මෙරට ඩිජිටල් සහ සමාජ මාධ්‍ය අලෙවිකරණ අංශයේ ප්‍රමුඛතම බැංකුව වන සෙලාන් බැංකුව, පසුගියදා නිමාවට පත්වූ SLIM DIGIS 2020 සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගැනීමට සමත්විය. ‘දෙකෙන් දුන්නේ’, නමින් සෙලාන් බැංකුවේ පුද්ගලික ණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ ඩිජිටල් සන්නිවේදන වැඩසටහන වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය. මෙරට වාණිජ බැංකුවකට හිමි වැඩිම සමාජ මාධ්‍ය ග්‍රාහක පිරිස සෙලාන් බැංකුව සතු වන අතර, Social Bakers© දත්තවලට අනුව 2020 මාර්තු-ජුනි සහ අගෝස්තු-දෙසැම්බර් කාලය තුළ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වූ මූල්‍ය සමාජ මාධ්‍ය පිටුවට හිමිකම් කීවේද සෙලාන් බැංකුව වීම කැපීපෙනේ.
‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ ලෙස ජනතා ආදරය දිනා සිටින සෙලාන් බැංකුව, නවීන පාරිභෝගික අවශ්‍යතා කල්තබා හඳුනාගනිමින් තම ඩිජිටල් ක්‍රියාකාරකම් ආරම්භ කළේ බොහෝ කලකට ඉහතදීය. ඩිජිටල් අවකාශය තුළ මූල්‍ය සන්නාමයක් වශයෙන් මේ වන විට ෆෙස්බුක්හි පමණක් 650,000කට වැඩි පරිශීලකයින් ප්‍රමාණයක් තම පිටුවට ආකර්ෂණය කරගැනීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ. “The Financial Brand” වෙබ් අඩවියට අනුව සෙලාන් බැංකුවේ ෆෙස්බුක් පිටුවට, ලොව මූල්‍ය සන්නාමවලට අයත් සමාජ මාධ්‍ය පිටු අතර 87 වැනි ස්ථානය හිමිව තිබෙන අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගමකට අයත් වැඩිම උපයෝගීතාවක් සහිත සමාජ මාධ්‍ය පිටුවද එය වේ.











