ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී (HEAD OF FLIGHT OPERATIONS) ප්‍රවීන් වෙත්තමුණි හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු (CHIEF PILOT) චමින්ද ඩි සොයිසා එම තනතුරුවලින් ඉවත් කර තිබේ.
පුහුණු ගුවන් නියමුවන් ගුවන් යානාවල වැරදි ආකාරයෙන් රැගෙන යාමේ සිද්ධියක් මීට මුල්වී තිබේ.
අදාළ තනතුරුවලින් ඉවත් කළද ඔවුන් තවදුරටත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන් ලෙස කටයුතු කරනු ලබයි.
නිසි ක්‍රමවේද යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණුවන ගුවන් නියමුවන් පුහුණු නොකිරීම හා ඔවුන් ගුවන් යානාවල රැගෙන යාම මගින් ආරක්‍ෂිත ගැටලු නිර්මාණය වීම හේතුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත පසුගිය දිනවල ලිඛිතව විරෝධය පළකරන ලදී.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී (HEAD OF FLIGHT OPERATIONS) හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු (CHIEF PILOT) තනතුරුවල වැඩ බැලීම සඳහා ප්‍රවීණ ගුවන් නියමුවෙකු වන කමල් ගුණවර්ධන පත් කර තිබේ.
මේ අතර එම තනතුරුවලට නව පුද්ගලයන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.










