ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ අද (13) මීමුරේ ගමට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමේ ජනතාවගේ අවශ්‍යතා රැසක් සම්පූර්ණ කර දීමට සමත් විය.
මීමුරේ කයිකාවල කණිෂ්ඨ විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා SLTMOBITEL මගින් ලබාදෙන සුහුරු පන්ති කාමරය සිසු අයිතියට පත්කර එහි කටයුතු නිරීක්ෂණය කළේය.
අනතුරුව මීමුරේ උඩුදුම්බර මාර්ගය සඳහා ලංගම බස් රථයක් ලබාදීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මීමුරේ ප්‍රාථමික විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පැමිණ සිටි භික්ෂුන් වහන්සේ හා ජනතාව සමග සුහද පිළිසඳරක නිරතවිය.
එමෙන්ම මීමුරේ ගමට එන පාර සම්පූර්ණයෙන්ම කාපට් කර දීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා පාසල් ක්‍රීඩාපිටිය සහ නව ගොඩනැගිල්ල හමුදාවේ මැදිහත්වීමෙන් තනා දෙන බවද සදහන් කර සිටියේය.
“මම මීමුරේ ට එනවා කියලා කිව්වාම සමාජ ජාල මාධ්‍යවල දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඒක වැරැදියි. මේ ගම ලස්සන පෞරාණික ගමක්. ගම ලස්සන වගේම ගමේ ජනතාවත් ලස්සන වෙන්න ඕනේ. මම ගමට එන්නේ ගමේ මෙන්ම එහි ජනතාවගේ සංවර්ධනය උදෙසා ව්‍යාපෘති දියත් කිරීමටයි. සමාජ මාධ්‍ය ජාලාවල වැරදි ගෙනියනවා” යනුවෙද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.









