රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම මුල්කරගෙන අද දින පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.
මෙහිදී සරත් ෆොන්සේකා මහතා තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එවක පැවැති ආණ්ඩුව කටයුතු කළ ආකාරයත්, එවක කතානායකවරයා ඊට සම්බන්ධ වූ ආකාරයත් පිළිබද පැහැදිලි කරද්දී එවක කතානායකවරයා වූ චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් ඉතා උණුසුම්කාරී තත්ත්වයක් පාර්ලිමේන්තුවේ මතුවිය.
මෙහිදී තමුසේ-බූරුවා යන වචනද හුවමාරු වූ අතර චමල් හා ෆොන්සේකා ගුටි ඇන ගැනීම සදහා අභියෝග කරන ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේවෙතත් උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් සභාව විනාඩි 5කට කල් තැබීමට කඋණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් සභාව විනාඩි 5කට කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.










