දියනාමින් සිටි පුද්ගලයකු කිඹුලකු විසින් ගඟ මැදට ඇදගෙන යනු දැක ඇති ස්වාමීන් වහන්සේ නමක් වහා ගඟට පැන පිහිනා ගොස් කිඹුලා සමග පොර බදා එම පුද්ගලයා බේරාගෙන ගොඩට පැමිණ ඇති පුවතක් කහටගස්දීගිලියෙන් වාර්තා වේ.
මෙම වීර ක්‍රියාව සිදු කොට ඇත්තේ දියමයිලගස්වැව ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ වැඩවාසය කරන තිස් හැවිරිදි පැල්ලන්දෙණියේ පියනන්ද හිමියන්ය.
අනතුරට ලක්ව ඇත්තේ 70 හැවිරිදි ජේ.එම්. විජේරත්න මහතාය.
පියනන්ද හිමියන්ද එදින මෙම ගඟට පැමිණ දිය නා එගොඩවීමට සැරසෙද්දී කිඹුලකු විසින් මෙම පුද්ගලයා ගඟ මැදට ඇදගෙන යන ආකාරය දැක තිබේ.
පසුව උන්වහන්සේ යළි ගඟට පැන පිහිනා ගොස් නිඹුලා සමග පොර බදා මෙම පුද්ගලයාව බේරාගෙන ගොඩට පැමිණ ඇත.
කිඹුලාගේ ප්‍රහාරයෙන් මෙම පුද්ගලයාගේ එක් පාදයකට බරපතළ තුවාල සිදුව ඇතත් හිමිනමට කිසිදු තුවාලයක් සිදුව නැති බව දැනගන්නට ඇත.
මෙම වීර ක්‍රියාව සැලවීමත් සමග කහටගස්දිගිගිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද පන්සලට පැමිණ තමන්ගේ ජීවිතයද නොතකා අන්‍යයකුගේ ජීවිතයක් බේරා ගැනීමට කළ සත්ක්‍රියාව අගය කොට ඇති බව වාර්තා වේ. -ලංකාදීප










