කොළඹ පෞද්ගලික රෝහලක සිට කළුතර ප්‍රදේශයේ සංචාරක හෝටල්වල නිරෝධායන වෙමින් සිටින සංචාරකයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පැමිණි සෞඛ්‍ය සේවකයින් පිරිසක් රැගත් සුඛෝපබෝගී බස් රථයක් වස්කඩුව, කොස්ගස් හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් එම බස් රථයේ රියැදුරා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
දකුණු කළුතර සිට මරදාන බලා ගමන් කළ දුම්රියක අද පෙරවරුවේ මෙම බස් රථය ගැටීමෙන් අනතුර සිදුව තිබේ.













