කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 546 දෙනෙක් වාර්තා වීඹත් සමග ඊයේ (06) දින වාර්තා වූ සමස්ත සමස්ත ආසාදිත සංඛ්‍යාව 1851 කි.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,19,380 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඊයේ (06) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 745කි.










