• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැම තැනම ප්‍රශ්න.. ප්‍රශ්න… ප්‍රශ්න…? කෝ මේ අපේ හාමුදුරුවරු…?

May 26, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
හැම තැනම ප්‍රශ්න.. ප්‍රශ්න… ප්‍රශ්න…? කෝ මේ අපේ හාමුදුරුවරු…?
Share on WhatsAppShare on Facebook

දැන් අපි ඉන්නේ මේ වෙලාවේ මොනවා කතා කළත් පළමුවත් කොවිඩ්, දෙවැනුවත් කොවිඩ්, තුන්වැනුවත් කොවිඩ් කියලා කියන තැන. ඒ නිසා මේ වතාවෙත් මේ කියන්න යන්නෙත් කොවිඩ් ගැන. හැබැයි මේ කොවිඩ් ගැන කියනවා වෙනුවට කොවිඩ්වලට අදාළ අපේ රටේ දේශපාලනයේ හැසිරීම ගැන අපිට දැන් කතාකරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කාටවත් ඇඟිල්ල දික්කරනවා නෙමෙයි. මේක ඉතාම නරක කාලයක්.

ඒ නිසා කිසිම දේශපාලකයෙක්ට, වෙනම කණ්ඩායමකට, කවුරු හෝ කල්ලියකට, කුමන හෝ ආගමකට, කුමන හෝ ජාතියකට මේ වෙලාවේ ඇඟිල්ල දික්කරන්න බැහැ. ඒකට හේතුවෙන්නේ මුළු රටම ඉන්නේ කොරෝනාත් එක්ක බරපතළ ලෙස හැප්පෙමින්. ඒ වගේම අපේ රටට විතරක් වෙච්ච විපතක් නොවෙන නිසා මුළු ලෝකෙමත් කොවිඩ් හමුවේ පැරැදුණා. විශේෂයෙන්ම ලෝකයේ බලවතා වෙච්ච ඇමෙරිකාව, ආසියාවේ බලවතා වෙච්ච චීනය, දකුණු ආසියාවේ බලවතා වෙච්ච ඉන්දියාව, ඒ වගේම ලෝකයේ විවිධ මට්ටම්වල ඉදිරියෙන් හිටපු රටවල් කොවිඩ් හමුවේ අන්ත අසරණ වුණා. සමහර රටවල්වලට හිතාගන්න බැරි වුණා. දවසට හාරදාහක් පන්දාහක් මියයනකොට මේගොල්ලෝ හිටියේ උත්තර නැති ප්‍රශ්නයකට හිරවෙලා. අද වෙනකොටත් ඉන්දියාවට තවම මේ ප්‍රශ්නෙන් ගැළවෙන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. හැබැයි මේ ප්‍රශ්නයට උත්තරේ හොයන එකට රට රටවල රාජ්‍ය නායකයෝ ඉතාම විශිෂ්ට ආකාරයෙන් මැදිහත් වෙලා තියෙනවා.
දැන් ඇමෙරිකාව සූදානම් මාස්ක් ගලවලා මේ නිදහස සමරන්න. ඒ වගේම එංගලන්තේ මේ වෙනකොට තමන්ගේ රටට අවශ්‍ය කරන එන්නත් මාත්‍රා දෙකට එහා ලබාදීමේ වැඩපිළිවෙළ සූදානම් කරලා ඉවරයි. ඉන්දියාවට තවමත් නැඟිටින්න බැරි වුණත් අලුත් ප්‍රාන්ත රජයන්ගේ පත්වීමත් එක්ක සමහර ප්‍රාන්ත යම් මට්ටමකින් කොරෝනා පරද්දමින් ඉන්නවා.

හැබැයි අපි අද ඉන්නේ කොතැනද? විශේෂයෙන්ම ආණ්ඩුව ගත්ත වැරැදි තීරණ නිසා සහ ආණ්ඩුව නොගත්ත හරි තීරණ නිසා මේ කොවිඩ් අර්බුදය දරුණු වෙලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ වගේම රටේ ආර්ථිකයත් අද තියෙන්නේ බරපතළ අර්බුදයක.

සාමාන්‍යයෙන් සම්බා හාල් කිලෝ එකක මිල රුපියල් එකසිය පනහක විතර ගානට ළං වෙලා. කීරි සම්බා මිල රුපියල් දෙසීය පහුකරලා. මරඳගහමුල සහල් වෙළෙඳපොළ පවා තියෙන්නේ බරපතළ අර්බුදයක. මේ තත්ත්වයත් එක්ක ගනිද්දී සෑම දේකම මිල ගණන් ඉහළ යනවා. ඒ වගේම සමහර භාණ්ඩ සැපයුම් නැතිවෙලා ගිහිල්ලා තියෙනවා. සමහර අත්‍යාවශ්‍ය දේවල් හොයාගන්නවත් බැරි තැනට පත්වෙලා තියෙනවා. වාහන ගෙන්වීම නතර කිරීමත් එක්ක වාහන අමතර කොටස්වල ප්‍රශ්න මතුවෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම රට වැසිය යුතු දවස්වල නොවසා තියෙනවා. ඒ වගේම රටේ ජනතාවගේ වැරැද්ද නිසා ජනතාව දිගින් දිගටම කොරෝනා බෝකරගනිමින් ඉන්නවා. මේ සියල්ලමත් එක්ක අපි හිතුවා මේ වෙලාවේ ආණ්ඩුව ගැන හොයා බලන, ආණ්ඩුවට පිටින් ඉන්න විවිධ බලවේග මොකද කරන්නේ කියලා හොයලා බලන්න.

