අලුත් අවුරුදු කාලසීමාවේදී බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන්ට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව යුද හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
කෙසේවෙතත් අලුත් අවුරුදු සමයේ රට වසාදැමීමේ තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.
රෝගය රට පුරා පැතිර යාමේ අවදානම අඩු කර ගැනීමේ පියවරක් ලෙස මෙම පියවර ගත් බවද හමුදාපතිවරයා සදහන් කරයි.









