• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ICU එකේ වැඩ කරන දොස්තර නෝනා කියන හද කකියවන මේ කතාව කියවලාම බලන්න

May 25, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ICU එකේ වැඩ කරන දොස්තර නෝනා කියන හද කකියවන මේ කතාව කියවලාම බලන්න

A medical worker in a protective suit treats a coronavirus patient in an intensive care unit at the Casalpalocco hospital in Rome March 24, 2020. (CNS photo/Guglielmo Mangiapane, Reuters) See COVID-19-HEALTH-RESPONSE March 25, 2020.

Share on WhatsAppShare on Facebook

ගෙදරටම වෙලා ඉන්න එක අමාරුයි, ඔව් ඇත්ත. එත් ඒක මේතරම් අමාරුද කියල පොඩ්ඩක් හිතල බලන්න.

මම වෛද්‍යවරියක් වෙලා තවම අවුරුද්දයි මාස හතයි. මේ වන විට මම කොවිඩ් දැඩිසත්කාර ඒකකයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් විදියට වැඩ කරන්නේ. පසුගිය අවුරුද්දක් පුරාම නොකා නොබී නිදිවැරූ සීමාවාසික කාලයේවත් මා මේ තරම් පීඩනයකින් හිටියේ නෑ කියල මට දිවුරලා කියන්න පුළුවන්.

අපි හැම දවසකම රාජකාරිය සඳහා පිටත්වෙලා යන්නේ පුදුමාකාර අවිනිශ්චිත හැඟීමකින්.

මම විස්තර කරන්නම්.

කොටස් දෙකකින් සමන්විත දැඩිසත්කාරයේ අසාධ්‍යම රෝගීන් සිටින ඇඳවල් කිහිපයයි තියෙන්නෙ. ඒත් එක්කම යම් තරමකට සුව වුණාම ඒත් ඔක්සිජන් ඕනෙ රෝගීන්ට වෙන් කරපු ඇඳන් තියෙනවා. ගොඩාක් අමාරු නැති ලෙඩ්ඩුන්ට නම් වාට්ටුවක් තියෙනවා. එකේ එකසිය ගානක් ඉන්නවා. මම දැඩිසත්කාරේ වැඩකරන නිසා වාට්ටුව ගැන නම් වැඩි දුර දන්නේ නෑ.

දිනපතා දැඩි සත්කාරය ඇතුළට වෛද්‍යවරුන්, හෙදිය සහ සෙසු කාර්යමණ්ඩලය යන්න ඕනා. විශ්වාස කරන්න එහෙම යන්න කලින් ඇඳගන්න ඕනෙ ඇඳුම් කට්ටලයට ඇඳුම් 4ක්, හිස්වැසුම් දෙකක්, ග්ලවුස් පහක්, ගොගල්ස් කට්ටලයක්, මුහුණු ආවරණයක්, මේස් යුගලක්, බුට්ස් දෙකක් සහ මාස්ක් දෙකක් තියෙනවා. එච්චරයිද? අනේ නෑ. අර දාන මාස්ක් දෙක මුණට අලවල ප්ලාස්ටර් ගහනවා. ආයේ හුස්ම පොදක් යන්න ඉඩක් නෑ. ඉතින් ඔය ඇඳුම් ඇඳන් දැඩි සත්කාරේ ඇතුළේ අඩුම තරමේ පැය තුනක් නම් ඉන්නම වෙනවා. හුස්ම ගන්න අමාරු එක එක්ක ඇස් දෙකට දාන් ඉන්න ගොගල්ස්වල මිදුමත් බැඳුනම අපි එකේ ඇතුළේ ඇවිදින්නේ අන්ධයෝ වගේ. විසි වෙනවා හැප්පෙනවා. ග්ලවුස් පහක් දාල තියෙද්දී අල්ලලා ලේ නහර හොයාගන්න එක! එක අතිශය පළපුරුදු ඩොක්ටර් කෙනෙක්ට නර්ස් කෙනෙක්ට වුණත් හරිම අමාරුයි. මිස්ලා යෝගට් කවන්න කට හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. සේරමත් හරි ඇතුළට යන යන පාරට නාන්න වෙන එක… රෑ එකට දෙකට දවසට තුන් හතර පාරක්…

හ්ම්ම්… අපේ අමාරුව පැත්තකින් තියමුකෝ. ඒක අපේ රස්සාවනේ… අපි දොස්තරලා වුණේ ලෙඩ්ඩු වෙනුවෙන්නේ…
එත් ඒ ඇඳන්වල ඉන්න අහිංසක ලෙඩ්ඩු. අම්මෙක් තාත්තෙක් එක්කෝ කාගෙ හරි මහත්තයෙක් නෝනෙක්… ඒ මිනිසුන්ට ඔක්සිජන් දාලා තදම තද මාස්ක්, මරණ බයෙන් කොයි වෙලෙත් ඉන්න හැටි… ගෙදර මනුස්සයෙක් දකින්න නෑ. ආයේ ගෙදර යන්න වෙයිද දන්නේ නෑ. කෑම ටිකක් කන්න වතුර ටිකක් බොන්න හුස්ම අල්ලගන්න බෑ. වැසිකිළියට යන්න බෑ. මුත්‍රා බට ගහලා. අතට කටු ගහලා.