ඇත්තටම දෙදහස් පහළොවේ ආණ්ඩුව පත්වුණු වෙලේ සිට ආණ්ඩුවේ වැරැදි හොයමින්, ආණ්ඩුවේ අඩුපාඩු හොයමින් ඒ ආණ්ඩුවට යම් ආකාරයකින් නිවැරැදි දේශපාලන පැවැත්මක් සිදුකරන්න උදව් කරපු භික්ෂුන්වහන්සේලා විශාල පිරිසක් ලංකාවේ හිටියා. ඒ වගේම විවිධ කල්ලි, කණ්ඩායම් හිටියා. නමුත් මේ ආණ්ඩුවට නිවැරැදි මඟ කියන්න කවුරුවත් නෑ වගේ ගතියක් අපිට පේන්න තියෙනවා. එක වෙලාවකට කොරෝනා මර්දනය කරන්න ගිහිල්ලා මුට්ටි ගඟට දානවා, ඒ මුට්ටි දැම්මට පස්සේ ගඟ දෙගොඩින් ගලාගිහිල්ලා කිසිම ප්‍රයෝජනයක් නැති බව අද අපට තේරෙනවා. ඒ වගේම කෑගල්ලෙන් කවුදෝ මං දන්නෑ වෙදමහත්තයෙක්ව උස්සගෙන ඇවිල්ලා ආණ්ඩුව එහෙන් මෙහෙන් හුරේ දානවා, සෞඛ්‍ය ඇමැතිතුමිය රහ කරමින් කොරෝනා පැණිය බොනවා. මේ සියල්ලත් එක්ක ආණ්ඩුව දිගින් දිගටම අසමත් වෙනවා. මේ අසමත්වීමට ඇත්ත වශයෙන්ම කියනව නම් ආණ්ඩුවක් වැරැදි පාරක යනවා නම්, ආණ්ඩුවක් අසමත් වෙනවා නම්, ඒ අසමත්වීමට මැදිහත් වෙලා ආණ්ඩුව හරි පාරට ගන්න එක රටක තියෙන බලපෑම් කණ්ඩායම්වල වගකීමක්. හැබැයි එහෙම එකක් අපිට පේන්න නම් නෑ. අන්න ඒ නිසා අපි හිතුවා මේ වෙලාවේ ඒ ගැන මතක් කරන්න. මොකද රටක් විදිහට මේ යන විදියට ගියොත් ඉදිරි අනාගතයේදී අපි වැටෙන්නේ බරපතළ අර්බුදයකට.

මේ විදියට යහපාලන ආණ්ඩුව ඒ කාලේ නොමඟ යනවා දැක්කම අපේ රටේ භික්ෂුන්වහන්සේලා කීප නමක්ම ඉතා ඉක්මනින් මැදිහත් වුණා. උන්නාන්සෙලා ආණ්ඩුව බරපතළ විදියට විවේචනය කළා. සමහර වෙලාවට නිර්දය විදියට බැන්නා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ඉස්සර නම් මේ වගේ වෙලාවට කරන්නෙ ඉස්සරහට එන එක. සමහර වෙලාවට විවේචනයට ලක්වෙන තරමටම උන්වහන්සේගෙ මැදිහත් වීම සිදුවුණා. සමහර තැනක දී අධිකරණයට කඩාපැන්නා. මේ හාමුදුරුවෝ එක්ක ආව භික්ෂුන්වහන්සේලා පොලීසිය එක්ක ගැටුණා. එහෙම දේශපාලනයට එරෙහිව මැදිහත් වුණු මේ හාමුදුරුවරුන්ගේ හඬ දැන් ඇහෙන්නේ ඉඳහිට. ඒ ඇහෙන්නෙත් අර තරම් සවි ශක්තිය සහිත හඬකින් නෙමේ. විශාල සටන් පෙරමුණුවල උන්වහන්සේව දකින්න ලැබෙන්නේ නැති තරම්. පහුගිය දවසක පන්සලක ඇති වුණු කලබලයක් සන්සිඳුවන්න ගිය පිරිස අතර උන්වහන්සේව දැක්කත් අර වෙනදා වගේ ආණ්ඩුවට එරෙහිව දැඩි හඬනැඟීමක් නම් දකින්න ලැබෙන්නේම නෑ.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවොත් මේ විදියටම යහපාලන ආණ්ඩුව හරි මඟට ගන්න විශාල වශයෙන් වෙහෙසුණු භික්ෂුන්වහන්සේ නමක්. විවිධ අවස්ථාවල රූපාවහිනී නාලිකාවලින් ගුවන් විදුලි නාලිකාවලින් වගේම පුවත්පත්වලිනුත් උන්වහන්සේලා අදහස් උදහස් අහන්න දකින්න ලැබුණා. ඒත් අද වෙන කොට උන්වහන්සේව දකින්නම ලැබෙන්නෙ නැති තරම්. උන්වහන්සෙ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙ විෂය ගැටලු ගැන පහු ගිය දොහක කළ අදහස් දැක්වීම් මිසක වෙන එහෙම එකක් ගැන මේ පහුගිය කාලය ඇතුළත දැකගන්න ලැබුණෙම නෑ.

