• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පස්වතාවක් පිරිමින්ගෙ බලය පැරදූ කාන්තාවන්

March 11, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
පස්වතාවක් පිරිමින්ගෙ බලය පැරදූ කාන්තාවන්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය රාජ්‍ය නාමාවලියේ වැඩි වශයෙන් රාජ්‍යත්වය දරා ඇත්තේ රජවරුන්ය. එම කාලය තුළ රජකම් කළ රැජිනියන් බිහිවී ඇත්තේ පස්දෙනෙකු පමණී.

(1) කල්‍යාණවතී රැජින
(ක්‍රි.ව. 1202- 1208)
(2) අනුලා රැජින (ක්‍රි.පූර්ව 48-43)
(3) දෝන කතිරිනා රැජින
(4) සීවලී රැජින (ක්‍රි. ව.32- 33)
(5) ලීලාවතී රැජින

1) කල්‍යාණවතී රැජින.
චූලවංශයේ සඳහන් වන පරිදි කල්‍යාණවතී දේවිය නිශ්ශංකමල්ල රජුගේ අග මෙහෙසියයි. කල්‍යාණවතී දේවිය රාජ්‍යත්වය හිමිකර ගත්තේ සහස්සමල්ල රජුගෙන් පසුවය. මහාවංශයට අනුව ඇයගේ රාජ්‍ය කාලය වසර 6කි. එහෙත් ඇයගේ පාලන සමයේ ලියවුණු සෙල්ලිපිවලට අනුව පාලන කාලය වසර 8කි.

2) අනුලා රැජින.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු රැජින ලෙස අනුලා දේවිය අභිෂේක ලැබීය.
ඇය චෝරනාග රජුගේ බිසවය. චෝරනාග රජුට වස දී මරණයට පත් කර අනුරාධපුර රාජධානියේ රාජ්‍ය බලය අත්පත් කර ගනී. චෝරනාග රජුට පෙර රජවී සිටි මහාචූලමහාතිස්ස රජුගේ දෙවැනි පුතා වූ කූටකණ්ණතිස්ස කුමාරයාට රාජ්‍යත්වය ලැබීමට උරැමය තිබුණද ඔහු අනුලා රැජිනගෙන් දිවි ගලවා ගැනීම සඳහා පැවිදි විය.
වංශකතාවල සඳහන් පරිදි පුද්ගලයන් 32දෙනෙකුට අගමෙහෙසිය වී රාජ්‍ය පාලනය කළ බව කියවේ. අවසානයේ මාස හතරක පමණ කාලයක් අනුලා රැජින ස්වාධීනව රාජ්‍ය පාලනය කර ඇත. ඉන් අනතුරුව කූටකණ්ණතිස්ස කුමාරයා අනුලා දේවිය මරා දමා සිහසුන ලබාගෙන ඇත.

3)දෝන කතිරිනා රැජින
මෙරට ඉතිහාසයේ අවසාන රැජින ලෙස සැලකෙන්නේ දෝන කතිරිනාය. මහනුවර රාජධානියේ විසූ කරලියද්දේ බණ්ඩාරගේ දියණියවූ කුසුමාසන දේවිය පෘතුගීසීන් විසින් හදා වඩා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තම කුසුමාසන දේවි නාමය වෙනුවට කිතු දහම වැලඳගෙන දෝන කතිරිනා නම් වූවාය. තම පියාගෙන් පසු පෘතුගීසීන්ගේ ආධාර ඇතිව රාජ්‍යත්වයට පත් වුවද ඉතා සුළු කලකින් සීතාවක පළමුවැනි රාජසිංහ රජු දෝන කතිරිනා දේවියගෙන් රාජ්‍ය පැහැර ගනු ලැබීය.

4)සීවලී රැජින
අනුරාධපුර රාජධානියේ චූලාභය රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වන්නේ සීවලී රැජිනයි. ආමන් ගාමිණී රජුගේ දියණියවූ ඇය කණ්ණීරජාණෝ රජුගේ සොහොයුරියයි. දීපවංශයේ ඇය රේවතී නමින් හඳුන්වා ඇත. මාස හතරක පමණ කාලයක් රාජ්‍ය පාලනය කර ඇත. පසුව ඉලනාග රජු සීවලී රැජින නෙරපා දමා රාජ්‍ය බලය හිමි කර ගනී.

5) ලීලාවතී රැජින
ලීලාවතී රැජින පොළොන්නරුවේ රජකල ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ අගමෙහෙසියයි. පොළොන්නරු රාජධානිය තුළ ඇය තෙවරක්ම රාජ්‍යත්වයට පත් වී තිබේ. දාඨාවංශයේ සඳහන් වන පරිදි පාණ්ඩ්‍ය වංශයෙන් පැවත එන ඇයගේ පියා වූයේ සිරිවල්ලභ නමැති පාණ්ඩ්‍ය කුමාරයෙකි.
මහා පරාක්‍රමබාහු රජුගෙන් පසුව කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර ඇති වූ අර්බුද නිසා දේශපාලනය අස්ථාවර වේ. ක්‍රි.ව. 1197 දී කිත්ති නමැති සෙනවියාගේ සහාය ඇතිව අභිෂේක වූවාය. වසර තුනක පමණ කාලයක් සාමකාමීව රට පාලනය කළ අතර ක්‍රි.ව. 1200දී සහස්සමල්ල නමැති කාලිංග වංශික කුමාරයෙක් ඇය නෙරපීය. ක්‍රි.ව. 1209 දී විත්තන්ථවමුනක්ඛ සෙනෙවියාගේ සහාය ඇතිව දෙවන වරටත් ලීලාවතී රැජින බලයට පත්වේ. ක්‍රි.ව.1210දී ලෝකේෂ්වර නමැති කාලිංග වංශික කුමාරයෙක් ලීලාවතී රැජිනගෙන් නැවත වරක් රාජ්‍ය පැහැර ගත්තේය. ඉන් පසුව ක්‍රි.ව.1211 දී ඇය තෙවන වරටත් බලයට පත්වන්නේ පරාක්‍රම නමැති සෙනෙවියාගේ උපකාර ඇතිවය. එහෙත් එසේ බලයට පත්ව මාස 7ක් ඉක්ම ගිය තැන ඉන්දියාවේ සිට පැමිණි පරාක්‍රම නමැති පාණ්ඩ්‍ය කුමාරයෙක් ලීලාවතී රැජින රාජ්‍යත්වයෙන් නෙරපා දැමීය.

දමන සමූහ කේ.ඒ.මෛත්‍රීපාල

SendShareShare
Previous Post

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් 2021 හිදී ලොකු ඉලක්කයක් කරා

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ පර්යේෂණ විද්‍යාගාර සංකීර්ණය විවෘත කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.