• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ණය ගෙවාගන්න බෑ: චීනය පාකිස්තානය අතරමං කරයි: දුම්රිය ව්‍යාපෘතිය නවත්වයි

May 25, 2021
in News, Politics
Reading Time: 5 mins read
A A
ණය ගෙවාගන්න බෑ: චීනය පාකිස්තානය අතරමං කරයි: දුම්රිය ව්‍යාපෘතිය නවත්වයි
Share on WhatsAppShare on Facebook

චීන ණය ප්‍රතිපාදන මත පාකිස්ථානයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේදී දෙරට අතර අවසාන තීරණයටද පැමිණ තිබිණි.

ඒ සඳහා චීනයෙන් සැපයෙන “සංවර්ධන”ණය මුදල ඩොලර් බිලියන නවයක් හෙවත් කෝටි නමසියයකි. එහෙත් පසුව එම ණය මුදල ඩොලර් බිලියන 6.8 දක්වා අඩුකර තිබිණි. ඉන් අනතුරුව ණය මුදල ඩොලර් බිලියන 1.5කින් වැඩිකිරීමටද පාකිස්තානය සිය කැමැත්ත දී තිබේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බවට පාකිස්තානයේ ආර්ථික උපදේශක කමිටුවද පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී අනුමත කර තිබුණි. වැඩ ආරම්භ කිරීමට ඉතුරුවී තිබුණේ දෙපාර්ශ්වය අතර ගිවිසුමට එළැඹීම පමණි.

එහෙත් මේ අතර ව්‍යාපෘතිය නොකර අත්හැර දැමීමට චීනය හදිසියේම තීරණය කර ඇතැයි පසුගියදා නිල වශයෙන්ම පාකිස්තානයට ප්‍රකාශ කර තිබේ. ඊට හේතුව පාකිස්තායේ දිනෙන් දින ඉහළ යන ජාතික රාජ්‍ය ණය ප්‍රමාණය බවද දන්වා ඇතැයි පාකිස්තාන රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කෙළේය.

රටේ ණය ප්‍රමාණය සම්බන්ධයෙන් යථාර්ථය පැහැදිලි කරමින් ව්‍යාපෘති ණය අත්හිටුවීමට හේතුවක් නැතැයි මේ සම්බන්ධව පාකිස්තානය දන්වා ඇති බව එරට (පාකිස්තානයේ) සැලසුම් කොමිසමේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ජෙහාන්සෙබ් ඛාන් එක්ස්ප්‍රස් ටි්‍රබියුන් පුවත්පත විමසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ව්‍යාපෘතියේ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිද සැලකිල්ලට ගෙන “චීන මූල්‍යමය උපදේශක කමිටුව” පසුගිය මාර්තු මාසයේ මේ සම්බන්ධව ඉතා දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් අනුරුව තම අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ද පැවසේ.

ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රටවල් විස්සක එකතුවෙන් සැදුණු කණ්ඩායමකින් ගැනුණු තීරණද අධ්‍යයනය කිරීමෙන් අනතුරුව චීන මූල්‍යමය උපදේශක කමිටුව පසුගිය මාර්තු 30 වැනි දින පාකිස්ථානයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ මේසා තීරණයක් ගත් බව බෙයිජිං ආරංචි කියයි.

පාකිස්තානයේ දළදේශීය නිෂ්පාදනයෙන් 87.2%ක්ම රාජ්‍ය ණය ගෙවීමට යෙදවෙන බව කියන චීනය, මේ වන විට පකිස්ථානය ලබාගෙන ඇති ණයවලින් ඩොලර් බිලියන 3.5%ක් හෙවත් කෝටි 350ක් සම්බන්ධයෙන් පසුගිය 2020 ජූලි මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා ණය සහන කාලයක් ලබාගෙන ඇතැයි ද කියයි.

චීනය මේ කරුණු ඉදිරිපත් කරන්නේ පාකිස්තානයට ඇති ණය ගෙවීමේ නොහැකියාව ඉස්මතු කිරීමට බව ද පෙන්වා දෙයි.
මොනවා වුවත් චීනය පැනවූ ණය තහනම ඉවත් කරවාගැනීමට තම රට උනන්දු වන බව පාකිස්තානයේ “ආර්ථික උපදේශක කමිටු” සාමාජිකයෙක් එක්ස්ප්‍රස් ටි්‍රබියුන් පුවත්පතට ප්‍රකාශ කෙළේය.

රටවලට ණය ප්‍රතිපාදන පිරිනැමීමේදී “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල” මාර්ගෝපදේශන දක්වා ඇති බව සැබෑවක් වුවත් තම රටේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියට ණය පහසුකම් සැලසීම වෙනුවෙන් “තහංචි”පනවා නැතැයිද, රටේ යහපත් ණය පාලනයක ඇති කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පිළිගෙන ඇතැයිද, ණය ගෙවීමේ හැකියාව තම රටට ඇතැයිද පාකිස්තානය පෙන්වා දෙයි.

“මේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක ආයතනයට මූල්‍යමය ප්‍රගතියක් අත්වනවා පමණක් නොව සමස්තයක් වශයෙන් පාකිස්ථානි ප්‍රජාවට විවිධ ප්‍රතිලාභ රැසක් භුක්ති විඳින්නට වරප්‍රසාද ලැබෙනවා යැයි”ද ආර්ථික උපදේශක කමිටු” සාමාජිකයා පෙන්වා දුන්නේය.

පෙෂාවර් සිට කරච්චිය දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් එක්දහස් අටසිය හැත්තෑ දෙකකි. එරටට ඓතිහාසික සිද්ධියක් වන ඉදිකිරීමේ කර්මාන්තය දස වසරකින් නිමකර ගැනීමටද අපේක්‍ෂිතය.

එහෙත් පාකිස්තානය ආර්ථික වශයෙන් ජරාජීර්ණ තත්ත්වයකට පත්ව ඇති බව කියන චීනය ව්‍යාපෘතිය සඳහා දෙන ණය මුදල තම රටට තවත් බරක් වියහැකි බවද පෙන්වා දෙයි.

මාර්ගය ඉදිකිරීම සඳහා වන දෙරට අතර “කඹ ඇදිල්ලට” වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් අවසාන නිගමනයකට එන බවක් නම් පෙනෙනන්නට නැත. චීනයෙන් සැපයෙන ණය මුදල (බිලියන නවය) ව්‍යාපෘතිය සඳහා වන සමස්ත පිරිවැයෙන් 85%ක් පමණි. ඒ බව කියන පාකිස්තානු රජය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගම චීනෙන් ඉල්ලා සිටින ණය මුදල සඳහා ඇප විය හැකි බවද කියයි.

පාකිස්තානයේ භාවිත මුදල් සහ ණය පහසුකම් සැපයෙන ඩොලර් අතර පවත්නා වෙනස සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අන්දම ගැනද ගිවිසුමේ කොන්දේසි කවරේද යන්න ගැනද දෙරටම මෙතෙක් එකඟත්වයකටද එළඹ නැත.

එසේම මේ “සංවර්ධන ණයක්ද? වාණිජ ණයක් ද?” යන්න ගැන මෙන්ම ණය ආපසු ගෙවන කාල පරාසය ගැනද තීන්දුවක්ද නැත.

”පස් අවුරුදු සහන කාලයක් සහිතව වසර පහළොවක් විස්සක් අතර කාලයක් උචිත බව චීන කොන්දේසියයි. එහෙත් පාකිස්තානයේ යෝජනාව දස අවුරුදු සහන කාලයක් සමග විසිපස් අවුරුදු කාල පරිච්ඡේදයකි. චීනයේ පාකිස්තානු තානාපති නොං රොං පසුගිය සිකුරාදා පාකිස්ථානයේ සැලසුම් අමාත්‍ය “අසාඩ් උමාර්”හමුවී දෙරට අතර පවත්නා සම්බන්ධතා ගැන සාකච්ඡාවක්ද පවත්වා තිබේ. එහිදී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගැනද සාකච්ඡා කෙරුණු බවක් සාකච්ඡාව සම්බන්ධයෙන් පාකිස්තානු සැලසුම් අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති නිවේදනයේ ද සඳහනකර තිබේ.

එහෙත් දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කවරේදැයි යන්න ගැන සඳහනක් එම නිවේදනයේ දක්වා නැති අතරම ඉදියේදී මේ අන්දමේ සාකච්ඡාවක් පැවැත්වෙන දිනයක්ද නියම කෙරී නැත.

පාකිස්තානය පසුගිය වර්ෂයේ ඔක්තා්බරයේ සිටම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගැන දෙරට අතර ද්විපාක්‍ෂික සාකච්ඡාවක් කිරීමට ඇඟිලි ගනිමින් සිටියේය.

චීන තානාපති නොං රොං පසුගියදා හමුවුවත් දුම්රිය ව්‍යාපෘතිය ගැන යහපත් ප්‍රතිචාරයක් එහිදී ලැබුණේ නැත. එපමණක් නොව ඉදිරි සාකච්ඡාවක් ගැන දින නියමයක් ද නොවිණි. ඇමැති අසාඩ් උමාර් තානාපති නොං රොං හමුවූ අවස්ථාවේදී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධව යහපත් තීරණයක් ලැබේතැයි යන දැඩි අපේක්‍ෂාවෙන් සිටියත් ඔහු අපේක්‍ෂා භංගත්වයට පත්වූවේය. චීන ආරංචි මාර්ග පවසන්නේ චීනය පාකිස්තානයට ණය දීමට කැමැත්තක් නැති බවයි.

දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කර්මාන්තය සංවර්ධන ණය යටතේ ඉදිකිරීමේ තීන්දුව පැත්තකට දමා ප්‍රසිද්ධ මිල ගණන් කැඳවීම යටතේ වාණිජ මට්ටමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට දෙපැත්තම සූදානම් බවද දැනගන්නට ඇත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ICU එකේ වැඩ කරන දොස්තර නෝනා කියන හද කකියවන මේ කතාව කියවලාම බලන්න

Next Post

නලින් බණ්ඩාරටත් කොරෝනා!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.