මාගල්කන්දේ සුදත්ත හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි කියන්නෙත් මේ විදියටම හඬ නඟපු භික්ෂුන් වහන්සේලා දෙනමක්. උන්වහන්සේලා ඕනෑම වෙලාවක වීදි සටන්වලට පවා එන්න මැලි වුණේ නෑ. නිතරම වගේ යම්කිසි අයුක්තිසහගත යැයි උන්වහන්සේලාගෙ මිනුමට අහුවුණු ක්‍රියාවකදි වහාම ක්‍රියාත්මක වෙලා ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පවා කටයුතු කරනවා. එහෙම කරලා නිකමට නොඉඳ කොටුවෙ දුම්රියපොළ අසබඩ ඉඳලා ඊට එරෙහිව හඬ නඟනවා.
මැඩිල්ලෙ පඤ්ඤාලෝක හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, බෙංගමුවේ නාලක හිමි, ඉත්තෑතෑපානේ ධම්මාලංකාර හිමි ඇතුළු බොහෝ හිමිවරු අද නිහඬයි.

මේ විදියට අපේ භික්ෂුන්වහන්සේලා හඬ නඟන්නේ නැති එක සම්බන්ධව සමහර අය නම් නොහොඹිනා කතා කියනවා. හැබැයි අපි විශ්වාස කරන්නෙ නෑ එහෙම දේවල් වෙලා ඇති කියලා. සාමාන්‍යයෙන් රටවල දේශපාලකයෝ මේ විදිහට භික්ෂුන්වහන්සේලා හඬ නඟන කොට උන්වහන්සේලාට පඬුරු පාක්කුඩම් යවනවා කියලා අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සමහර කතාවල තියෙනවා . ඒ දේශපාලන ඉතිහාසයේ කතා ගැනත් අපි දන්නේ නැති වුණාට එහෙම දේවල් තියෙනවාය කියන එක කියනවා විතරක් අපි අහලා තියෙනවා. එහෙම කරන්නේ හාමුදුරුවන්ට වාහනයක් යවනවා, පන්සල හදා ගන්න සල්ලි කීයක් හරි යවනවා, ඒ වගේම උන්වහන්සේලාගේ සුඛ විහරණය සඳහාත් මිල මුදලින්, යාන වාහනවලින් , ධන ධාන්‍යයෙන් ආධාර උපකාර කරනවා කියලයි මේ විදියට දේශපාලනය දන්න අය කියන්නේ. මේ වතාවෙත් එහෙම දෙයක් වෙලා අපේ භික්ෂුන්වහන්සේලා ටික කොහේ හෝ තැනක ඉඳන් නිහඬ වෙලා කියලා සමහරු කියනවා. ඒත් අපි නම් ඒක විශ්වාස කරන්නේ නැහැ.

මේ වෙලාවේ මේ සමාජ පරතරය තියාගෙන පාරට, එළියට බහින්නෙ නැතුව සෞඛ්‍යාරක්ෂිතව ඉන්න කියලා සෞඛ්‍ය අංශ නිතරම කියන නිසා සමහරවිට අපේ රටේ භික්ෂූන් වහන්සේලා ඇතුළු මේ බලපෑම් කණ්ඩායම් කිහිපයක්ම මේ වෙලාවේ නිහඬ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුව පත්වෙලා තියෙන බරපතළ ගැටලුවේදී තවදුරටත් කෑකෝ ගහලා කබලෙන් ළිපට දානවට වඩා මේ විදිහට පුළුවන් තරමට දාගෙන යන්න ඉඩ දෙන්න තීරණය කරලා තියෙනවද කියලත් අපි දන්නේ නෑ. හැබැයි කොහොම නමුත් එදා යහපාලන ආණ්ඩුව නොමග යනවා දැක්ක ගමන් යහපාලන ආණ්ඩුව හරි මඟට අරගෙන රට සුඛිත මුදිත කරන්න වෙහෙසුණ අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට විශාල රාජකාරියක් පැවරිලා තියෙනවා.මේ ආණ්ඩුවත් නොමඟ යන්න නොදී මේ වෙලාවේ වටින් ගොඩින් මතුවෙන දේශපාලන කුමන්ත්‍රණ, ආර්ථිකමය ගැටලු, සමහර කල්ලි කණ්ඩායම් කරන දරුණු නරක වැඩ සම්බන්ධව අපේ හාමුදුරුවනේ තව චුට්ටක් හොයලා බැලුවොත් නේද හොඳ…?

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජන්ද මැෂිම අවුල්!

Next Post

මෙයා ගැන දන්නවා නම් 0718591579ට කතා කරන්න

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.