අවුරුදු උත්සව අධීක්ෂණය කිරීමේ වගකීම තමන්ට භාරගත නොහැකි බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙන අවුරුදු මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කිරීමට මේ වන විටත් බොහෝ පීරිසක් අකැමැත්ත පළ කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
එම මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කරන්නේ නම් අවුරුදු උත්සවය පැවැත්විය යුතු තරග මොනවාද යන්න සංවිධායකයන් තම සංගමයෙන් ප්‍රශ්න කරන බව ද හෙතෙම සඳහන් කරයි.
කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කර තිබෙන මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු නොකරන අවුරුදු උත්සව සංවිධායකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තමන්ට ප්‍රමාණවත් පිරිස් බලයක් නැති බවද සංගමය අවධාරණය කරයි.










