කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කෘතිම ස්වසන ආධාරක යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන නිවසට ගොස් ඇතැයි පළවන වාර්තා අසත්‍ය බවත්, එවැනි අසත්‍ය පුවත් පළ කරන්නන් හට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සදහන් කරමින් අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.
සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද සාවද්‍ය පුවත් පළ කරන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග.
කොවිඩ් වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇතැයි වෙබ් සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන ප්‍රචාර ජනතාව නොමඟ යැවීමේ අදහසින් සිදු කළ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර වේ.
සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එචි රෝහලේ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද ද්වේශසහගතව සහ ජනතාව නොමග යවන අයුරින් පුවත් පළ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත.
කොව්ඩි වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරිය සිය ජිවිත අවදානම ද නොතකා වෛරසය එරෙහිව සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට හා ඊට අදාල වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර, එලෙස රටේ ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට කැපවී කටයුතු කර අද වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබදව මෙලෙස අසත්‍ය පුවත් නිර්මාණය කරමින් පළ කිරීම ජනතාව විසින් ද කිසිසේත් අනුමත නොකරනු ලබයි.
විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්