අපි ළඟට යන යන වාරේ අනේ ඩොක්ටර මට හොඳවෙයිද? මට ආයේ මගේ ළමයි දකින්න බැරිවෙයිද? අහනවා.
“තාත්තේ” කියන වචනෙටත් අඬනවා.

ගෙවල්වල මිනිස්සු ඉන්න ගින්දර. දවසට අයි.සී.යූ. එකට කෝල් පනහක් විතර එනවා විස්තර අහල. අපි වෙලාව තියෙන විදියට පුළුවන් හැටියට උත්තර දෙනවා. කොහොම හරි දරාගෙන ඉවසගෙන ඉදලා ෂිෆ්ට් එක ඕෆ් වෙලා ගෙදර ආවට අර මිනිස්සු ගැන හිතන එක නවත්තගන්න බෑ. රෑට හිනෙනුත් පේනවා.

ඒ කරලා පහුවදා යද්දී ඇඳක් හිස්වෙලා තියෙනවා දැක්කම. ඒ ජිවිතෙත් එක්ක තරග කරලා පැරදිලා තියෙන්නේ කලින් දවසේ වතුර පොවපු තාත්තා කියලා දැක්කම ඒ දැනෙන වේදනාවට වචන මම දන්නේ නෑ. ඉතින් පොඩි කාලේ ඉඳන් දරුවෝ හදපු වඩපු ඒ තාත්තාව ආයේ ඒ දරුවන්ට බිරිදට ඇස් දෙකට දකින්න එකම අවස්ථාවක්වත් නෑ කියලා හිතෙද්දි පපුව පිච්චිලා යනවා.

ළමා රෝග වාට්ටුවේ සහ නාරි හා ප්‍රසව වාට්ටුවේ මීට කලින් වැඩකරපු මම, ලෙඩ්ඩු මැරෙනවා දැකල තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.

ඉතින් මම ගෙදර ඇවිත් මගේ මහත්තයාගේ ඔඩොක්කුවේ ඔළුව තියන් ඉකි ගගහ අඬනවා. කොටින්ම කියනව නම් මනුස්සයෙක් මැරුණ දවසට මට වාහනේ එළවන්න තරම්වත් හැකියාවක් නෑ. මහත්තයා මාව එක්කන් යන්න එනවා.
ඊටත් පස්සේ මම මේ වෛරස් ගොඩක ඉඳන් යන්නේ දියවැඩියාව තියෙන මහත්තයගේ අම්මා අප්පච්චි ඉන්න ගෙදරට නේද? නංගිගේ බබාට මාස නමයයි නේද? මට නම් බෙහෙත් හරි විදලා. මගේ මහත්තය උපන්තේකට ඉස්පිරිතාලෙක ඉඳල නෑ නේද? මට කල්පනා කරලම ඔළුවේ කැක්කුම හැදෙනවා.

ඒ ඔක්කොම වේදනා අස්සේ දැඩිසත්කාරෙන් ලෙඩෙක් සුවවෙලා “යන්නම් ඩොක්ටර්” කියලා හිනාවෙද්දී…
මාස දෙකකින් බලන්න ගමේ නොගිය, මන් නොයන තාක්කල් හොඳින් ඉඳීවි කියල මට හිතෙන, ගෙදරටම වෙලා තනියෙන් ඉන්න, මාව දොස්තර කෙනෙක් කරන්න නොවිඳිනා දුක් විඳපු මගේ අහිංසක අම්මාට මගේ පින් සේරම මම අනුමෝදන් කරනවා… තාත්තා කොහේ හරි ඉඳන් එයාගේ චූටි කෙල්ලගේ වීරකම් බලාගෙන ඇති. මට එහෙම හිතෙනවා.

ඉතින් ගෙදරටම වෙලා ඉන්න එක අමාරුයි තමයි. එත් ඔයා එළියට බහින ගමන දැඩි සත්කාරයෙන් කෙළවර වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔයා වෙනුවෙන්, ඔයාගේ ගෙදර අය වෙනුවෙන්, අපි වෙනුවෙන්, අපේ ගෙදර අය වෙනුවෙන්…!

දැඩි සත්කාර ඒකකයක රැකියාවේ නියුතු වෛද්‍යවරියක අපට එවූ ලිපියකි. හදිසියේ රෝහල් කාර්යමණ්ඩලවලට පැනවූ නීතිය නිසා අප මෙය මෙසේ නම් ගම් රහිතව පළකරමු. ඒ, කෝටි දෙකක් වූ ශ්‍රී ලාංකිකයන්ට තමන් කොයි තරම් අනාරක්ෂිතදැයි දැනගැනීමට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට උත්තමාචාරයක් වශයෙනි.

SendShareShare
Previous Post

මෙච්චර එපා කියද්දීත් කොරෝනා නීති කඩා ප්ලේන් එකක වෙඩින් එක අරන්! (VIDEO)

Next Post

ණය ගෙවාගන්න බෑ: චීනය පාකිස්තානය අතරමං කරයි: දුම්රිය ව්‍යාපෘතිය නවත්වයි

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.