරණ
ගර්හාවක් කිරීම අතිශයින්
ශෝචනීය බවද සඳහන් කර
ඇත.
මානව හිතවාදී සිවිල්
සමාජයකින් ද, කිසිදු
අන්දමේ කොන්
කිරීමකින්
තොර සියලු
දෙනාගේම ප්‍රවර්ධනය සහ සුරක්‍ෂිතතාව ආරක්‍ෂා
කෙරෙන නීති පද්ධතියකින්ද
උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදය සුරකින
පාර්ලිමේන්තුවකින්ද සජ්ජිත වීම
පාකිස්තානයේ අභිමානයයි.
මූලික මිනිස් අයිතිවාසිකම්
භුක්තිවිඳීම සඳහා වන ස්වාධීනත්වය
ආණ්ඩුක්‍රම වෘවස්ථාවෙන්ම
පාකිස්තානය සුළු ජනවාර්ගිකයනට
තහවුරු කරදී ඇති බව විදේශ
කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ
සඳහන් වන්නකි. ජාත්‍යන්තරයේ
වර්ධනය වෙමින් පවත්නා ඉස්ලාම්
භීතිය (islamophobia) තේ
කෝප්පයේ කිඹුලන් දකින අරුත් සුන්
එකක් බව ලෝකයට පෙන්වාදීමට
ඒකාබද්ධ සර්වග්‍රාහී ව්‍යාපෘතියක් වහා
අරම්භ කිරීම සඳහා ඉස්ලාමාබාද් මූලික
කොටගත් ඉස්ලාමීය සහයෝගිතා
පදනමේ රාජ්‍ය නියෝතයන් මේ
අතර කැඳවූ අගමැති ඉම්රාන් ඛාන්
(ඔවුනට) උපදෙස් දුන්නේය.
අපේ මූලික අරමුණු විය යුත්තේ
අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැග
ීමයි, එකිනෙකා අතර එකමුතුකමේ
විශ්වාසය ප්‍රවර්ධනයයි. ඉස්ලාමීය
භීතිය වර්ධනය යනු එකිනෙකා
අතර වෛරය ක්‍රෝධය පැතිරයාමයි.
මේ වැඩසහනට
පදනමේ සියලු
තානාපතිවරුන්,
රාජ්‍ය දූතයන්
මුල්විය යුතුයි.
මේ අරමුණ
ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි.
සුහදත්වය මිත්‍රත්වය ජාතීන් අතර
විශ්වාසය බිඳහෙළීමට ප්‍රධාන වන්නේ
රැඩිකල්වාදය සහ ත්‍රස්තවාදයයි.
එමගින් අප ජාත්‍යන්තරයෙන්
අනිවාර්යයෙන්ම කොන් කිරීමට පාත්‍ර
වෙනවා, ගෝලීය වශයෙන් බිත්තියටම
හේත්තු කෙරෙනවා. අප ඒ සියල්ල
පිටුදැකිය යුතුයි. කථන සහ ලේඛන
කලාවේ ස්වාධීනත්වය නැතහොත්
නිදහස යන සාටකයට මුවාවී කෙරෙන
ඉස්ලාමීය ප්‍රඥප්තියට සහ ආගමික
පෞද්ගලිකත්වයට ඉතා නිර්ලජ්ජී
අන්දමින් නින්දා කිරීම යනු ලෝකය
පුරා වෙසෙන එකසිය පනස් කෝටියක්
තරම් මුස්ලිම් ප්‍රජාවගේ මනෝභාවයට
ගර්හා කිරීමයි.
අනාගත වක්තෘ මහමද් නබිතුමා
දේශනා කළ සහ ශුද්ධ වූ කුරානයේ
සඳහන් මානව කරුණාව සහ දයාව
සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ සිත් තන්හි
නිබඳවම රජයමින් පවත්නා බව සමස්ත
ලෝක ප්‍රජාවටම අවබෝධ කරවීමේ
කාර්යභාරය නොපිරිහෙලා ඉටු කළ
යුතුයි.
‘සියලු ලබ්ධිකයන්ගේ සුසංවේදිත්වය
ආරක්‍ෂා කරන්නා වූ වගකීම ස්ථාපනය
කෙරෙන නීතියේ පාරිශුද්ධතාව
පැහැදිලි කර තිබීමද, ඉස්ලාමීය සත්‍ය
ප්‍රතිරූපය සහ සාමය සහ ඉවසීම
යන ඉස්ලාමීය පණිවිඩය පිළිබඳව ද
ජාත්‍යන්තර ප්‍රජාවගේ සන්තානයන්හි
රෝපණය කරවීමේ මාහැඟි ප්‍රයත්නයට
උරදීම ඉස්ලාමීය සහයෝගිතා පදනමේ
සාමාජිකත්වයේ රාජ්‍ය නියෝතයන්ගේ
වගකීමයි’ යන්නද අගමැති ඉම්රාන්
ඛාන් පැහැදිළි කෙළේය.
සාමකාමී සහ ජීවනය, අන්‍යොන්‍ය
ගරුත්වය, ඉවසීමේ විශ්ව සාධාරණ
වටිනාකම යන උත්තරීතර මානව
ගුණාංග ප්‍රවර්ධනය කිරීම උදෙසා
සමස්ත ලෝකවාසී ප්‍රජාව සමග කටයුතු
කිරීමට මෙන්ම සාකච්ඡා කිරීමටද
පාකිස්ථානය ඕනෑම අවස්ථාවක
අත්වැල් බැඳගැනීමට ඇපවී කැපවී
සිටින බවද අගමැති ඉම්රාන් ඛාන්
ප්‍රකාශ කෙළේය.
පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ











